“යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය”  26 දා සිට

“උතුරට දොරටුවක්” යන තේමාව යටතේ , උතුරු පළාතේ ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් , සංවිධානය කෙරෙන “යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය”  ලබන 26 දින සිට 28 දින තෙක් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ,

යාපනය වානිජ්‍ය මණ්ඩලයේ  , යාපනය මහා නගර සභාවේ , ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ   හා ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලයේ සහයෝගය  යටතේ  පැවැත්වෙන  මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු  කර්මාන්ත හා වානිජ්‍ය කටයුතු අමාත්‍යාශයේ හා යාපනය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පුර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරේ .

නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශන කුටි 350කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතවන මෙම ප්‍රදර්ශනයෙදී වටිනා වට්ටම්  සහිතව නිපැයුම් 2500කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්කෙරේ.

මෙම ප්‍රදර්ශනය   සඳහා ඉන්දීය ඒකාබද්ධ වානිජ්‍ය මණ්ඩලයද පූර්ණ දායකත්වය ලබාදී ඇති අතර සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය (ලෙක්ස්) විසිනි.

විනෝදාත්මක ක්‍රීඩා , විවීධ අහාර පාන සහිත කුටි , මෙන්ම විවිධ විචිත්‍රාංගයන්ද මෙම ප්‍රදර්ශනයට අලුතින්  එක්කිරීමටද සංවිධායකයින් මෙවර කටයුතු යොදා ඇත.

ආසන්න වශයෙන් 60000 ක පිරිසක් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇති බව,  ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතන     වීධායක නිලධාරි ආසිම්ල මුක්තාර්න මහතා සඳහන් කරයි.

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.