ස්වාධීන මත විමසුමකින් පොහොට්ටුවට විශිෂ්ට ජයක් .

මෙවර මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ සියයට 58ක බහුතර බලයක් ලබාගනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය විසින් සිදුකරන ලද ස්වාධීන මත සමීක්ෂණ වාර්තාවක දැක්වේ.

එසේම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව 34% ප්‍රතිශතයක් සමගි ජන බලවේගය ද 6.7% ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය ද, 4.47 ප්‍රතිශතයක් ජනතා විමුක්ති පෙරමුණ හිමිකර ගනු ඇතැයි දැක්වේ..

එම සමීක්ෂණ වාර්තාව ට මෙවර මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුමේ ආචාරශීලීම අපේක්ෂකයින් කීපදෙනෙක් නම් කොට ඇති අතර එහි ප්‍රමුඛත්වය කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක රංජිත් සියඹලාපිටිය මහතාට හිමි ව ඇත. මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මහින්ද අමරවීර මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ජනතා මත විමසුමට අනුව අචාරශීලීම අපේක්නෂකයින්ම් ලෙස නම් කොට ඇත.

අන් අය විවේචනය නොකිරීම , පාර්ලිමේන්තුව තුළ විනීතව හැසිරීම, අධ්‍යාපන මට්ටම ආදී සුවිශේෂ කාරණා කීපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කොට ඇත.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.