යුද අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා -නව යුද හමුදාපති

“කිසිම කෙනෙක්ට අපරාධයක් කරන්න බැහැ, හමුදාවේ සෙබලෙක්ට කොහොමත් බැහැ, හමුදා නීතියෙන් වගේම දණ්ඩ නීති සංග්‍රහයටත් අපි යටත්, අපි දෙපාරක් දඬුවම් ලබන කට්ටියක්, එහෙම වැරදි කවුරුහරි කරලා තියෙනවනම් නීතිය ඉදිරියට පමුණුවන්න ඕනේ” යනුවෙන් ඔහු පැවසීය.

යුද බිමේ සිටි නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ලවන යුද අපරාධ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන නමුත් පවතින චෝදනා පිළිබඳව සිදුවන පරීක්ෂණ සඳහා සහය දක්වන බව නව යුද හමුදාපතිවරයා පවසයි.

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් යොදාගෙන මාධ්‍යවේදීන්ට පහරදීම් එල්ලකළ බවට නැගෙන චෝදනා පිළිබඳව සිදුවන පරීක්ෂණවලට හමුදාවේ සහය නොලැබීම ගැන නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව හමුදපතිවරයා පැවසුවේ වැරදිකළ පිරිස් තමන් කිසිසේත් ආරක්ෂා නොකරන බවය.

වසර 30ක් හමුදාව වෙනුවෙන් සටන් කර තම ආරක්ෂාව පතා හමුදාව සහ රට හැරයාමට සිදුවූ අවස්ථාවේ පවුලක වැදගත්කම තමන්ට වැටහුණු බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

අද (ජූලි 05) උදෑසන යුද හමුදාපති ධුරයේ වැඩ බාර ගනිමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“අවුරුදු 30ක් මම වැඩකළේ යුද හමුදාවට, හමුදාවෙන් යන්න කිව්වම පවුල මාව ආපහු ගත්තා, ඒකයි ඒගොල්ලෝ මම අද පෙළපාලියටත් ගෙන්වා ගත්තේ.. අනික් අයටත් කියන්න තියෙන්නේ, ඉවසන්න තමුන්ගේ අවස්ථාව ලැබෙයි, දෛවය එතනට ගෙනියයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලනයේ ගොදුරක් නොවෙයි”

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තරග වැදුණු, 2010 ජනාධිපතිවරණ සමයේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක “තම ජිවිත ආරක්ෂාව පතා” හමුදාවෙන් ඉවත්වී විදේශ ගතවූ අතර ඔහු නැවත හමුදාවට එක්වුයේ 2015 නව ආණ්ඩුවක් පත්වීමෙන් අනතුරුවය.

“මම රට විවේචනය කරන්නවත් ඒ තීරණ විවේචන කරන්නවත් ගියේ නැහැ, මගේ ආරක්ෂාව සඳහා මට යන්න උපදෙස් ලැබුණා” යැයි ඔහු පැවසීය.

රට හා හමුදාව හැරයාමට හේතුව කුමක්දැයි විමසූවිට ඔහු පැවසුවේ තමන් කිසිවිටක දේශපාලනයේ ගොදුරක් නොවූ බවය.

“මම දේශපාලනය කළේ නැහැ, ඒ නිසා මම දේශපාලනයේ ගොදුරක් නෙවෙයි, මම ඒ අවස්ථාවේ රටේ තිබිච්ච තත්වයේ ගොදුරක් බවට පත්වුණා”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.