සමලිංගිකත්වය රෝගයක්ද ?

මේ කාන්තාවගේ වයස අවුරුදු තිස් දෙකකි. ඇය අප කරා පැමිණෙන විට හිටියේ දැඩි මානසික කම්පනයකිනි. විශාද (Depression) තත්ත්වයකින් පවා ඇය පෙළෙමින් සිටින අන්දම වැඩිදුරටත් කතා බහ කිරීමේදී වටහා ගත හැකි විය. ”මට ජීවිතේ නැති කර ගන්නත් කීප වතාවක්ම හිතුණා. එ්කටත් මට බයක් දැනුණු හින්දයි මං මෙහෙම ආවෙ” ඇය කියාගෙන ගියේ ශෝකාලාපයක ස්වරූපයෙනි.

ඇගේ කතාව

”ඇත්තම කියන්නම්. මම ලෙස්බියන් කෙනෙක්. මං අහන්නෙ මොකක්ද එ්කෙ තියන වරද කියලයි. මට කිසිම විදිහකින්වත් පිරිමියෙක් ගැන හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඉතින් මං කොහොමද බලෙන් එ් හැඟීම් ඇති කර ගන්නෙ. මගෙ හිත මම ම රවට්ටගෙන ඇති වැඬේ මොකක්ද? එ්කත් මට පීඩාවක් මිසක් සහනයක් වෙන්නෙ නෑනේ”

මේ කාන්තාව විස්තර කළ අන්දමට ඇය සමලිංගිකත්වයට නැඹුරු වූ අයෙකි. මේ දක්වා වරින් වර පෙම්වතියන් කිහිප දෙනෙකු ඇසුරු කර ඇති ඇය අවසන් වරට තම පෙම්වතිිය ලෙස තෝරා ගෙන තිබුණේ සුරූපී යුවතියකි. ඇය සමග නිතර ආදරෙන් කතා බහ කිරීම, ඇයට කෙටි පණිවිඩ යැවීම මෙම කාන්තාව නිරන්තරයෙන් සිදු කළාය. යුවතියගේ දෙමාපියන්ට තම දියණිය පෙම්වතකු ඇසුරු කරන බවට ඉව වැටිනි. පෙම්වතා විසින් එවා තිබූ ආදරය වෑහෙන කෙටි පණිවිඩ කිහිපයක් ද ඔවුන්ගේ අතටම හසු විය. දියණියගේ පෙම්වතා කවුදැයි විපරම් කළ බැලූ පසු ඔවුන්ගේ හිස ගිනි ගත්තේය. තම දියණිය පේ‍්‍රමයෙන් බැඳී තිබෙන්නේ කාන්තාවක සමග බව දැන ගැනීමෙන් මහත් සේ කෝපයට පත් වූ ඔවුහු එම කාන්තාවගේ නිවසටම ගොස් ඇයට පහර දීමෙන් පමණක් නොනැවතී මග යන එන අවස්ථාවක කුණු බිත්තරවලින් පවා දමා ගැසූහ. මේ සිද්ධියෙන් පසු පෙම්වතියද ඇගෙන් දුරස් වූ අතර එ් වේදනාවත්, පවුලේ අයගෙන් මෙන්ම ගමේ අසල්වාසීන්ගෙන් පවා විඳින්නට සිදුවූ දැඩි අවමානයන් මත ඇයට ජීවිතය එපා විය. මුළු ගම පුරා පමණක් නොව අහල ගම්වලද ඇය මහත් අශීලාචාර අශික්ෂිත ගැහැනියක ලෙස හංවඩු ගැසිනි. පවුලේ අය ඇය නිවසින් පිටමං කළේ මුළු පවුලටම විශාල ලජ්ජාවක් වූ නිසාය

මේ දැක්වූයේ සමලිංගිකත්වයට නැඹුරු වූ කාන්තාවක ගැනය. නමුත් ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයේම අය අතර සමලිංගිකත්වයට නැඹුරු වූවෝ සිටිති. සමලිංගිකත්වය යනු සදාචාර විරෝධී දෙයක්ද යන්නත්, සමහරුන් මෙවැනි දේවල්වලට නතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුතුය.

සමලිංගික ආකර්ශනය

ඕනෑම දරුවකු වැඩිවිය පත්වූ පසු සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් ලිංගිකත්වය කෙරෙහි ආකර්ශනයක් ඇතිවේ. මෙහිදී වැඩි වශයෙන්ම ලිංගික ආකර්ශනය ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහිය. නමුත් කලාතුරකින් තමන්ගේ ලිංගිකත්වයට සමාන කෙනෙක් කෙරෙහී මෙම ආකර්ශනය ඇති වීමට පුළුවන. සමලිංගික ආකර්ශනය යනු එයයි.

