මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂගේ  සාවද්‍ය පුවත් හෙළා දැකේ

ඉකුත් 2019 දෙසැම්බර් 12 වනදා මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක පූර්ණව  රජයට අයත් බැංකු ගිණුම් වාර්තාවක් ගෙන එයින්  අඩක් අතින් වසාගෙන රූපවාහිනී නාලිකාවන්ට  පෙන්වමින් එය  ෆයිට් කැන්සර් කණ්ඩායමේ සභාපති M S H මොහොමඩ් මහතාගේ  බවට  ඉතා නිර්ලජ්ජිතව සාවද්‍ය ප්‍රකාශයක් කරමින් රටම රැවටීම පිළිබඳ ෆයිට් කැන්සර් කණඩායමේ සිංහල බෞද්ධ එකමුතුව වන අප තරයේ හෙලා දකිමු. 
 
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු  අද දක්වාම  වෛද්‍ය වසන්ත දිසානායක   මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් හරහා විවිධාකාර ක්‍රම ඔස්සේ මුළු රටම මුලා කිරීම නතර කොට නොමැති නිසා මෙම සත්‍ය පැහැදිලි කිරීම සිදු කිරීමට අප තීරණය කළෙමු.  මෙවර ඔහු මෙරට අතිශයින් ගෞරවාදරයට පාත්‍ර වූ ගරු ඥානසාර ස්වාමීන්වහන්සේවද සාවද්‍ය තොරතුරුවලින් නොමග යැවීමට කටයුතු කර ඇති අයුරු දක්නට ලැබීම දැඩි සංවේගයට කරුණකි. 12.02.2020 දින උන්වහන්සේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉහත කී සාවද්‍ය පුවත ප්‍රකාශ වීම මෙම සත්‍ය පැහැදිලි කිරීම නිකුත් කිරීමට ප්‍රධානතම හේතුවයි. එසේම මෙම සත්‍ය තොරතුරු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගරු ඥානසාර ස්වාමීන්වහන්සේට දැන්වීමටද අපි කටයුතු කළෙමු.
 
ඉකුත් රජයේ මෙන්ම වත්මන් රජයට අයත් සෞඛ්‍ය අමාත්‍යංශවල බලධාරීන් මෙම  වෛද්‍ය වසන්ත දිසානායකගේ නීති විරෝධී ක්‍රියාකලාපය අනුමත නොකරන බැව් අපට දන්වා සිටි අතර ඔහු මාධ්‍ය ඇතුළුව මුළු රටම රැවටීමට එරෙහිව  අප  සියලු නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නෙමු.   
 
පූර්ණව රජයට අයත් “ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල” යනු  රජයේ (සෞඛ්‍ය අමාත්‍යංශයේ) ඉහළම බලධාරීන්ගේ අධීක්ෂණයට පමණක් යටත්ව පවත්වාගෙන යන ගිණුමකි.  මහරගම පිළිකා රෝහල වෙනුවෙන්,  
ලංකා බැංකු මහරගම ශාඛාවේ ඇති ගිණුම් අංක  71275069 දරණ එම ගිණුම : පිළිකා රෝහලට අත්‍යවශ්‍ය බවට එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරු 7 දෙනෙකු සහතික කොට ලිඛිතව ඉල්ලා සිටි ස්කෑන් යන්ත්‍ර 2ක් ලබා ගැනීමට රට පුරා විසිර සිටින මහජනයාට මුදල් පරිත්‍යාග කිරීඹට රජයෙන් වෙන් කර ඇත්තේ මෙම ගිණුමයි.
මෙම ගිණුමට මහජනයා මුදල් පරිත්‍යාග කරන්නේ පිළිකා රෝහලට අවශ්‍ය  කෝටි 100ක් වටිනා ස්කෑන්ස් යන්ත්‍ 2ර මිල දී ගැනීමට මිස වෛද්‍ය වසන්ත දිසානායකට රිසි සේ මුදල් භාවිත කිරීමට නොවන බැව් ඔහු හොඳින්ම දන්නේය. කෝටි 100ක් මහජන ආධාර රැස්වනතුරු රජය මෙම මුදල් භාවිතයට ගැනීම නොකරයි.
 
