රංගනය යනු කැමරාවක් ඉදිරියෙහි ඇදිවත ලෙහා ගැනීම නොවෙයි.-

 

දේශපාලනය සහ කලාවට පිවිසීමට ප්‍රථම මා මේ රටේ ඉපදුනු සිංහල බෞද්ධ තරැණියක් කියන කාරණාව අමතක කිරිමට මා කිසිවිටෙකත් සූදානම් නැහැ. ඉතා පහත් ගනයේ ප්‍රකාශණයන් සහිත චිත්‍රපට වෙනුවෙන් නිරැවත් වී ලිංගිකව හැසිරී අක්කලා නංගිලා වෙනුවෙන් රංගනයක් කලබවත් එය නිලියකගේ වගකීමක් ලෙස පෙන්වා තමා විශාල වීරකමක් කැපකිරීමක් කල අයෙක් ලෙසත් නැවත නිරැවතින් රගපාන බව පවසන නිලියන් සිටින රටේ මා මගේ රටේ ආධුනික රංගන ශිල්පිණියන්ට ලබා දුන් පූර්වාදර්ශය රංගනයේ සැබෑ අරැතයි..

රංගනය යනු යම්කිසි ප්‍රකාශණයක් වෙනුවෙන් මායාව යථාර්ථයක් කොට තර්කානුකූලව ඔප්පුකර පෙන්වීමයි. ඒ වෙනුවෙන් නිරෑපණ ශිල්පීන් පිටපතට අදාල ප්‍රකාශණය තහවුරැ කිරීම උදෙසා ඉතා බුද්ධිමත්ව සහ සං‍්‍යමයෙන් යුතුව මනෝ භාවයන් හැසිරවි්ම යනු උසස් රංගන ශිල්පිණ් ගේ ක්‍රමවේදයයි. කැමරාවක් ඉදිරියේ ඇදිවත ලෙහාගත් පමණින් කෙනෙකු රංගන ශිල්පිණියක් බවට පත් වන්නේ නැත.

නිලියන් ගණිකාවන් ලෙස හදුන්වා සමාජ ශෝදකත්වය වෙනුවෙන් ගොඩනගන කලා ක්ෂේත්‍රයන්හි ගෞරවය ජන මනසින් කෙලෙසා දැමීමට තරම් ලිංගික අල්ලස් මානසික අල්ලස් මුදල් අල්ලස් තුලින් පැවැත්ම හදාගත් ඇතැමුන් සමත්ව සිටියද මගේ රටේ අනාගත දරැ පරපුර තුල සිටින දක්ෂතා ඇති දැරියන් ගෞරවණීයව රංගන ක්ෂේත්‍රයන්හි නියැලෙනු දැකීම මාගේ සිහිනයකි. කලානිර්මාණයන් තුල ලිංගිකත්වයෙන් තොර ගිහි ජීවිතයක් පෙන්විය න‍ොහැකි බව පවසමින් ලිංගිකත්වය පෙන්වීම වෙනුවෙන් නලු නිලියන් නිරැවත් කොට ලිංගිකව හසුරවන අසහනකරැවන්ට ඔවුන් වැසිකිලියට ගොස් ඒ තුල කරන ක්‍රියාවත් රෑගතකොට බලා සිටින ලෙස මා යෝජනා කරමි.

නිළියක් වීමේ සිහිනයෙන් කොළඹ බලා පැමිණෙන , තම මව් භාෂාව වූ සිංහලවත් හරි හැටි කතා කිරීමට අපහසු බව පෙන්වන, කවුරැන් හෝ ව්‍යාපාරිකයෙකුගේ අනියම් ඇසුරකට හසු වී වාහන වල ඇවිත් බහින, රංගනයට අවස්ථා ලබා ගැනීමට අධ්‍යක්ෂ වරැන්ට නිශ්පාදක වරැන්ට පාවිච්චි වන ඈත පිටිසර ගම්මානවල උපන් අපේ අහිංසක තරැණියන්ට නිලියක් වීමට අවැසිනම් කැප වීම් කල යුතුබව පවසමින් ඡායාරෑපකරණය යන විෂයේ ගැඹුරවත් හරිහැටි නොදත් , කැමරාවක් අතටගත් පමණින් තමා ඡායාරෑප ශිල්පියෙකු යැයි සිතා සිටින පුද්ගලයන් විසින් ඒ අහිංසක තරැණියන් නිරැවත් කොට ලොව ප්‍රකට nude photography කලාව බව පවසමින් නිරැවත් කොට ඡායාරෑප ලබාගෙන පසුව ඒ දැරියන් බියගන්වා අතින් අතට යවන ක්‍රමවේදයට එරෙහිව මා විසින් නිරැවත් නොවූ නිරැවත මැවූයේ නිරෑපනයේදී නිරෑපණ ශිල්පීන්ගේ සහ අනෙකුත් ශිල්පීන්ගේ දක්ෂතාවය මත එම මැවීම ඇති කරලීමට හැකි බවත් කිසිසේත් අප රටේ තරැණියන් නිරැවත් කිරීම අනුමත නොකරන බවත් පෙන්වීමට මිස දේශපාලන කුහකයන් විසින් දමා ගසන මඩ ප්‍රහාරයන් මේ සත්‍ය වටහාගත් ජනතාව විසින් මාගේ නිදොස් බව අභියස සුවද පිච්ච මල් බවට පත්ව පැමිණි බවත් ආධුනික ශිල්පිණියන්ට තමා නිලියක් වීමට ප්‍රථම කාන්තාවක් බවත් කෙදිනකවත් නිලියක් ලෙස කිසිවෙක් වෙනුවෙන් නිරැවත් නොවන ලෙසත් එය මහා වීරකමක් නොවන බවත් දන්වා සිටිමි. හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තබමින් සත්පත්තිනි මෑණියන්ට මා තුලින් පණදුන් මම කෙදිනකවත් පතිදම කෙලෙසා ගැනීමටවත් සිතින් කයින් වදනින් සංවර පතිදාරාවක් වූ මාගේ ධර්මයට සීලයට ලද උත්තරීතර කාන්තා දිවියට නින්දා අපහාස පමුණුවන සියල්ලන්ට උපනුපන් ජාති ජාතිත් මේ භවයේ මෙන්ම මතු සසරේද එහි ප්‍රතිපල භුක්ති විදීමට සූදානම්ව සිටිනමෙන් දන්වමි.

මධුෂා රාමසිංහ – ලක්මවට හඩක්

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.