35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

වයස අවු. 35 ට අඩු පුද්ගලයන්ට ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ තීරණය ගෙන එන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභහපති තුමා වන වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙ යෝජනාවක්ම ත පදනම්ව බව අරංචිමාර්ග පවසයි.

රටේ ත්‍රීවිල් මඟින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ යාම නිසා ඊට විසඳුමක් ලෙස මේ තීරණය ගෙන ඇති බවද සඳහන් කරයි.

අද පාරෙ ධාවනය කරන ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන්ගේ හැසිරීම් හා ක්‍රියා පටිපාටීය ගැන සිතූ විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තහනම ඊට ගැළපෙන විසඳුමක් කියල. නමුත් මෙය නිසා අසාධාරණයකට ලක් වෙන පාර්ශවයනුත් ඉන්න බව අපිට අමතක කල නොහැක.

මුලින්ම හිතුවොත් අද මහා මාර්ගයෙ ගමන් කරන කුලී ත්‍රී රෝද රථ ධාවකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තරුණ අය දකින්න ලැබෙන්නෙ ඇයි කියලා, ඊට ප්‍රධාන හේතුව තමයි උසස් අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම සහ වෙනත් වෘත්තීය නිපුනත්වයක් අධ්‍යනය කිරීමට ඇති මැලි කමයි. ඒ නිසා කීයක් හරි හොයාගන්න තියෙන ලේසීම දේ තමයි ත්‍රී රෝද රථයක් කුලියට දීවීම. මොලේ වෙහෙසීමට අනවශ්‍ය යැයි සිතන, ත්‍රී රෝද රථ ගාලේ අනෙකා සමඟ ඔපා දූප දොඩවමින් කාලය ගත කිරීම, හවසට සෙස්සන් සමඟ මදුවිතෙන් සප්පායම් වීම සහ තවත් කාරනා හේතු කොටගෙන මෙම රෑකියාවට තරුණයෝ යුහුසුළුව පෙළඹෙති.

අද වෘත්තීය පුහුණු ආයතවලට සහභාගීවන තරුණයන් ඉතාමත් අඩු ප්‍රතිශතයක් ගන්නා බව එම ආයතනවල වෘත්තීය පුහුණු ගුරුවරුන් පවසති. වර්ථමාන සමාජයේ වෘත්තීය නිපුණත්වයක ඇති වටිනාකම තරුණයන්ට නොවැටහීම කණගාටුවට කරුණකි. ඉදිරියේ දී නිසි වෘත්තීය නිපුනත්වයකින් හෙබි තරුණයන්ට විවෘත්ත වන රැකියා ඉල්ලුම සපුරාලන්න මෙරට තුල පුහුණු තරුණයින්ගේ විරලත්වයක් දකින්නට ලැබෙන බව මාගේ විශ්වාසයයි. එහි අඩුව අදද සුලභව දකින්න ලැබෙයි.

මේ තරුණ ත්‍රීරෝද රථ රියදුරන් අතර ඉතා දක්ෂ නිර්මාණශීලී අයද සිටිය හැක. ඒ බව, පාරේ යන ඇතැම් ත්‍රී රෝද රථවල පිටුපස දිස්වෙන වදන් වලින් මොනවට පසක් වෙයි. ඔවුන්ට ඔවුනගේ වටිනා කම නොතේරෙන්නේ මන්ද යන්න ගැටළුවකි.
කෙසේ වෙතත් මෙම නීතියෙන් අසාධාරණයට ලක්වන්නන් ගැන කතා නොකරම බැරි බව මතක් කල යුතුය. පවතින ආර්ථික තත්වය මත හැමෝටම සිය පවුලේ වාහනය ලෙස කාර් එකක් වෑන් එකක් ගැනීමට නොහැක. ඉන් ඉතුරුව ඇත්තේ ත්‍රී රෝද රථය පමණි එවැනි පුද්ගලයන් වයස අවු.35 පසු වනතෙක් ඉවසා සිටිය යුතුය. මේ ආර්ථික රටාවට මුහුණ දීමට නොහැකිව තම ප්‍රධාන රැකියාවෙන් එන ආදායමට අමතරව තවත් අමතර ආදායමක් උපයාගන්න උත්සාහ කරන කුලී ත්‍රීරෝද රථ පදවන දිරීය තරුණයන් හට විශාල බඩේ පහරක් මින් වදී.

මින් ඉතා බරපතල ලෙස අසාධාරණයට ලක් වන්නේ ව්‍යාපාරිකයන්ය. මෙහි බලපෑම ලොකු කුඩා බේදයකින් තොරව ඔවුනගේ ව්‍යාපාරික ස්ථානවල ප්‍රවාහන කටයුතු වලට බාධා එල්ල වෙයි. ඉදිරියේදී ඔවුනගේ ප්‍රවාහන කටයුතු සඳහා ත්‍රී රෝද රථ භාවිතා කරන්නේ නම් ඒ සඳහා වයස අවු.35 සම්පුර්ණ වූ ත්‍රී රෝද රථ බලපත්‍ර සහිත පුද්ගලයන් සෙවීම විශාල ගැටළුවක් වනු ඇත.

මේ කරුණු කාරනා හරිය තේරුම් ගෙන මෙම නීති සම්පාදනය කරන්නන් කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ත්‍රීරෝද රථ සමඟ පැන නගින ගැටළු රාශියකට පිළිතුරු සොයාගත හැක.

 

 

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.