බිල් ගේට්ස් (65) සහ මෙලින්ඩා ගේට්ස් (56) සිය අවුරුදු 27ක විවාහ දිවියට සමු දෙයි

බිල් ගේට්ස් (65) සහ මෙලින්ඩා ගේට්ස් (56) සිය අවුරුදු 27ක විවාහ දිවියට සමු දෙන බව නිවේදනය කර තිබේ. දරුවන් තිදෙනෙකුගේ මා පියන් වන බිල් – මෙලින්ඩා ගේට්ස් යුවළ ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, තවදුරටත් එක්ව ජීවත් විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවයි. ඔවුන් සිය ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, නව ජීවිතයට සැරසැරීමට පටන් […]

අවුරුදු ජය ද?

ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල හා දෙමළ ප්‍රජාව හිරු දෙවියන් නමස්කාර කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අද පාන්දර 2:33ට  උදාවිය. උදෑසන 6:17 ට ලිප ගිනිමෙලවිම සහ උදෑසන 7.41 වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරන නැකත ද දී තිබිණි. ඒ අනුව නැකත්කරුවන් විසින් සැකසු සුබ නැකතින් හෙළ සංස්කෘතිය අනුව මෙම නැකත් චාරිත්‍ර ඉටු කෙරිණි. […]

(VIDEO) ඉන්දියන් රතු කුරුල්ලෝ කොළඹ අහස දෙවනත් කරමින් පියෑඹු හැටි

පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලු මුවදොර දී පැවැත්විණි. එහිදී පැවැත්වූ ගුවන් සංදර්ශන සඳහා ඉන්දීය ගුවන් හමුදාව ද සහභාගී විය. ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් ගුවන් බල ඝනය ද ඒ අතර විය. සූර්ය කිරාන් ගුවන් යාන ඛණ්ඩය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රෙඩ් ඇරෝස් නමැති රතු පැහැති ප්‍රහාරක […]

රට අල්ලන ඊළඟ රාජපක්ෂ ගැන රෝහිත රාජපක්ෂ කථා කරයි.

රටේ බලය අල්ලන මීළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ‘මව්රට’ යූ ටියුබ් නාළිකාව සමග එක්වෙමින් විශේෂ අනාවරණයක් කරමින් නමුත් තමන් දැම ඒ ගැන හෙළි නොකරන බවද ඔහු කියා සිටියේය. 2015 ජනාධිපතිවරණය නොපවත්වන ලෙස තමන් පියාගෙන් ඉල්ලා සිටි බවත්, එසේ […]

අයෝනාගෙ “කන්න හිතෙන” පින්තූර

ඡායාරූපකරණය  කියන්නේ නෙත සිත පිනවන සුන්දර කලාවක්නෙ.මුල් කාලෙ ඡායාරූපයක් ගන්න එක ටිකක් සංකීර්ණ වැඩක් වුණාට දැන්නම් ඒක හරිම ලේසි පහසු දෙයක්.පින්තූර ගන්න ඕන කෙනෙක්ට පුලුවන් වුණාට ඒකෙ සුන්දරත්වය මතු කරන්න පින්තූරෙ ගන්න කෙනාගේ ඇහැ හොඳ වෙන්න ඕනි කියලා තමයි කතාවට කියන්නේ.අපි අද කියන්න යන්නේ අන්න ඒ වගේ ඇහැ හොඳ කෙනෙක් ගැන.හැබැයි එයාට ලස්සනට පේන්නෙ කෑම. […]

දෙවන ආසියානු සිනමා උළෙලේ හොඳම ළමා නළුවා මෝදිත දාබරේ.

පසුගිය 21දා ඇමරිකාවේ ලොස් ඇනජලිස් හි පැවති දෙවන ආසියානු සිනමා උළෙලේ (Asian Film Festival) විශිෂ්ටතම ළමා නළුවා ලෙස ශ්‍රි ලංකාවේ මෝදිත දාබරේ ජයග්‍රහණය ඇත. දාහත් (17) හැවිරිදි මෝදිත දාබරේ කොළඹ රෝයල් ඉන්ස්ටිටුයිට් හි ශිෂ්‍යයෙකි. ඔහුගේම වයසේ පාසල් සිසුවෙකු වන තිසෙන උමගිලිය  අධ්‍යක්ෂණය කළ Catharsis කෙටි චිත්‍රපටයේ හි රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් මෝදිත දාබරේට මෙම Golden […]

බුකර් සම්මානය ඩග්ලස් ගේ “ෂගී බේන්” ට

  2020 වසරේදී සාහිත්‍යය සඳහා පිදෙන බුකර් ත්‍යාගය ඩග්ලස් ස්ටුවර්ට් විසින් රචිත ‘ෂගී බේන්‘ නම් කෘතිය විසින් දිනා ගෙන තිබේ.  ඔහු ගේ ප්‍රථම නවකතාව වන මෙය 1980 දශකයේ දී ග්ලාස්ගොව් නුවර සිට, ඇබ්බැහිවීමට සහ ද්‍රරිද්‍රතාවට ගොදුරුව සිටින තම මවට උදවු කරන පිරිමි ළමයකු ගේ කතාවකි. විනිශ්චය මඩුල්ලේ මුල් පුටුව හොබවන මාගරට් බස්බි විනිශ්‍චයකාරවරුන් ගේ තීරණය […]

පුංචි තිරයට පායා එන අලුත්ම තරුව , ඔෂිනී ශනායා

මේ ඉන්නේ ඔෂිනී ශනායා … මේ දවස්වල පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකේ අවසන් තරඟකාරියන් 12 දෙනා අතරට තේරී පත්වෙලා ඉන්න සුන්දර , රූමත් යෞවනියක් ,, ඒවගේම  නවක නිරූපිකාවක්….. අවසන් මහා තරඟය පවත්වන්නට නියමිතව තිබූනේ ගිය නොවැම්බර් මස 7 දින වුනත්  රටේ පවතින  තත්වය නිසා එය කල්දමන්න සිද්ද වූනා.  තරඟයේ ජයග්‍රහණය ගැන ඔෂිනී ලොකු බලාපොරොත්තුවක් […]

ජෛන දහම පිලිබඳ විද්වත් කතිකාවක්

ලොව පැරණිතම ආගමක් වන ජෛන ආගම පිලිබඳ විශේෂ විද්වත් කතිකාවක් එළඹෙන සෙනසුරාදා (21)  දින පෙරවරු 10.30 ට zoom තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA ) කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම ජෛන දහම හා ශ්‍රී ලංකාව  අතර පවතින සම්භන්ධතාවයන් පිළිබඳ ආන්දෝලනාත්මක හා සුවිශේෂී කරුණු රැසක්  මෙහිදී සාකච්ජාවට බඳුන් කිරීමට නියමිතය . මේ කතිකාව සඳහා […]

බොලිවුඩ් කඩාවැටේ , පාඩුව කෝටි දසදහසක් !

සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි දස දහසකට අධික  පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා‌ වේ. වාර්ෂිකව ඉන්දියාවේ තිරගත කෙරෙන සිනමා පට ප්‍රමාණය 1800 ක් පමණ වේ. එහෙත් මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනක් වන බවද වාර්තාවේ. එසේම චිත්‍රපට […]