ශ්‍රී ලංකාවේ පිපිරීම් දෙස ලෝකයේම අවධානය

ෂැන්ග්‍රිලා සංචාරක හෝටලයImage copyrightGETTY IMAGES
Image captionෂැන්ග්‍රිලා සංචාරක හෝටලය

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර ඇත.

ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානුවන් ශ්‍රී ලාංකිකයන් වෙත හදවතින්ම ශෝකය පළ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“වටිනා ජීවිත සහ සිය ගණනක් තුවාල ලද ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා එල්ල වූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා” යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

“ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින,” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.

සිංහල බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද ට්විටර් පණිවුඩ පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින” බවය.

ඇය පවසා ඇත්තේ, “කිසිදු පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසය මත බියකට පත් වීමට ඉඩ නොතැබිය යුතු,” බවය.

මේ අතර, බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බවය.

මේ අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.