ඇබ්බැහියාවක් නොවේ… මෙය රෝගයක්ද නොවේ

මෙහි අසාමාන්‍යතාවයක් නැති නමුදු සමාජය මෙය දකින්නේ ඉතාමත් නරක, පහත්, නින්දිත ඇබ්බැහියාවක් ලෙසිනි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරන ලද සොයා ගැනීම්වලදී තහවුරු වී තිබෙන්නේ සමලිංගික ආකර්ශනය යනු ඇබ්බැහියාවක් නොවන බවය. එසේම මෙය රෝගයක්ද නොවේ. නමුත් සමාජය තවමත් සමලිංගික බැඳීම් පිළි නොගන්නා නිසා ඉහත කී සිද්ධියේ මෙන් මේ තත්වයට පත් වූවන් සමාජය තුළින් දැඩි පීඩනයට ලක්වේ.

ගැඹුරු බැඳීමක්

සමලිංගිකත්වයට නැඹුරු වූ පිරිමියකු හෝ කාන්තාවක් තමන්ගේ වර්ගයේම අයකු ඇසුරු කිරීමෙන් අපේක්ෂා කරන්නේ ලිංගික සතුටක් ලැබීම පමණක්ම නොවේ. සැබවින්ම ගැහැනියක හා පිරිමියකු අතර ඇතිවන ආදරය, බඳුම ආදරයක් සහ ලොකු මානසික බැඳීමක් ඔවුන්ට තමන්ගේ එම සමලිංගික සහකරු / සහකාරිය  කෙරෙහී ඇතිවේ. මේ තත්ත්වයට නැඹුරු වූ අයකුට විරුද්ධ ලිංගිකයකු කෙරෙහී එබඳු හැඟීම් ඇති නොවන අතර විරුද්ධ ලිංගිකයකු කෙරෙහී ඇතිවිය යුතු ආදරය හා බැඳීම ඇතිවන්නේ සමලිංගිකයකු කෙරෙහිය. නමුත් සමාජය මෙය පිළි නොගන්නා නිසා විශාල පීඩනයකට ලක්වන මේ අය එනිසාම විශාද රෝගයට බඳුන් වීමට ද වැඩි හැකියාවක් තිබේ. ඇතැමුන් මේ රෝග තත්ත්වය මත සිය දිවි නසා ගැනීම ද සිදු වේ.

සමලිංගිකත්වයට නැඹුරු වූ පිරිමියකු හෝ කාන්තාවක විසින් අවනත කරගන්නා සමලිංගික සහකරු/සහකාරිය ද මේ නිසා අනිවාර්යයෙන්ම සමලිංගිකත්වයටම නැඹුරු වන කෙනෙකු බවට පත්වසාමාන්‍ය අන්දමට පවුල් ගත කිරීමේ හැකියාවන අවස්ථා අඩුය. අපි මෙය තව දුරටත් මෙලෙස පැහැදිලි කර ගනිමු.

හසු වන්නෝ කවුරුන්ද?

සරල රේඛාවක් ඇඳ එහි දෙකෙළවර A සහ E ලෙස නම් කරන්න. හරි මැද B ලෙසින් ලකුණු කරන්න.  A ස්ථානයේ සිටින්නේ විරුද්ධ ලිංගික පාර්ශවය යැයි සිතමු. එනම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහී පමණක් ආකර්ශණය ඇතිවන සාමාන්‍ය පිරිමින් සහ කාන්තාවන්ය. E ස්ථානයේ සමලිංගිකත්වයට නැඹුරු වූ අය සිටින්නේ යැයි සිතන්න. ස්ථානයේ සිටින්නේ මේ දෙපාර්ශවයටම නැඹුරු විය හැකි අයයි. එ් අනුව B ස්ථානයේ අයට විරුද්ධ ලිංගිකයන් සේම සමලිංගිකයන් සමග ද බැඳීම් ඇති කර ගත හැකිය. නමුත්  සහ B අතර සිටින කොටසට බැඳීම් ඇති කර ගත හැක්කේ විරුද්ධ ලිංගිකයන් සමග පමණි. E සහ B අතර සිටින කොටස සමලිංගිකයන් කෙරෙහී ලොල් වනු ඇත.

සාමාන්‍ය අන්දමට පවුල් ගත කිරීමේ හැකියාව

මේ අනුව සමලිංගිකත්වයට නැඹුරු වූ යම් කාන්තාවක හෝ පිරිමියකු තමන්ගේ ලිංගික සහකාරිය හෝ සහකරු ලෙස තෝරා ගන්නා තැනැත්තිය, නැතහොත් තැනැත්තා ජ කොටසේ සිටින කෙනෙක් නම් එ් පුද්ගලයාට සමලිංගිකයන් සේම විරුද්ධ ලිංගිකයන් සමග ද බැඳීම් ඇති කර ගැනීමේ හැකියාව ඇත. එ් අනුව එ් කාන්තාවට හෝ පිරිමියාට විරුද්ධ ලිංගිකයෙකු සමග විවාහ වී සාමාන්‍ය අන්දමට පවුල් ගත කිරීමේ හැකියාව පවතියි. නමුත් සමලිංගික පිරිමියාගේ හෝ කාන්තාවගේ ඇසුරට පත් වූයේ ජ සහ ඊ අතර සිටින කෙනෙක් නම් එම ලිංගික සහකරුට විරුද්ධ ලිංගිකයකු සමග ඇසුරට පත් වීම සහ එවැනි අයකු හා විවාහ ජීවිතයක් ගත කිරීම අපහසුය.

