විජේදාස රාජපක්ෂ පිළිබඳ ජනපති තීරණය කුමක් වේද?

විජේදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනිමේ වගකීම එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පවරා ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ තීරණය මෙතෙක් ප්‍රකාශ වී නැත.

මෙහිදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ යන් ගෙන් කරුණු විමසා අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නමුත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර තීරණය වනුයේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගැනීම මත ඔහු කැබිනට් මණ්ඩලයට හා පක්ෂයට එරෙහි ක්‍රියා මාර්ගයක යෙදී සිටින බැවින් ඔහු තව දුරටත් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමට කිසිසේත්ම යෝග්‍ය නොවන බවය

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.