යහමගට ගුරු ඔවදන් – ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.

සමාජයට වැඩදායී දරුවකු හදන්න දෙමාපියන් වගේම ගුරුවරයාගේ සහයත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා . දෙමාපියන් තම කුඩා දරුවාගේ සුරතලය , ආදරය විඳින අතරේදී , ඔහුගේ වැරදි හැසිරීම් රටා , දකින්න අකමැතියි. දැක්කත් ඒවා නොදැක්කා වගේ ඉන්න බලනවා , එහෙම නැතිනම් ඒවා වැරදි ලෙස පිළිගන්න මැලි වෙනවා. 

” අනේ තාම නොදරුවොනේ ‘ කියමින් දරුවන්ගේ වැරදිවලට ඇස වසාගන්න එක තමයි බොහෝ දෙමව්පියන් සිදුකරන්නේ . පෙරේ පාසල් වියේදී බොහෝවිට ගුරුවරයෙකුගෙන් තම දරුවා ගැන ලැබෙන විවිධ විවේචන හා චෝදනා වල සත්‍ය අසත්‍ය තාවය නොබලා ඒවා ප්‍රතික්ෂේප කිරීමට දෙමාපියන් පෙළඹෙනවා.

“අපි දරුවට අඩුපාඩුවක් කරන්නේ නැහැනේ . එයාට අපි කොයිතරම් ආදරේද ? එහෙම ළමයෙක් වැරදි කරන්න පුලුවන්ද ? ” වැනි සිතුවිලි තමයි බොහෝ දෙමාපියන් ළඟ ඇත්තේ. ඔන්න ඔතන තමයි  දෙමාපියන් වරද්දගන්න තැන . එතන ඉඳන් ඉස්සරහට යද්දී දරුවාගේ ජීවිතේ හදාගන්න බැරි තරමට වැරදිලා-  එතකොට පසුතවිලා වැඩක් නැහැ.

අර කියමනක් තියෙනවනේ නිය පොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියාගන්න එපා කියල . ඒ නිසා සමාජයට යහපත් දරුවෙක් දෙන්න ඔබ සිතනවා නම්, දරුවන් පිළිබඳව ගුරුවරුන්ගෙන් එන විවිධ චෝදනා ගැන සොයා බලන්න . ඒවායේ සත්‍ය අසත්‍ය තාවය ගැන විමසා බලන්න.  තම දරුවා අතේ වැරදි ඇත්නම් , හැකි ඉක්මනින් දරුවා යහමගට ගන්න කටයුතු කරන්න , වැරදි පෙන්වා දෙන්න…. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය හැකියි.

 

ළමා උපදේශනය පිලිබඳ ආචාරිනී ,

මාලතී ගුණසේකර මහත්මිය 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.