මොනවද මේ වරාය නගර ?

කොළඹ ඉදිවෙමින් ඇති මෙරට ප්‍රථම වරාය නගරයේ,  මුහුදු ගොඩකිරීම් කටයුතු මේවනවිටත් අවසන්ව ඇත .  ඒ අනුව   මෙම වරාය නගරය (Port City) සහ හම්බන්තොට ඉදිවන වරාය කලාප නගරය (Port Zone City) තව වසර කිහිපයකින් ඉදිකර අවසන් වූ පසු අපට වරාය පමණක් නොව වරාය නගර සහ වරාය කලාප නගරද දැක බලා ගැනීමට අවස්ථාව උදාවේ.

waraya2අපට තවමත්මේ නුහුරු නුපුරුදු වුවද ,ලොව පුරා රටවල් රැසක ම වරාය නගර රැසක් ඉදිකර තිබේ. ඉන් පැරැණිතම සහ අලංකාරම වරාය නගර අතර ක්‍රොඒෂියාවේ ඩුබෝවිනික්, ඉතාලියේ වෙනිස්, තුර්කියේ ඉස්තන්බුල්, චීනයේ බෙයිජිං, ග‍්‍රීසියේ ඇතැන්ස්, ස්විඩනයේ ස්ටොක්හෝම්, කැනඩාවේ කුවිබෙක් සහ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් යන වරාය නගර ප‍්‍රමුඛස්ථානයේ තිබේ.

මෙම වරාය නගර තුළ සංචාරක හෝටල්, සුඛෝපභෝගී මහල් නිවාස, විනෝද ක‍්‍රීඩා, පිටි ආදිය ඉදිකර ඇත.

එනිසා මීට වසර විසි ගණනකට පෙර ලොව පැවැති භාණ්ඩ ප‍්‍රවාහනය සමඟ එහි ප‍්‍රවාහනය සඳහා ඉදිකළ වරාය අද වනවිට විනෝද නගර ඉදිවන කේන්ද්‍රස්ථාන බවට පත්ව තිබේ.

වරාය නගර ඉදිකිරීම් සැලසුම් ලොවට හඳුන්වා දුන්නේ චීන ජාතිකයන්ය. වරායක් පමණක් නොව ඒ ආශි‍්‍රතව නගර ඉදිකිරීමෙන් එම අවට ප‍්‍රදේශ සංවර්ධනය කළ හැකි බව ඔවුන් ලොවට පෙන්වා දුනි.

එම පියවර තවත් ඉදිරියට තබමින් ඔවුන් වරාය කලාප නගර (Port Zone City) සැලසුමක්ද මේ වනවිට ලොවට හඳුන්වාදී ඇත.

එම කලාප නගර තුළ හෝටල්, මහල් නිවාස පමණක් නොව කර්මාන්ත ශාලා මහාමාර්ගද ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට ඉදිවන්නේ එවැනි වරාය කලාප නගරයකි. මෙම වරාය කලාප නගර ඉදිකිරීම හඳුන්වාදී ඇත්තේ චයිනා මර්චන්ට් සමාගමය.ලොව විශාලම සමාගම් දහය අතර සිටින චයිනා මර්චන්ට් සමාගම ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඇතුළුව වරාය කලාප නගර 06 ක් ලොව පුරා ඉදිකර ඇත. චීනයේ නගර 02 ක්ද, උතුරු අපි‍්‍රකාවේ ඩිජිබි‍්‍රට් වරාය, බටහිර අපි‍්‍රකාවේ ටොකෝ වරාය සහ බෙලරූස් හි බෙලරූස් වරාය ආශ‍්‍රිතව මෙම වරාය කලාප නගර ඉදිකර තිබේ.

චීනයේ ෂෙන්ෂින් (Shenzhen) නගරය ආශි‍්‍රතවද ඔවුන් ඉදිකර ඇති වරාය කලාප නගරය දැක බලා ගැනීමට පසුගියදා අපට හැකිවිය.

ෂෙකෝ වරාය ආශි‍්‍රතව (Shekou port) මෙම කර්මාන්ත කලාපය ඉදිකර ඇත. කොළඹ දිස්ති‍්‍රක්කය හා සමාන භූමි ප‍්‍රමාණයක ඉදිකර ඇති මෙම වරාය කර්මාන්ත කලාපය තුළ නව මහල් නිවාස සංකීර්ණ නාවික භාණ්ඩ බහාලූම් අංගන (Container yard),නාවික යාත‍්‍රා නිපදවන සහ අලූත්වැඩියා කරන අංගන (Dockyards), අධිවේගී මාර්ග (Expressway) ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිකර ඇත.

