සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි , ඉදිරියේදී ගුවන් ගමන් යලි ආරම්භ කල පසුව , සංචාරක කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳවද සැලසුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට සංචාරක උපදේශක කමිටුව කටයුතු යොදමින් සිටී .
මෙරට රජය පනවා ඇති ගුවන් ගමන් සීමා ලිහිල් කර , ඉදිරියේදී විදෙස් සංචාරකයින්ට නැවත රට විවෘත කල යුතු ආකාරය පිළිබඳව හා එහිදී අනුගමනය කල යුතු විධි විධාන පිළිබඳව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමටද , නව සංචාරක උපදේශක කමිටුව පියවර ගෙන ඇත ,
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා පත්කළ මෙම සංචාරක උපදේශක කමිටුව මෙරට සංචාරක ක්ෂේත්රයට සම්බන්ධව ප්‍රධාන පෙළේ විද්වතුන් 11 දෙනකුගෙන් සමන්විතය. මේ ප්රමුඛ හෝටල්කරුවෝ සහ සංචාරක නියෝජිතයන් වන හිරාන් කුරේ, චන්ද්‍රා වික්‍රමසිංහ, තිමති රයිට් (ෂැන්ග්‍රිලා උප සභාපති) රජිත දිසානායක (ඩිජිටල් අලේවිකරණ) නිස්තාර් කාසීම් (මාධ්‍යවේදී) නීමේෂ් හේරත් (ඩිජිටල් අලෙවිකරණය), විපුල ගුණතිලක (ප්‍රධාන විධායක නිලධාරී- ශ්‍රී ලංකන් එයාර් ලයින්) ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන සවී ගුණසේකර, විකුම් නවගමුව, රංජිත් ද සිල්වා, ට්‍රෙවීන් ගෝමස් මහත්වරු මේ උපදේශක කමිටුවේ සාමාජිකයෝ වෙති.
(පැතුම් වික්‍රමරත්න )