හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න ලොකු වෙඩින් එකක් ගන්නම ඕනෙද?

අද කාලේ යම් ප්‍රමාණයක වෙඩින් එකක් ගන්න අඩුම මිලියන 1.5ක් වත් අවශ්‍යයි. ඉතින් මේ මුදල කොහොම ද හොයා ගන්නේ. අද තරුණ තරුණියන් රැකියාවන් වලට යොමු වී අවු. 3-4 ත් කාලය තුල විවාහ ජීවිතයට එළඹෙන්න සූදානම් වීමේ ප්‍රවණතාවයක් දකිනවා. මේ කාලය තුල පවතින ආර්ථික රටාව තුල එතරම් මුදල් ප්‍රමාණයක් දෙපාර්ශවයටම එකතු කර ගත හැකි ද? ඒ එකතු කර ගත්තත් සියල්ලම විවාහ මංගල්‍ය උත්සවයටම පමණක් වියදම් කල යුතු ද? ඉන් පසු ජීවිතය පවත්වාගෙන යන්න මුදල් අවශ්‍ය වෙන්නේ නැත්ද? හරි නම් ඉතුරු කරගත් මුදල් තම ඉතුරුම් ගිණුම් වල යහමින් තිබිය යුත්තේ විවාහ වූ පසුවයි. නමුත් අද තරුණ තරුණියන් විවාහ මංගල්‍ය උත්සව රැල්ලට හසු වී තම ඉතිරි කරගත් මුදලුත් තවත් බැංකු වලින් ණයට අරගෙන ලොකු විවාහ මංගල්‍ය උත්සව ගැනීමට පෙළඹෙති.

මට මේ කාරනාව ලියන්න හිතුනේ මා හිතවත් ගුවන් විදුලි නිවේදකයකු වන ශෙනාල් වනසිංහ ඔහුගේ Facebook ගිණුමේ යාවත්කාලීන කරන ලද අදහසක් දැකීමෙන්

මේ ඔක්කොම ණය වෙලා කරගෙන, අන්තිමට පවුල් ජීවිතය ගත කරන්න ගෙයක් දොරක් හදා ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ. ඉතින් ජීවිතය විදින එක පැත්තකින් තියලා ගත්තු ණය ගෙවන්න රැයක් දවාලක් නැතුව වැඩ කරන්න වෙනවා. ජීවිතේ සතුට තියෙන්නේ මුදල් මත පමණක්ම නෙවෙයි. දෙදෙනාටම ඔවුන්ටම වෙන් වූ නිදහස් කාලයක් අවශ්‍යයි. ඒ දෙදෙනාගේ දුක සැප බෙදා ගන්නත් දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්නත්. අඩුම තරමේ දෙදෙනාගේ අනාගතය ගැන එකව හිතන්න නිදහස් කාලයක් අවශ්‍යයි. නමුත් ආරම්භයේදිම කරගන්නා මේ අනවශ්‍ය අධික වියදම නිසා ඒ සඳහා අවශ්‍ය නිදහස් කාලය තමන්ට නොදැනිම මගහැරී යනවා. මේ ගැන අපිට තව කතා කරන්න පුළුවන්. එන්න අපි කතා කරමු.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.