ශ්‍රී ලංකාව අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස ඉහලට ඔසවනවා – ඉරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව , ජාත්‍යන්තරය තුල, අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස ඉහලට ඔසවා තැබීමට රජය කටයුතු කරන බවත් එහිදී පෞද්ගලික අංශයටද වැදගත් හා සුවිශාල කාර්ය භාරයක් පැවරෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටී.
මෙරට සිසු සිසුවියන්ට තෘතීක අධ්‍යාපනය ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ඉදිරියේදී අත්‍යාවශ්‍ය වන බවද ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට එම සහතික පත්‍ර ලබාදීම වෙනුවෙන් පසුගියදා කොළඹදී පවතී උත්සවයකදී සඳහන් කළේය .
මෙරට අධ්‍යාපනික ක්ෂේත්‍රය , නව ලොවට ගැලපෙන පරිදි වෙනස්විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය .
අධ්‍යාපනික වශයෙන් ඉහලට යන මෙරට සිසු සිසුවියන් තම උගත්කම , රටෙත් ජනතාවගේත් යහපත උදෙසා යෙදවීමට වගබලා ගැනීම අතිශයෙන් වැදගත් බවද වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කළේය .
මෙහිදී අදහස් දැක්වූ මෙරට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ටීම් හිගින්ස් මහතා ප්‍රකාශ කර සිටියේ , ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික වශයෙන් වන සබඳතා පෙර නොවූ විරු ලෙස ශක්තිමත්ව පවතින බවයි.
ඉදිරියටත් මෙරට සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නන්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ පුර්ණ සහය ලබාදෙන බවද හිගින්ස් මහතා මෙහිදී පැවසීය.
නවවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 270 දෙනෙකු මෙලෙස ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වරම් ලැබීය .
මෙහිදී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ඩේවිඩ් කොල්ට්මන් මහතා පැවසුවේ ශ්‍රී ලංකික සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඉතාමත් සුදුසු පරිසරයක් ඔස්ට්‍රේලියාව තුල පවතින බවයි.
ස්වින්බර්න් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකික සිසුන්ට අවශ්‍ය උසස් අද්යාපන අවස්ථා සැලසීමට නිරතුරුව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .
මෙම අවස්ථාවට එන් සී එච් සී අද්යාපන විද්‍යා පීඨයේ කුලපති අචාර්ය ඇලන් රොබට්සන් මහතාද , මහා බැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.