ශ්‍රී ලංකාවේ අලුත්ම දේශපාලන වාතාවරණය පිලිබඳ විදෙස් ප්‍රතිචාර

දින 50කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර තිබේ.

ඇමෙරිකාව

ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය සම්මුතීන් ආරක්ෂා කරමින් සති අන්තයේ සිදුවූ දේශපාලනික වෙනස සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රසාදය පළ කරන බවය.

ඉන්දු පැසිෆික් කලාපයේ වටිනා සහකරුවෙකු ලෙස සලකන ශ්‍රී ලංකාවේ රජය සහ එහි ජනතාව සමග තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පවසා තිබේ.

මේ ගැනත් කියවන්න:

යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන් ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබා දීම අගය කරන බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථිරභාවය පිළිබඳව ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය සහ සියලු ශුභසාධන කටයුතු සඳහා තවදුරටත් සහය ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඔස්ට්‍රේලියාව

මේ අතර, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවති දේශපාලනික අස්ථාවරභාවයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටට පත් වන බවය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මෙම අර්බුදය හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද එම නිවේදනය මගින් ප්‍රසාදය පළ කර තිබේ.

BBC

තවදුරටත් කියවන්න:

ඉන්දියාව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සිය සැබෑ අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටු වන බවය.

මෙම අර්බුදය හමුවේ සියලු දේශපාලනික බලවේග සිය පරිණතභාවය පළ කළ අතර සියලු ආයතන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව ද එහි දැක්වේ.

බ්‍රිතාන්‍යය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: “දුක් විඳි ජනතාවට ප්‍රතිඵල ලබා දෙනවා” – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි
    2018 දෙසැම්බර් 16
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රනිල් වික්‍රමසිංහ පස් වන වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි
    2018 දෙසැම්බර් 16
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද රාජපක්ෂ අභියාචන විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ
    2018 දෙසැම්බර් 14
  • “රනිල් සමග ආණ්ඩු කරන්න අදහසක් නැහැ” ජනපති කියයි, දෝෂාභියෝගයක් වුවත් ගෙන ආ හැකි බව එජාපෙ සහ ජවිපෙ පවසති
    2018 දෙසැම්බර් 13
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම “ව්‍යවස්ථාවට පටහැනියි”
    2018 දෙසැම්බර් 13
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: දින 50 ඉක්මවා ගිය දේශපාලන අර්බුදයේ සුවිශේෂ අවස්ථා
    2018 දෙසැම්බර් 11

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක මැල්කම්ගේ සිහිනය

විස්සයි විස්ස ශ්‍රවණාබාධිත ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත දිනා දුන් ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ගිමදු ලක්රු මැල්කම් සමග සංවාදයක්.

2018 දෙසැම්බර් 20

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම “බ්‍රහස්පතින්දා”

2018 දෙසැම්බර් 19

19 වෙනි සංශෝධනය: ජනපතිට රිසි පරිදි අමාත්‍යාංශ පවරා ගත හැකිද?

2018 දෙසැම්බර් 19

දැක්ම

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.