සැදැවතුන් සඳහා ඉන්දියාවේ සාංචි ස්තූපය විවෘත කර ඇත. ලොව පුරා පැතිරී යන CoVid-19 වෛරසය හේතුවෙන් ඒ ඒ රටවල් වල ආගමික සිද්ධස්ඨාන සහ සංචාරක ආකර්ෂනය ඇති ස්ථාන දින නියමයකින් තොරව වසා දැමීමට සිදු විය.
නමුත් නිරෝධායන නීති යටතේ ඉන්දියාවේ සාංචි ස්තූපය බැතිමතුන් සඳහා විවෘත කිරීමට එරට මධ්‍යම රජයේ ගරු සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ප්රාහ්ලද් සිං පටෙල් මහතා විසින් පියවර ගෙන ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බදාදා(17) දින සාංචි වෙහෙර සංකීර්ණයේ සිදු කල නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි. මෙම අවස්ථාවට සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමි සහ එම විහාරවාසි උඩුගම තපස්සි හිමි සහභාගී විය.
මෙම සාංචි ස්තූප පරීශ්‍රයට පැමිණීමේදී නිරෝධායන නීති පිළිපැදීම අනිවාර්ය වන අතර පිවිසුමේදී බැතිමතුන්ගේ ශරීර උෂ්ණත්වය ද පිරික්සනු ලැබේ.