මාවනැල්ලේ පස් කන්දක් කඩාවැටී පුද්ගලයින් 4 අතුරුදන්

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබේ. අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වන්නේ.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය සඳහන් කර සිටිනවා.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.