ලොව නවීනතම තාක්ෂණය රැගත් තේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවටත් …

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් (Maxims Holdings) සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ඊයේ  (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතින් විවෘත විය.

රුපියල් බිලියන 02 ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර තිඛෙන ලොව දියුණුම තාක්ෂණයෙන් සැදුම්ලත් මෙම නවීනතම තේ කර්මාන්ත ශාලාව, පරිගණක ගත නවීන ගබඩා සංකීර්ණය සහ නව්‍යතාවයෙන් යුත් කාර්යාල සංකීර්ණයකින් සමන්විත අතර, යාන්ත්‍රානුසාරයෙන් තේ සැකසීම, ඇසුරුම් නිෂ්පාදනය කිරීම ඇතුළු නව තාක්ෂණික හැකියාවන් රැසකින් යුක්තව ඉදි කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපති එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

මුලලේරියාව, අඹතලේ ප්‍රදේශයේ පිහිටා අැති අක්කර 4.5ක භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් කර්මාන්ත ශාලා සංකීර්ණය තුළ අඩි 40 භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රථ වලට පහසුවෙන් ළගාවිය හැකි වනවා මෙන්ම රථ ගාල් කිරීමේ පහසුකම් වලින් ද සමන්විත ය.

තේ අපනයනය, ප්‍රවර්ධනය, විවේක පහසුකම් හා සේවක සේවිකාවන් සදහා උසස් සෞඛ්‍ය සේවා විල්න සමන්විත මැක්සිම්ස් හෝල්ඩින්ග්ස්හි වර්ග අඩි 6500ක පරිගණක ගත රාක්ක සහිත තේ ගබඩා පහසුකම් තිබේ.

මැක්සීම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.