සෙබලා මිය යාම – කාගේ වරදක්ද?

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුනුු පත් වූ බලපන්ති සැරයන් වයි එම් එස් යාපාරත්න මහතා ගේ මරණය සිදුවූයේ කාගේ වරදින්දැයි දැන ගැනීම මහජනතාවගේ අයිතියකි.  මෙම වීර සෙබළා වරලත් නිලධාරී තනතුරට උසස් කොට වීරයෙක් වශයෙන් පිදුම්  බවත් සදහන් විය. කෙසේ වුවද මෙවන් විපතක් මින් මතු සිදු නොවීමට බලධාරීන් වග බලා ගත යුතුය.

ජනමාධ්‍ය මගින් ඉගි වූයේ කේබලය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි. එහෙත් කේබලය කැඩී ගියේ කාගේ වරදින් දැයි සදහන් නොවෙයි. ජනතාවට තොරතුරු වසන් කිරීමේ   ප‍්‍රතිපලයක් වශයෙන් මේ වන විට විවිධ කට කතා පැතිර ගොස් ඇත. මෙම සහන සේවා උපකරන කොමිස් අරමුණු කොට ගෙන මිල දී ගන්නා ලද බාල වර්ගයේ උපකරන බවද කනින් කොනින් කියවෙයි.  මුහුනු පොතේ ද ඒ හා සමාන අදහස් දැක්වෙයි. ජනතාවට මෙහි සැබෑ තත්වය හෙලි කිරීම ගුවන් හමුදාව මෙන්ම රජයද සතු වගකීමකි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.