මෙම ගිණුම පරීක්ෂා කිරීමටත්, ඔිනෑම අවස්ථාවක තම පරිගණකයෙන් ගිණුමට වැටෙන සියලු මුදල් සියැසින් දැක ගැනීමටත් නීතිමය බලය ලත් බලධාරීන් අතරින් වෛද්‍ය වසන්ත දිසානායකද එක් අයෙකි . ඒ පිළිබද ඔහුගේ කටින්ම වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු ජනතාව දැනුවත් කළ වීඩියෝ පටයක් මේ සමග අමුණා ඇත.  https://www.youtube.com/watch?v=AtwN7sOnFho – 2019 April 18
 
1981 අංක 13 දරන ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල පනත යටතේ සෙඛ්‍ය අමාත්‍යංශය පිහිටුවා ඇති එවැනි නෛතික බලයකින් සන්නද්ධ රාජ්‍ය ගිණුමක  ශේෂය බැංකුවෙන් බලා ගැනීමට තරම්වත් පිටස්තර සිවිල් පුරවැසියෙකුට නීතිමය බලයක් නැත. එවැනි නීතියෙන් සන්නද්ද ගිණුමක් රජයේ සේවකයෙකුවත් නොවන අතිශය සාමාන්‍ය පුරවැසියෙකු වන මොහොමඩ් මහතාගේ බව පවසමින් පිළිකා රෝහලට අනුපමේය මෙහෙයක් ඉටු කළ මොහොමඩ් මහතාගේ  ආත්ම ගෞරවය පණ පිටින් වල දැමීමේ සාහසික ක්‍රියාවේ වෛද්‍ය වසන්ත දිසානායක නිරත වෙමින් සිටියි.
 
 එපමණක් නොව නිල මුද්‍රා සහිත විශ්වසනීය ලිඛිත මූලාශ්‍ර  සාක්ෂි කිසිවක්  මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය. මෙම සමාජ සත්කාරයට ඉකුත් අප්‍රේල් 22 වනදා දක්වා දායක වූ තමා කිසිදා නොදුටු නොහදුනන ලක්ෂ සංඛ්‍යාත උත්තරීතර පරිත්‍යාගශීලීන්  ත්‍රස්තවාදීන්දැයි සැක හිතෙන බැව් මාධ්‍යට පැවසීමට තරම් ඔහු අවරගණයට පත්විය. 
 
 ඔහුට සැබවින්ම එවැනි සැකයක් ඇත්නම් ඔහු මුලින්ම ඒ පිළිබද විමසිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනි. මන්ද යත් මෙම ගිණුම සහ වෛද්‍ය වෛසන්ත දිසානායක නිල වශයෙන් අයත් වන්නේ සෞඛ්‍ය අමාතංශයටය. මෙතෙක් ඔහු එවැනි නිල විමසීමක් කිරීමට කටයුතු නොකලේ මන්ද? මේ කිසිවක් පිළිබද විද්‍යුත් මාධ්‍ය මෙතෙක් ඔහුගෙන් නොවිමසා සිටියේ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරයා කිසි විටෙක මෙවන් සාහසික වංචාවක් රටට සිදු කරනු ඇතැයි සිහිනෙනුදු නොසිතූ නිසා විය හැකිය. ඔහුගේ තනතුර පිළිබඳ දැරූ අසීමිත විශ්වාසය විය හැකිය. එම විශ්වාසයත් වෛද්‍යවරයා සතු නිලයේ බලයත් අතිශය අයථා අන්දමින් භාවිත කොට ඔහු සිදු කරගෙන යන බරපතල නීති විරෝධී ක්‍රියාවට මාධ්‍යවේදීන් හා රටේ කීර්තිමත් පුද්ගලයින් සූක්ෂමව ඉත්තන් ලෙස හසු  කර ගනිමින් ඉතා සූක්ෂමව ඔහු සිය වංචාව මෙතෙක් කලක් රැගෙන ආවේය.

එහි උච්චතම අවස්ථාව සටහන් කරමින් වෛද්‍ය වසන්ත දිසානායක  පසුගිය 12.12.2019 දින මෙරට ප්‍රධානම රූපවාහිනී නාලිකාවලට තම රෝහලට අයත් ඉහත කී ගිණුමේ වාර්තාවක් පෙන්වා එය මොහොමඩ් මහතාගේ බව  පවසා අහිංසක මිනිසෙකු දැඩි මානසික කම්පනයකට ලක් කොට 
මොහොමඩ් මහතාගේ ආත්ම ගෞරවයට පණ පිටින් වළ දැමීමට කටයුතු කළේය.  සිය පුතු මිය ගිය වේදනාවෙන් පෙලෙන දුප්පත් අසරණ පියෙකු වූ මොහොමඩ් මහතා සිදු වූ අසාධාරණයෙන් හටගත් කම්පනය දරා ගත නොහැකිව රෝගාතුර  වූයේය.
2019 දෙසැම්බර් මස 10 වන දින සිට දින කිහිපයක් අඛණ්ඩව ඔහු සිය මුහුණු පොතේ ගිණුම හරහාද වෛද්‍ය වෘත්තියේ ගෞරවයද කෙලෙසමින් අතිශය අසභ්‍ය වදන් සටහන් කරමින් සාහසික සාවද්‍ය පුවත් ප්‍රචාරණයේ නිරත විය.

