Meritocracy: දක්ශතාවය සහ සර්ථකත්වය පදනම් වූ පාලන ක්‍රමය: සිංගප්පූරුව සහ චීනයෙන් උගත යුතු පාඩම්

Meritocracy, යනු රජ්‍යතන්ත්‍රයෙත් සිවිල් පරිපාලනයෙත් පුද්ගල දක්ශතාවය සහ සාර්ථකත්වය අනුව රටක දියුණුව සදහා තම මානව සම්පත යොදා ගැනීමයි. මෙම පාලන ක්‍රමයට රටක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැතිනම් ඒක පාක්ශික කොමියුනිස්ට්වාදී ද යන්න අදාල වන්නේ නැත. පහත උදාහරණ ලෙස ඒක පාක්ශික කොමියුනිස්ට් චීනයත් ප්‍රජාතාන්ත්‍රික සිංගප්පූරුවත් වෙන වෙනම ඇගැයීම තුලින් මෙය අපූරුවට වටහා ගත හැකිය.

මුලින්ම කිව යුතු කරුණ වන්නේ මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාව තවත් සිංගප්පූරුවක් හෝ චීනයක් වීමට නොසිත යුතු බවත් ශ්‍රී ලංකාව ගත හැකි සියලුම සාර්ථක මොඩලයන් අධ්‍යනය කල යුතු උනත් ශ්‍රී ලාංකික මොඩලය ශ්‍රී ලංකාවටම ආවේණික විය යුතු බවත්ය.

මහජන චීන කොමියුනිස්ට රාජ්‍යය ඒක පාක්ශික රාජ්‍යයකි. එහිදී බිලියන් 1.4 ක් වූ චීන වැසියන්ගේ පාලනය සිදු වන්නේ 2270 ක් වූ කොමියුනිස්ට් පක්ශයේ ප්‍රධාන මණ්ත්‍රන සභාව විසිනි. එම සභාවෙන් ඡන්දයෙන් රටේ පාලනය සදහා උත්තරීතර දේශපාලන මණ්ඩලයට 7 දෙනෙකුන් තෝරාගනු ලබයි. එම දේශපාලන මණ්ඩලය රටේ ගන්නා ප්‍රධාන තීරණ සියල්ලටම වගකියනු ලබන උත්තරීතර මණ්ඩලයයි. ලෝක මානව ඉතිහාසයේ වැඩිම ජනගහණයක් දුප්පත් කමින් මුදවාගත් චීනය මෙවැනි සුළු ප්‍රජාතන්ත්‍රික ක්‍රමයකින් දක්ශයන් සොයා ගන්නේ ඉහත ඉදිරිපත් කරන ලද Meritocracy, දක්ශතා සහ සාර්ථකත්වය පදනම මතය. අනාගත නායකයන් තරුණ කාලයේදීම හදුනා ගනු ලබන චීන කොමියුනිස්ට් පක්ශ මණ්ත්‍රන සභාව විසින් ක්‍රමණුකූල අගැයීම් මාලවක් තුලින් සාර්ථකම නායකයන් සොයාගනු ලබයි. මෙය ඔවුන් හදුන්වන්නේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍ර පාලනය ලෙසයි. පසුගිය දා 19 වන කොමියුනිස්ට් පක්ශ මණ්ත්‍රන සභාව විසින් දේශපාලන මණ්ඩලයට තෝරාගත් 7 දෙනාගෙන් 6 දෙනෙකුම චීනයේ ප්‍රාන්ත පාලනය කර අත්දැකීම් ලැබුවන්ය. මෙම ප්‍රාන්ත සියල්ලම ජනගහනයෙනුත්, ආර්ථිකයේ ප්‍රමාණයෙනුත් ලෝකයේ බොහෝ රටවල් අභිබවා යන්නන්ය. රට පාලනයට ඉහලම දේශපාලන මණ්ඩලයට පත් වන විටදීම රටවල් වැනි ප්‍රාන්ත පාලනයෙන්ම බහුල අත්දැකීම් ඔවුන් අත්විද හමාරය. අද චීන ජනාධිපතිධූරය හොබවන ෂී ජින්පින්ග් යනු ටිබෙට් ප්‍රාන්තය පාලනය කල ආණ්ඩුකාරවරයාය. ඔහු සාර්ථකව ටිබෙටය තුල ඇතිවූ ජනවාර්ගික අර්බුදය සමනය කරන්නට හැකි වූවෙකි. මේ පාලන තන්ත්‍රය දේශපාලන ස්ථාවරභාවයද චීනයේ අද පවතින දියුණුව පසුපස ප්‍රධානම සාධකයකි.

