(පැතුම් වික්‍රමරත්න ,)

එළඹෙන මැතිවරණයෙදී දූෂිතයින්ට , හොරුන්ට වංචාකරුවන්ට නාමයෝජනා ලබානොදීමට සියලු දේශපාලන පක්ෂ වගබලාගත යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ අවධාරණය කර සිටී .
මෙවැනි දූෂිතයින්ට , හොරුන්ට නාම යෝජනා නොදෙන ලෙස දේශපාලන පක්ෂ වෙත බලකිරීමට මහජනතාවද පියවර ගතයුතු බව සිංහල දීප ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කර සිටී .
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තම අරමුණු සාර්ථක කරගැනීම සඳහා “හොරු නැති පාර්ලිමේන්තුවක්” “අවශ්‍ය වන බවත් එවන් පාර්ලිමේන්තුවක් ගොඩනැංවීම සඳහා සියලු දෙනා තම වගකීම් නිසිලෙස ඉටුකළ යුතු බවත් පසුගියදා කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කළේය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .
හැට නව ලක්ෂයකට අධික ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට ජන්දය ලබාදුන්නේ බලාපොරොත්තු රැසක් පෙරදැරිවයි . එම ජනතා බලාපොරොත්තු එලෙසින්ම ඉටුකරන්න නම් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට , හොරු නැති , වංචාකරුවන් නැති පාර්ලිමේන්තුවක සහය අවශ්‍යවෙනවා.