වෛද්‍ය වසන්ත දිසානායක සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිලධරයන් සාක්ෂි දරනු ඇත. මෙම සමාජ සත්කාරයට අදාලව නිකුත් වී ඇති සියලු සත්‍ය නීතිමය ලියවිලි සාක්ෂි දරනු ඇත. මෙම ගිණුම පිහිටා තිබෙන මහරගම ලංකා බැංකුවේ කළමණාකාරීත්වය සාක්ෂි දරනු ඇත. මහරගම පිළිකා රෝහලේ ගිණුම් අංශය සාක්ෂි දරනු ඇත. 
එම සියලුපාර්ශවයන්ගෙන් කරුණු නොවිමසා, ලිඛිත සාක්ෂි සත්‍යද යන්න නොවිමසා මෙම වෛද්‍යවරයා  මුවින් පිට කරන සාවද්‍ය තොරතුරුවලින් ගෞරවනීය මාධ්‍ය ආයතනයක් මෙන්ම සමස්ත රට වැසියන් නොමග යැවීමට ඔහුට ඉඩ නොතබන මෙන් අප කාරුණිකව ආයාචනා කර සිටිමු.
 
වරින් වර මෙම ගිණුමට වත්මන් අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන ප්‍රබලයන්ද සිය මුදල් පරිත්‍යාග කරන ලද්දේ පිළිකාවට පක්ෂ බේදයක් නොමැති බව වටහා ගත් නිසා මෙන්ම එම ගිණුම රජයට අයත් බවත් ගිලනුන්ගේ සුවය උදෙසා පිහිටුවා ඇති බවත් හොදින්ම දන්නා නිසාය.
 
මේ සියලු කරුණු සළකා බලා අතිගරු ජනාධිපතිතුමන් සහ ගෞරවනීය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක සිදු කරන නීති විරෝධී කටයුතුවලට එරෙහිව වහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
 
එමෙන්ම දුරකථනය හරහා ඇතැම් පරිත්‍යාගශීලීන්වද  සාවද්‍ය තොරතුරුවලින් නොමග යවමින් එම පරිත්‍යාගයන් නවතා දැමීමට මෙම වෛද්‍යවරයා කටයුතු කළේය. මහරගම පිළිකා රෝහලේ වැඩි වශයෙන් සිටින්නේ අතිශයින් දරිද්‍රතාවයෙන් පෙලෙන දුප්පත් රෝගීන්ය. ෆයිට් කැන්සර් කණ්ඩායම ලබා දීමට යන ස්කෑන් යන්ත්‍ර ඔවුනට හිමි වුවහොත් නොමිලේ ස්කෑන්ස් සිදු කර ගැනීමේ වරම් උදා වෙයි. එම රෝගීන්ට නොමිලේ හිමි වීමට යන යන්ත්‍ර අහිමි කිරීමට මෙම වෛද්‍ය වසන්ත දිසානායක මෙතරම් උත්සහයක් දරන්නේ මන්ද? ඔහුට පුද්ගලික රෝහල්වලින් ලැබෙන යම් කොමිස් මුදලක් අහිමව යන නිසාද? ඒ  පිටුපස ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන භයානක ජාවාරමක් තිබෙන බව තිබෙන බවට සැකයන් එල්ලවන ලක්ෂණ බෙහෙවින් දැකිය හැකිය. මෙම වෛද්‍යවරයාගේ නීති විරෝධී කටයුතුවල සුල මුල සොයා වාර්තා කිරීමට ගෞරවනීය මාධ්‍ය ඔබ කටයුතු කරනු ඇතැයි අප කාරුණිකව අපේක්ෂා කරමු. මෙම සිදුවීමට අදාල සියලු නීතිමය ලියකියවිලි සහ දීර්ඝ විස්තරයක් මේ සමග අමුණා ඇත.
 
Fight Cancer Team Media Unit
 
 
 
මීට දින දෙකකට පෙර 11 පෙබරවාරි 2020  සෞඛ්‍ය ඇමතිතුමිය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  ජාතික රූපවාහිනයේ  පැවති  මහජන දිනය සජීවි රෑපවාහිනී වැඩසටහනේදී   සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් පිළිකා රෝහලට   ස්කෑන්ස් යන්ත්‍ර 2ක් ලබා දීමට ගෙන යන සමාජ සත්කාරය පිළිබද ඇසූ ප්‍රශ්න කිරීමට එතුමා ලබාදුන් පිළිතුර. 
 

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.