දෙදරු පියෙක්ගේ කතාව

එක් දෙදරු පියකු අප වෙත පැමිණියේ තමා සමලිංගිකත්වයට ද නැඹුරු වූ අයකු බව පවසා එම තත්ත්වයෙන් මිදීමට උපකාර වන ලෙස ඉල්ලමිනි. ඔහු සමග කතා බහ කිරීමේදී වැටහුනේ ඔහුට කාන්තාවන් සමග මෙන්ම පිරිමින් සමග ද නොවෙනස් ලෙස ලිංගික බැඳීම් ඇති කරගත හැකි බවය. මේ අනුව ඔහු ඉහත කී පරිදි ජ ස්ථානයේ සිටින කෙනෙකි. ඔහු තමන් දන්නා හඳුනන තරුණයකු සමග සමලිංගික ඇසුරක් ගොඩ නගා ගෙන තිබිණි. නමුත් ඔහුට බිරිඳ සමගද කායිකව එකතු වන්නට, පවුල් ජීවිතය හොඳින් පවත්වා ගෙන යාමට නොහැකි වූයේ නැත. කෙසේ හෝ පසුකලෙක බිරිඳ මේ පිළිබඳව දැනගෙන ඔහුව පිළිකුල් කරන්නටත්, දැඩි ලෙස අපහාස කරමින් ඔහු විශාල අපරාධයක් කරන අයකු ලෙස හුවා දක්වන්නටත් වීම නිසා ඔහුට බිරිඳ එපා විය. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු සමලිංගික සහකරු වෙතම නතු වීමය. බැරිම තැන බිරිඳ මෙය ඔහුගේ පවුලේ අයට ද පවසා ඔහුගෙන් දික්කසාද වීමට තීරණය කළ නිසා විශාල ලජ්ජාවකටත් නින්දා අපහාසවලටත් ලක් වීම මතින් ඔහුට

සමලිංගික ඇසුරෙන් මිදීමට වුවමනා විය. ඔහු අප වෙත පැමිණියේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමට උපකාර ඉල්ලමිනි.

මෙසේ ජ කොටසේ සිටින අයට සාමාන්‍ය තත්ත්වයට පත් වීමට වුවමනාව ඇති වන මුත්, ඊ කොටසේ සිටින අය තම කැමැත්තෙන් මිදීමට බොහෝවිටම සූදානම් නැත. එයට හේතුව ඔවුනට විරුද්ධ ලිංගිකයකු කෙරෙහී ආදරයක් සහ ලිංගික බැඳීමක් ඇති කර ගැනීමට නොහැකි වීමය.

සමලිංගික ඇසුරට නැඹුරු වූ අයකුට ඉන් මිදීමේ වුවමනාවක් ඇත්නම් පමණක් මනෝ චිකිත්සකවරයකුට එ් සඳහා උපකාර කළ හැකිය. නමුත් එවැනි අයකුගේ
සමලිංගික ආකර්ශණය බලෙන් වෙනස් කිරීමට චිකිත්සකවරයකුට අයිතියක් නැත.

කුඩා කාලයේ හෝ නව යොවුන් වියේ් දී යමකු පළමුවරට ලිංගික උත්තේජනයක් ලැබුවේ සමලිංගිකයකු වෙතින් නම් පසුව එ් පැත්තටම නැඹුරු වීමට යම් හැකියාවක් තිබේ. නමුත් එය හැම විටම එසේ වන්නේ නැති බව ද කිය යුතුය. එසේම සමලිංගිකත්වයට නැඹුරු වීම සඳහා හෝමෝනවල බලපෑමක් ද තිබිය හැකිය. කෙසේ හෝ සමලිංගිකත්වයට නැඹුරු වීම මානසික අසාමාන්‍යතාවයක් ලෙස හෝ රෝගයක් ලෙස මනෝ විද්‍යාවවත් මනෝ වෛද්‍ය විද්‍යාවවත් පිළි නොගනී. එය එක් එක් පුද්ගලයාගේ කැමැත්තය.

 

විශේෂ ස්තූතිය – උමා මහේෂ්වරී / මනෝ චිකිත්සක සුරංග අමරකෝන් / අවන්ති  පෙරේරා

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.