බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි.

පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ   “නව නියාමන බද්ද“මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍යවිසදුම් කඩිනමින්  ලබාදීමට මැදිහත් වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්බදියුදීන් මහතා පවසයි.මෙරට පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ්ඛාන් (Dr. Sarfraz  Ahmad Khan )  මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වුවිශේෂ සාකච්ඡාවක් අද (31) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදීඅමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය ජුලි මස පළවෙනිදා (01) සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට අපනයනය කරන බුලත්සදහා කිලෝ ග්රෑමයකට ශ්‍රී ලංකා  රුපියල් 291 ක නව නියාමන බද්දක් පනවා ඇති අතර එමනිසා දේශිය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද  තම නිෂ්පාදන අළෙවි කරගතනොහැකිව දුෂ්කරතාවයට පත්ව ඇත. මෙහිදී අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේමෙම නව බද්ද මගින් දේශිය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටඵවිසදා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවත්, මේ සදහා කඩිනම් සහනයක් තමාපාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස්වරයා හරහා පාකිස්ථානු රජයෙන් බලාපොරොත්තු වනබවත්ය. මේ  පිළිබදව  විසඳුමක් බුලත් ගොවියාට ලැබෙනතුරු තමා මේ පිළිබදව පෞද්ගලිකවමසොයා බැලීමටද කටයුතු කරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසීය. මේපිළිබදව සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටදඅමාත්‍යවරයා මෙහිදී  ස්තූතිය පලකරන ලදි. මෙම  සාකච්ඡාව සදහා සහභාගීවූ පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස්අහමඩ් ඛාන් මහතා පවසා සිටියේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දේශීය බුලත් ගොවියා හා බුලත් අපනයනකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වී මෙලෙස තමා හරහා තම රජයට කල ඉල්ලීමපිළිබදව ඉක්මන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් මේ අනුව ඉතා ඉක්මනින්ම  ශ්‍රීලංකාවේ බුලත් ගොවියාට සතුටුදායක පිළිතුරක්  ලබාදීමට හැකිවෙතයි තමා අපේක්ෂා  කරනබවත් මෙහිදී නියෝජ්‍ය මහකොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසීය.  

Read more

කෝපායි ප්‍රහාරය ‘ආවා’ කල්ලියේ වැඩක් ?

යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාර එල්ල කළ පිරිස සම්බන්ධයෙන් දෙයාකාරයක සැක මතුවූ ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

Read more

ආයෝජන මණ්ඩලය වසා දැමිය යුතුයි

ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථික සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

Read more

අල්ලස හා දූෂණය පිටුදැකීම පාසල් විෂය මාලාවට

දූෂණ විරෝධී සමාජයක් නිර්මාණය කිරීමට ඇති අවශ්‍යතාවය වෙනදාටත් වඩා වර්තමානය හමුවේ ඇති අවශ්‍යතාවයකි. මෙය මුද‍්‍රිත මාධ්‍යයේ දක්නට ලැබුනු පැරණි ලිපියක්

Read more

හම්බන්තොට වරාය: “ඉන්දියාවත් අසීරුතාවකට පත්වේවි”

මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති

Read more

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්

සිය අලුත්ම මිසයිල අත්හදා බැලීම ඇමෙරිකා එක්සත් ජනපදය වෙත එල්ල කළ ‘දැඩි අනතුරු ඇඟවීමක්’ ලෙසින් විග්‍රහ කරන උතුරු කොරියාව එම

Read more

යුග ගීයක් ගයන්න ලංකාවේ ගායකයෙක් හොයන ඕස්ට්‍රේලියානු ගායිකාව – ටමාරා

freemedia.lk වෙබ් අඩවිය , ඕස්ට්‍රේලියානු ජාතික , සුප්‍රසිද්ධ ගායිකා ටමාරා සෙන්ට් ජෝන් (TAMARA ST JHON) , සමග කල විශේෂ  සම්මුඛ

Read more

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම මෙන්න

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ වා‍ණිජමය වශයෙන් ලාභදායී තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය

Read more