අධික නාගරික සංවර්ධනය නිසා බැංගලෝර් හී උග්‍ර ජල හිඟයක්.

ඉන්දියාවේ බැංගලෝර් නුවර හඳුන්වනු ලබන්නේ “ඉන්දියාවෙ සිලිකන් වැලී” යන අන්වර්ථ නාමයෙනි. ඒ Accenture, AdobeHitachi Data Systems, IBM, Thomson Reuters, JP Morgan Chase & Co. වැනි ලොව ප්‍රමුඛ පෙලේ ආයතන සහ තවත් තොරතුරු තාක්ෂණ හා වෙළඳ ආයතන පිහිටා ඇති නිසයි. ඉන්දියාවේ සීඝ්‍රයෙන්ම දියුණුවන නගරය ද වන්නේ බැංගලෝර් නගරයයි. ඉතා සීඝ්‍ර සංවර්ධන හේතු කොටගෙන ඉන්දියාවේ පරිභෝජනයට ගත හැකි ජලය සැබැවින්ම සිදී ගිය ප්‍රථම නගරය ලෙස බැංගලෝර් නගරය පත්වේ. මෙම නගරය ඉන්දියාවේ ප්‍රධානතම ආදායම් උපයන එක් කේන්ද්‍රස්ථානයකි. සෑම දිනකම උදෑසන මාර්ග තද බදය තුල වතුර බවුසර් විශාල ප්‍රමාණයක් බැංගලෝර් නගරයට ඇතුළු වන අන්දම මේ දිනවල ඉතා සුලභව දැකිය හැකි දසුනකි. දැනට නගරට තුලට පිරිසිදු ජලය පැමිණෙන එකම මාර්ගයද මෙය වී තිබේ.

වතුර ලීටර මිලියන ගණනක් බවුසර් දහස් ගණනක් මඟින් බැංගලෝර් නගරය පුරා දිනපතා බෙදාහරිනු ලබයි. මෙසේ ජලය ප්‍රවාහණය කරනු ලබන පෞද්ගලික බවුසර් හිමියන් මත බැංගලෝර් නගර වාසි විශාල මිනිසුන් ප්‍රමාණයක් යැපෙනු ලබයි. අධික ඉල්ලුම හේතුවෙන් මෙම කාටල හිමියන් ජල මාෆියා කරුවන් ලෙස හඳුවන් වනු ලබයි. මෙම වංචනික ක්‍රියාවන් පිළිබඳව කිසිවකු විවෘතව කතා කිරීමට මැලිකමක් දක්වයි.

බැංගලෝරය තුල හාරලක්ෂයකට (400,000) අධික භූගත ජලය ලබා ගැනීම සඳහා කණින ලද ලිං දැන් දැන් සිදී යමින් පවති. 1890 සිට බැංගලෝරය ජල කළමනාකරණයෙහි පුරෝගාමියකු ලෙස කටයුතු කල ද එම තත්වය වර්ථමානය වන විට සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් නිසා පිරිහීමකට ලක්ව ඇත.

විශේෂයෙන් මෙම සටහන මා තබන්න සිතුවේ අප රට තුල ද ඉස්මතු වන සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් තුලට භූගත ජල කළමනාකරණ විශයෙහි ලා ඉතා සුවිශේෂී ස්ථානයක් ලබා දිය යුතුය බව පෙන්වීමටයි. නැතහොත් ඉන්දියානු සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්තයකු වූ බැංගලොර් නගරය එසේත් නොමැතිනම් ඉන්දියාවේ සිලිකන් වැලී නගරයට සිදු වූ මේ ඛේදනීය ඉරණම අප රටට ද නොබෝ දිනකින් අත් වනු ඇත.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.