එළඹෙන පලාත් පාලන මැතිවරණය , . වසර තුනක් මේ රජය ගෙන යන අදූරදර්ශී පාලනය වෙනුවෙන් විරුද්ධව මතය ප්‍රකාශ කරන ජනමත විචාරණයකට රටේ පුරවැසියන්ට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා අපේක්ශක දමිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී
වත්මන් රජය බලයට පත්වූදා සිට අද දක්වා ඔවුන්ගේ ක්‍රියාකලාපය විමසා බැලීමේදී රට සියලුම අංශ කඩා වැටීමට ලක්ව ඇති බවද ආර්ථික වර්ධනය සියයට 8 සිට සියයට 3දක්වා කඩා වැටී ඇති බවද ඒ මහතා පැවසීය .
මහ බැංකු බැදුම්කර වංචාවෙන් රුපියල් කෝටි 15,000 කට අදික පාඩුවක් රටට අත්වී තිබේ. ඒ හේතුවෙන් පොලී චක්‍රයට වූ බලපෑම නිසා පොලී අනුපාත ඉහල ගොසින්ය. මේ නිසා මධ්‍යම හා කුඩා ව්‍යාපාර කඩා වැටීමට ලක්ව තිබේ.
ආර්ථිකය එසේ කඩා වැටෙද්දී එදිනෙදා රාජ්‍ය වියදම පියවීමට සහ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය නඩත්තු කිරීමට රාජ්‍ය සම්පත් සියල්ල විකිනීමට මෙම රජය ක්‍රියා කොට ඇත. හම්ඹන්තොට වරායෙන් ඇරඹි මෙම ක්‍රියාවලිය අනෙකුත් සියලුම ආර්ථික මරමස්ථාන දක්වා ව්‍යාප්තව ඇත. චීනයට හම්ඹන්තොට වරාය විකුනද්දී ඉන්දියාවට මත්තල ගුවන්තොටුපල විකිනීමට සාකඡා පවතිමින් තිබෙන බව ආරංචිමාර්ග පවතියි. මෙයින් රටේ සම්පත් අනාගත පරපුරට අහිමි වනවා සේම ඉදිර්යේදී ලෝක බලවතුන්ගේ පොර පිටියක් වීමේ අවදානමද රට ඉදිරියේ තිබේ.
අන් සියලුම කාරණා වලට වඩා නව ව්‍යවස්ථාවක් හරහා සන්ධීය පාලන ක්‍රමයක් හන්දුන්වා දීමට වත්මන් රජය පිඹුරුපත් සකසා හමාරය. මෙම ක්‍රියාදාමයට ඉඩ ප්රස්ථා ලැබුනහොත් රට සදාකාලික ප්‍රශ්ණ වලට මුහුණ දෙන රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති වීම ඒකන්තය.
මේ සියල්ලටම විරුද්ධව රටට විකල්පයක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පක්ශයට මෙරට ත්රස්ථවාදයෙන් බේරා ගත් සහ නිදහසින් පසු මෙරට විශාලතම සංවර්ධනය සිදු කල මහින්ද රාජපක්ශ හිටපු ජනාධිපති තුමන්ගේ නොමද ආශිර්වාදය ලැබී තිබේ.
මේ සියලු කාරණා හේතුකොට ගෙන මා වැනි වෘත්තීය වේදීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට ඉදිරිපත් වී තිබේ. රාජ්‍ය පාලනයේ පහල මට්ටමට වෘත්තීයමය පරිපාලනයක් ගෙන ඒමට හැකියාව එමගින් අත්වේ. මේ සියල්ලම සිදු කල හැක්කේ රට නොබෙදී ඉතුරු වුවහොත් පමණි. එය නොවීමට වගබලා ගැනීම මහජනතාව සතු වගකීමකි.