ශ්‍රී ලංකා ක්‍රිකට් සහ චාලි ඔස්ටින් සාධකය – සමබර විමර්ශණයක්

විදෙස් රටක ජීවත්ව සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කරනා පුද්ගල‍යෙක් පිළිබද සමාජජාලා මාධ්‍ය වල පසුගි‍ය දින කිහිපයේ කතා බහට ලක්ව තිබුනා .

චාලි ඔස්ටින් නම් ඔහු ක්‍රීඩක කළමණාකරුවෙක් බව සදහන්.

ඔහු වර්තමානයේ ක්‍රීකට් ක්‍රීඩකයන් 20ක් සමග ඔවුන්ගේ කළමණාකරුවා ලෙස ගිවිසුම් ගතව සිටින බවත් වාර්තා සදහන් කලා.

කෙසේ නමුදු මෙම කළමණාකරුවා පිළිබද සමාජජාලා වල සදහන් පල කිරීම් ෆේස්බුක් ආයතනය මගින් ඉවත් කර ඇති බව පලව තිබෙනවා. ඒ ෆේස්බුක් ආයතනයට සිදුවූ රිපෝර්ට් කි‍රීමක් නිසා. මෙම රිපෝර්ට් සිදු කල පුද්ගලයාට අයත් ඊමේල් ලිපිණය charlie@cricinfo.com බවද ඔහුන් සදහන් ක‍ර තිබුනා.

චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සමගද ඔවුන්ගේ කළමණාකරුවා ලෙස ගිවිසුම් ගතව සිටි අතර වත්මන් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිවුස් , තිසර පෙරේරා , නිරෝෂන් දික්වැල්ල ඇතුලු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේද කළමණාකරු ලෙස කටයුතු කරනවා.

මින් පෙර හිටපු ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර චාලි ඔස්ටින් නැමැති මෙම කළමණාකරුවා ගොඩ නගන ක්‍රිකට් මාෆියාවක් පිළිබදව විද්‍යුත් මාධ්‍ය ඔස්සේද ඉගි කර තිබූනා.

කණ්ඩායමේ තමන් පාලනයේ සිටිනා ක්‍රීඩකයන් හරහා කණ්ඩායම තේරීමට සහ කණ්ඩායමේ වෙනස්කම් කිරීමට චාලි ඔස්ටින් බලපෑම් කරන බවටද සමාජජාලා වෙබ් අඩවි වලින් චෝදනා එල්ල වී තිබුනා.

නමුත් චාලි ඔස්ටින්ගේ ව්‍යාපාර සහකරුවන් යැයි සමාජජාලා මාධ්‍ය ඔස්සේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන චාලි ඔස්ටින්ට එල්ලව තිබුනු චෝදනා හුදෙක් කටකතා යැයි ප්‍රතික්ෂේප කර තිබුනේ ඔහුන්ගේ නිළ ට්විටර් ගිණුම හරහායි .

මේ අතර හිටපු නායකයන් වන කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්දනගේ සහ වත්මන් නායක ඇන්ජලෝ මැතිවුස් ගේ නිළ ෆේස්බුක් පිටු අප පරීක්ෂා කර බැලුවා.

එහි ක්‍රිඩකයන්ගේ ලිපිනය ලෙස සදහන් වූයේ ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනයේ ලිපිනයයි.

මේ අතර මෙම චාලි ඔස්ටින් නැමැත්තා පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද විශේෂ හෙළිදරව්වක් කර තිබුනා , එම වීඩියෝව පහත දැක්වේ

චාලි ඔස්ටින්ට එරෙහිව ප්‍රබලව කරුණු දක්වා ඇති වෙබ් අඩවි ලිපියක link එක පහතවේ,

http://mahajanathawa.com/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F/

මහේල ජයවර්ධන මෙම පුවත් සියල්ල ප්‍රතික්ෂේප කර ඇති අයුරු ඉහත face book පොස්ටුවෙන් දැක්වේ.

තීරණය ඔබට බාරයි ,,,,,

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.