Meritocracy ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී රටක සාර්ථක ප්‍රතිඵල ලබාගත් රටකට හොදම උදාහරණය සිංගප්පූරුවයි. මුලින්ම සිංගප්පූරුව පිලිබද ලාංකිකයන් තුල ඇති දුර්මතයක් නිරාකරණය කල යුතුය. එනම් සිංගප්පූරුව සාර්ථකත්වයට පැමිණියේ වෘත්තීයවේදීන් පාලනයට පැමිණීමෙන් බවය. එය වැරදි මතයකි. සිංගප්පූරුවේ පියා ලෙස සලකන ලී ක්වාන් යූ සහ රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඔහුගේ ප්‍රධානතම සගයන් තිදෙනා වූ ටෝ චින් චී, ගෝ කෙන් ස්වී සහ එස්. රාජරත්නම් උගතුන් බව සැබෑය. නමුත් ඔවුන් සියලු දෙනාම ශිෂ්‍ය ව්‍යාපාර හරහා දේශපාලන අත්දැකීම් ලැබූවන්ය.එමනිසා PAP පක්ශය හරහා ඔවුන් අනාගතයට නව නායකයන් සහ පරිපාලකයන් රට වෙනුවෙන් නිර්මාණය කිරීමේ දීත් ඔවුන්ගේ දේශපාලන පක්ශය වන පක්ශය 1959 සිට තවමත් බලයේ රදවා තබා ගැනීමේදීත් සාර්ථකව යොදාගත් ක්‍රමවේදය මෙම (Meritocracy) දක්ශතා සහ සාර්ථකත්වය යන ක්‍රමවේදය භාවිතයෙනි. රටේ පරිපාලනයට නාසා ආයතනය යොදා ගන්නා බදවා ගැනීමේ ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් යොදා ගත් අතර PAP දේශපාලන පක්ශය පරිපාලනයට සහ නිරික්ශණයට වෙනම කුසලතා පිරි කාඩරයක් නිර්මාණය කලහ. මෙම කාඩරයට විවිධ වෘත්තීය සුදුසුකම් ඇත්තවුන් තෝරාගනු ලබන්නෝය. මොවුන් අතරින් අනාගත කැබිනට් ඇමතිවරු බිහිවන අතර ඔවුන් වෘත්තීයමය සුදුසුකම් සහ භූමියේ දේශපාලනය යන දෙකම පිරිපුන් පුද්ගලයන්ය. මෙයින් සාර්ථකව වසර 60 කට ආසන්න කාලයක් බලයේ සිටීමට PAP පක්ශය සමත්ව තිබේ. මෙම දේශපාලන ස්ථාවර්ත්වය සිංගප්පූරු සාර්ථකත්වයේ ප්‍රධානතම සාධයකයකි.

උක්ත ක්‍රියාවලිය ශ්‍රී ලංකා මොඩලය නිර්මාණයේදී සැලකිල්ලට ගතයුතු ක්‍රමවේදයක් බව මා දැඩිව විශ්වාස කරන්නෙකි. වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ආ යුතු වුවත් ඔවුන් දේශපාලනය පිලිබද සංවේදී පුද්ගලයන් විය යුතුය. ඒ වගේම පරිපාලන ක්ශේත්‍රයටද තෝරාගැනීමෙදී පමණක් නොව උසස්වීම්ද (Meritocracy) දක්ශතාවය සහ සාර්ථකත්වය මත සිදුවිය යුතුය. ඉදිරියට බලයට පත්වන බවට හැම අතින්ම පෙන්නනට තිබෙන මහින්ද රාජපක්ශ හිටපු ජනපතිතුමන් ඇතුලු කදවුර මේ සදහා අනුගත වුවහොත් පසුගිය වසර 9 ක පාලන කාලයටත් වඩා සාර්ථකත්වයට පත්වනු ඒකාන්තය.

දමිත වික්‍රමසිංහ
MBA(UK) / BSC(AUS)

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.