20 -20 කාසියේ වාසිය වැටුනේ ලංකාවටද?

ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් 20 -20 ක‍්‍රිකට් තරගයේදී තරග තීරක ඇන්ඩෘ පයික්‍රොෆ්ට් හා නිවේදක ඉන්දීය ජාතික මුරලි කාර්තික් ශ‍්‍රී ලංකාවට ලැබීමට තිබූ කාසියේ වාසිය හිතාමතාම උදුරාගෙන ඉන්දියාවට දුන් බවක් රූපවාහිනිය නැරඹූ පේ‍්‍රක්ෂක ජනතාවට දැක ගන්නට ලැබුණි. විරාත් කෝලි විසින් ‘හෙඩ්ස් ’යැයි පවසද්දී තරග තීරකවරයා වැටුනු කාසිය දෙස බලා ‘ටේල්ස් ’ යැයි පැවසුවද නිවේදක මුරලි කාර්තික් විසින් ‘හෙඩ්ස් ඉට් ඊස් ’යැයි පවසා කාසියේ වාසිය ඉන්දියාව ලැබූ බවක් අප ශ‍්‍රව්‍ය ද‍්‍රෂ්‍ය මුද‍්‍රිතමාධ්‍ය අතුළු සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කලේ දේශීය ජනතාවගේ සිත් සතන් වලට වේදනාව කාවද්දවමිනි..

එසේ වුවද මෙහිදී් සිදුවී ඇත්තේ තරග තීරකවරයා ප‍්‍රතිපලය ප‍්‍රකාශ කොට සිදු කල අංග චලනය නිසා ජනමාධ්‍ය කලබලවී ඇති බවකි.. එහිදී තරගතීරකවරයා ‘හෙඩ්ස් ඉන්ඩියා’ යනුවෙන් ප‍්‍රකාශ කරන බව මෙම වීඩියෝව දකින ඔ්නෑම අයෙකුට පැහැදිලි වේ.. කෙසේ වුවද තරග තීරකවරයා විසින් සිදු කල අංග චලනය පිළිබදව ප‍්‍රශ්න කල යුත්තේ බලධාරීන්්ය.. උපුල් තරංගට හෝ විරාත් කෝලිට වැටුන කාසිය දැක ගැනීමට අවස්ථාවක් නොලැබුනේ තරංග විසින් උඩ දමන ලද කාසිය පතිත වූයේ යාර කීපයක් ඈතින් වූ බැවිනි.. එසේ වුවද තරග තීරකවරයා මත යැපීම වෙනුවට නායකත්වය මත පිහිටා උපුල් තරංග එය පරීක්ෂා කලේ නම් මෙම පටලැවිල්ල සිදු නොවන්නට ඉඩ තිබුණි..

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.