වයිබර් communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ පුළුල් අවස්ථා

ලෝක ඉමොජි දිනය (#WorldEmojiDay) වෙනුවෙන් නවතම කෙටි පණිවුඩ ප්‍රතිචාර පෙළක් එළිදකී  

 

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, සිය communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ විධි ක්‍රම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ක්ෂණික කෙටි පණිවුඩ සඳහා ඇති ඉල්ලුම ගෝලීය වශයෙන් වර්ධනය වීමත් සමඟ සිය පරිශීලකයින්ට සිය අදහස් කෙටි පණිවුඩ හරහා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි නිර්මාණශීලී පරිසරයක් ගොඩනැගීම වයිබර් හි අරමුණ වී ඇත.

ඒ අනුව යම් කෙටි පණිවුඩයකට ප්‍රතිචාර දැක්වීමේදී ඒ අසල ඇති ‘හදවත’ හැඩය ගත් අයිකනය මත දිගු ස්පර්ශයක් ලබාදීමෙන් එම පණිවුඩයට like, lol, shock, sadness, හෝ anger වැනි ඕනෑම ප්‍රතිචාරයක් එක්කිරීමේ අවස්ථාව උදා වේ. මෙම පුළුල් හැඟීම් ප්‍රකාශන අවස්ථා නිසා Community විශේෂාංගය තුළ ඇති පණිවුඩ, ඡායාරූප හා වීඩියෝ ඇතුළු අන්තර්ගතයන්ට, වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව වයිබර් පරිශීලකයින්ට හිමි වේ.

සන්නිවේදනය යනු දෙපසට ම ගමන් කළ යුතු ක්‍රියාවලියකි. එනිසා තමන්ගේ පණිවුඩවලට සිය සහෘදයින් ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද යන්න දැනගැනීමේ හැකියාව ද පරිශීලකයින්ට තිබිය යුතුය. ඒ සඳහා අදාළ පණිවුඩයට දිගු ස්පර්ශයක් ලබාදී “Info” යන්න තේරූ විට එම පණිවුඩයට සිය සහෘදයින් දක්වා ඇති ප්‍රතිචාර සියල්ල දැකගත හැක.

“සිය පරිශීලකයින්ට උපරිම නිවැරදිතාවයෙන් යුතුව සිය හැඟීම් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාකරදීම සඳහා වයිබර් කැප වී සිටිනවා. කෙටි පණිවුඩයක් කියවීමේදී අප තුළ ඇති වන හැඟීම් සියල්ල ‘like’ යන්නට ගොනු කර දැක්වීම සාර්ථක නැහැ. එනිසා වැඩි යමක් කිරීමේ වුවමනාව අපට තිබුණා. නව Message Reactions විශේෂාංගය ඔස්සේ වඩාත්ම යෝග්‍ය අයුරින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව දැන් පරිශීලකයින්ට හිමිවී තිබෙනවා” යනුවෙන් වයිබර් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.

 

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.