අනවශ්‍ය ලෙස මේ අවස්ථාවේ මුව ආවරණ (mask ) භාවිතා කිරීම තුලින් සිදුවන්නේ එය පැළඳීම අත්‍යාවශ්‍ය වූ අවස්තාවකදී භාවිතා කිරීමට මුව ආවරණ නොමැතිවීම වන බව ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මනුජා පෙරේරා අවධාරණය කර සිටී
කොරෝනා වෛරස රෝගය මෙරට තුල තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ තත්වයක් දක්වා බරපතලව නොමැති බවත් මුව ආවරණ පැළඳීම අවශ්‍ය වන්නේ එවැනි ප්‍රජා සම්ප්‍රේශණයක් පවතින අවස්තාවක වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටී .
මේ වන විට මුළු ලෝකයේම මුව ආවරණ හිඟයක් පවතින බවත් ඒ පිලිබඳ සිතා බලා කටයුතු කිරීම වැදගත් වන බවත් ඇය සඳහන් කළාය .
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වාතය මගින් බෝවන බවට ප්‍රකාශයක් නිකුත්කර නැති බවද ඇය මෙහිදී සඳහන් කළාය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය මෙසේද පැවසීය
‘පොදු මහජනතාව “මේ අවස්ථාවේ” #mask හෝ මුව ආවරණ පැළඳිය යුතු නොවේ පණිවිඩයෙ ප්‍රධානතම වදන වන්නේ “මේ අවස්ථාවේ” යන්නයි. “මේ අවස්ථාවේ” ඔබ නිවසටමවී සිටින බැවින් කොහොමත් ඔබට ඒවා අවශ්‍ය වන්නේ නැත .
*කළ හැකි හොඳම දේ නිවෙස්වලටමවී සිටීමය. අත් සේදීමය. ඔබගේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකීමය. මිනිසුන් ගැවසෙන ස්ථාන මගහැර සිටීමය.