වගකීමෙන් 75% ක්ම මහජනතාව අතේ …

දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මැඬපැවැත්වීමේ ක්‍රියාවලියෙන් රජය සහ සෞඛ්‍ය අංශ සතුව පවතින්නේ 25%ක ප්‍රමාණයක් පමණක් බවත් ඉතිරි 75%ම රඳා පවතින්නේ ජනතාව මත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

“ඔබ දකිනවා ඉතාලිය තමන්ගෙ රෝගීන් සංඛ්‍යාව නවදාහක් වුණාට පස්සෙ තමයි රට ලොක් ඩවුන් කරන්නෙ. එතකොට ඒක ඔවුන් ගත්ත වැරදි තීරණයක්. යම් අතපසුවීම් මැද්දෙ වුණත් චීනය අවසානයේ එය පාලනය කරගන්නවා. ඒ පාලනය කරගන්නෙ දැඩි නීති රීති පැනවීම තුළින්.

මේ වෙනකොට රටක් හැටියට අපට සතුටුවෙන්න පුළුවන් කාරණය තමයි අපි මේක පාලනය කරගනිමින් ඉන්නවා. අපට රෝගීන් 72ක් වාර්තා වෙනකොට අපි අපේ ගුවන් තොටුපල වහලා. එහෙම කරපු ප්‍රධාන රටවල් වලින් එකක්. ඒ කියන්නෙ එකම මරණයක්වත් වාර්තා නොවී රට වහලා ඇඳිරි නීතිය දාලා තීන්දු තීරණ ගත්ත රටක්.

සීයට විසිපහයි රජය සහ සෞඛ්‍ය අංශවලට දැන් තියෙන්නෙ. ඔබව දැනුවත් කරලා තියෙන්නෙ, දැන් සීයට හැත්තෑපහක් ජනතාව අතර තමයි තීරණය තියෙන්නෙ.

මුඛ ආවරණය දානවා, කෝල් එකට ආන්සර් කරන්න පාත් කරනවා, ආයෙ දානවා. එතකොට අතේ තියෙන ඒවා ටික අර මුඛ ආවරණයේ ගානවා, මුඛ ආවරණයේ ටික ආයෙ වාහනේ ගාවනවා. ඒ කියන්නෙ කෙළ බිඳිතිවලින් යනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම මෑතකදි තමා කිව්වෙ වාතයේ මේක තියෙනවා කියලා පැය තුනක් විතර. ඒ වෙනකල්ම තිබිච්ච ස්ථාවරය තමයි කෙළ බිඳිති බිමට වැටෙනවා, වැටිච්ච පෘෂ්ඨවලින් තමයි වැඩිපුරම ගෑවෙන්නෙ කියන එක. එතකොට මුඛ ආවරණය අරගෙන අපි මේසයක් උඩින් තියලා ගියොත් ඒ ගෙදර ඉන්න කුඩා දරුවා හරි කවුරු හරි අරගෙන අපි රෝගය ව්‍යාප්ත කරන ක්‍රමයක් හැටියට තමයි මුඛ ආවරණය භාවිතා වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.