ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසනවා.

කිරින්ද, මහ රාවණා හි සිට නැගෙනහිර දෙසට වන්නට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවට අද අලුයම දැනුම් දී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

marrinetraffic වෙබ් අඩවියට අනුව මෙඩිටෙරනියන් නෞකා සමාගමට අයත් මෙම නෞකාව ලයිබිරීයන් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. 1995 වසරේ නිෂ්පාදිත වසර 26ක් පැරණි මෙම නෞකාව දිගින් මීටර් 299ක් පමණ සහ පළලින් මීටර් 37ක් පමණ වේ. නෞකාව සැලසුම් කළ ලෙස කොළඹ වරායට පැමිණ එතැනින් පිටත්ව සිංගපූරුව කරා යාත්‍රා කරමින් තිබිණි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.