1872 වසරේදී ආරම්භ කර ඇති චයිනා මර්චන්ට් සමාගමේ නිර්මාතෘවරයා ලී හොන් ෂැන්ග්. (Li-Hong zhang)

සිය ශක්තිය පෙන්වීම (Selfstrengthening movement) යන තේමාව පෙරටු කරගෙන ඔහු ගොඩනැඟූ චයිනා මර්චන්ට් සමාගම සතුව මේ වනවිට රක්‍ෂණ සමාගම්, බැංකු, නැව් තටාකාංගන, හෝටල්, අධිවේගී මාර්ග ඉදිකිරීමේ කර්මාන්ත ශාලා, නාවික භාණ්ඩ ප‍්‍රවාහන ආයතනද තිබේ.

waraya4චයිනා මර්චන්ට් සමාගම ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සහ කොළඹ වරාය පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා එක්වීම පිළිබඳව එම සමාගමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විධායක නිලධාරි ජැක් හුවාන්ග් මහතා අදහස් දැක්වූයේ මෙසේය.

අප ශ‍්‍රී ලංකාවේ කොළඹ වරාය පර්යන්තයක් සහ හම්බන්තොට වරාය කලාප නගරයක් ඉදිකිරීමට එක්වූයේ ශ‍්‍රී ලංකාව තුළ සංවර්ධන කටයුතු ආරම්භ කර දකුණු ආසියානු කලාපයේ නාවික වෙළෙඳ කටයුතු සඳහා එක්වීමටයි. ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල් කේන්ද්‍ර කරගෙන හම්බන්තොට වරාය ඉදිකර තිබෙනවා. එනිසා එම වරාය ආශි‍්‍රතව කලාප නගරයක් ඉදිකිරීම තුළින් අපගේ ව්‍යාපාර වඩාත් පුළුල් කළ හැකියි.

මෙම කලාප නගරය ඉදිකිරීමේදී ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට, වෘත්තිකයන්ට ප‍්‍රමුඛත්වය ලබා දෙනවා. චීන ජාතිකයන් එක් කරගන්නේ විශේෂ දැනුම ලබා ගැනීම සඳහා පමණයි.

හම්බන්තොට අප ඉදිකරන වරාය කලාප නගරයේ ආයෝජනය සඳහා අප විතරක් නොව ඉන්දියාව, ජපානය ඇමරිකාව ඇතුළු රටවල නියෝජිතයන්ට ආරාධනා කර සිටිනවා යැයිද පැවසීය.

ශ‍්‍රී ලංකාව වැනි රටක් සංවර්ධනය කිරීමේදී ආයෝජකයන් අත්‍යවශ්‍යය. ආයෝජකයන් පැමිණීමේදී ඔවුන් සිය භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා වැඩිwaraya3අවධානයක් යොමු කරන්නේ මුහුදු මාර්ග ඔස්සේය. එය ඉතා ලාභදායී ප‍්‍රවාහන සේවයකි. එබැවින් දකණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා වරාය වැඩිදියුණු කර එහි පහසුකම් ඉහළ නැංවිය යුතුය.

චීනයේ සහ හොංකොං හි අප කළ කෙටි සංචාරය තුළ එය වඩාත් හොඳින් තහවුරු විය. එම රටවල වරාය නගර ආශ‍්‍රිතව සිදුව ඇති සංවර්ධනය රට තුළට ව්‍යාප්ත වී ගොස් ඇති අයුරු දුටු විට අප සිටින්නේ කොතැනදැයි කියා සිතා ගැනීමට නොහැකිය.

අප රට තුළ සංවර්ධන ව්‍යාපෘති සීමාසහිත වීම නිසා සහ නවීන ලෝකයේ රැකියා පහසුකම් අවම වීම නිසා බොහෝ තරුණ තරුණියෝ දියුණු රටවලට යෑමට සහ හොර රහසේ පැන යෑමට උත්සාහ කරති.

එම රටවල සංවර්ධනය දකින ඔවුන් යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ නොකරන්නේ එම සංවර්ධනයන් අප රටට තවම සිහිනයක් බැවිනි.

ඇතැම් සංවර්ධන සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වනවිට දේශපාලනඥයෝ පටු කෝණවලින් බලා එම සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට වෙර දරති. ඔවුනගේ මුසා බස්වලට රැවටෙන ශ‍්‍රී ලාංකිකයෝ විනාශ කරගන්නේ තම රටේ අනාගතය බව වැටහෙන්නේ සංවර්ධනය වූ රටවලට ගොස් එම සංවර්ධනයේ අසිරිය සියැසින් දැකගත් විටදීය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.