(VIDEO) ඉන්දියන් රතු කුරුල්ලෝ කොළඹ අහස දෙවනත් කරමින් පියෑඹු හැටි

පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලු මුවදොර දී පැවැත්විණි. එහිදී පැවැත්වූ ගුවන් සංදර්ශන සඳහා ඉන්දීය ගුවන් හමුදාව ද සහභාගී විය.

ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් ගුවන් බල ඝනය ද ඒ අතර විය. සූර්ය කිරාන් ගුවන් යාන ඛණ්ඩය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රෙඩ් ඇරෝස් නමැති රතු පැහැති ප්‍රහාරක යානා ඛණ්ඩය ගුරුකොට ගනිමින් 1996දී ඉන්දීය ගුවන් හමුදාවට එක්වූ රතු පැහැති ගුවන් යානා 9කින් සමන්විත ඛණ්ඩයකි. මෙහි දැනට ඉන්දියාවේ නිෂ්පාදිත HAL HJT 16 Kiran නමැති පුහුණු ප්‍රහාරක යානා 20කින් සහ නියමුවන් 11 දෙනෙකුගෙන් සමන්විතයි. ගුවන් යානා 9ක් එක්වරකදී සමාන්තරව පියාසර කරවීම ඔවුන්ගේ විශේෂත්වයයි.

කොළඹ ගාලු මුවදොර ඉහළ අහසේ දස්කම් පෑ සූර්යාගේ කිරණ යන නමින් හැඳින්වෙන ඉන්දීයාවේ නිෂ්පාදිත යානා වලින් සමන්විත ඉන්දීය රතු කුරුල්ලෝ ට්විටර් වෙත එක්කාර තිබූ වීඩියෝවක්

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.