UFO ශරීර යෝග්‍යතා පුහුණු ශාලිකාව කොළඔ කිංසි පාරේ විවෘත කෙරේ

UFO ශරීර යෝග්‍යතා පුහුණු ශාලිකාව කොළඔ කිංසි පාරේ විවෘත කෙරේ – සන්නාම තානාපති යශෝධා විමලධර්ම
මෙරට ශරීර යෝග්‍යතා පුහුණූව අවකාශය තවත් පුඵල් කරමින් කොළඹ නගරයේ ශරීර යෝග්‍යතා පුහුණුව පිණිස ඉහලම මට්ටමේ පහසුකම් සැලසීමේ අරමුණින් ශරීර යෝග්‍යතා පුහුණු ශාලිකාවක් කොළඔ කිංසිපාරේ අංක 75 දරණ ස්ථානයේ UFO personal training Studio නමින් විවෘත කොට ඇත.

ශරීර යෝග්‍යතා පුහුණූව පිණිස කැපවී සිටින සැමදෙනාටම අඩුවශයෙන් වසර අටක අත්දැකීම් සම්භාරයක් හිමි කණ්ඩායමක හිමාල් අලහකොන් ගේ සංකල්පයක් අනුව එය ආරම්භ කෙරිණ. මෙම කණ්ඩායමට නායකත්වය දෙන්නේ කොළඹ ප‍්‍රභූන් වෙනුවෙන් ශරීර යෝග්‍යතා පුහුණුවෙහි පුරෝගාමියෙකු ලෙස වසර 20 කට අධික අත්දැැකීම් සමුදායක් ලබා සිටින රග්වාන් රොෂාන්ය. සම්මානනීය නිළි යශෝධා විමිලධර්ම UFO සන්නාම තානාපති ලෙස හිමාල් අලහකොන් විසින් හඳුන්වාදී ඇත. තමා රග්වාන් මහතා සමග දීර්ග කාලයක් මුළුල්ලේ වැඩකර ඇති බව ඇය පවසයි. සියලූම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි මෙහි ශරීර යෝග්‍යතා පුහුණුකිරීම් පැවැත්වෙයි. ගර්භණී කාන්තාවන්ට දරු උපතට පෙර කාලය තුළදී පහසුව පිණිස පුහුණුකිරීම් , පාසල් සහ විද්‍යාලයීය ක‍්‍රීඩා සඳහා ක‍්‍රීඩා පුහුණුව සහ විශේෂිත අරමුණු සඳහා විශේෂයෙන් සැලසුම් කළ පුහණුකිරීම් මෙහි පැවැත්වෙයි. පුහුණුවීම් ලබන පිරිස්වලට ගැලපෙන පරිදි ඹත්‍ධ ශාලිකාව සකසා ඇති පුහුණු වැඩසටහන්වලදී සිරුරේ බර අඩුකිරීම, කායබලය ගොඩනැගීම ,ඉරියව් , සුනම්‍යතාව, ස්ථායිබව, සමතුලිතතාවය සහ සුවදායි ජීවනරටාවන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

අලහකෝන් මහතා මෙම UFO මැදිරිය ආරම්භ කළේ ඔහු අත්හදාබැලූ සෑම ව්‍යායාම් මධ්‍යස්ථානයක්ම පුහුණුව සඳහා පැමිණෙන පිරිස්වලින් පිරීපැවතීම නිසා පුහුණුකරුවෙකු සමග ගතකිරීමට පුද්ගලික කාලයක් නොමැතිබව අත්දුටු පසුවය. ඔහු පවසන්නේ ” UFO ශාලිකාව සේවාලාභියාට මෙන්ම පුහුණුකරුටද සුවපහසු නිසල පරිසරයකින් යුක්තය. එය මෙයින් උපරිම අයුරින් ඵලප‍්‍රයෝජන ලබා ගැනීමට ඇති එකම මාවතයි. එයට හේතුව ශරීර යෝග්‍යතා පුහුණුකරුවකු ලෙස වැඩකිරීම මගින් මට ගතවූ සිව්වසර තුළ විශාල වෙනසක් ඇතිවිය. මෙවන් නිසල ස්ථානවලදී පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් අතිරේක ඵලයක් ලැබෙන බවට හා ශරීරි යෝග්‍යතා අරමුණූු මනාව සපුරා ගනිමින් එකිනෙකාගේ සිරුරෙහි යෝග්‍යතාව උපරිමය දක්වා නංවා ගැනීමට හැකිවන බවට බොහෝ සේවාලාභීන් තුළ ඇති හැඟීම නිසා මෙවන් කුඩා ශාලිකා ලොවපුරා ව්‍යාප්තවෙමින් පනප‍්‍රිය වෙමින් තිබේ.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.