පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය  16 දා ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය.

එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි.

එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත.

මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. එම වෙරළ තීරයේ උෂ්ණත්වය මෙම සතිය තුළ තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබිණි.

මෙම තත්ත්වය මත සෙනසුරාදා දින (අගෝස්තු 15) විදුලි බලාගාරයක් අක්‍රීය වීම හේතුවෙන් කැලිෆෝනියාවේ දින දෙකක් පුරා විදුලි බලය ඇනහිට තිබිණි.

‘ඩෙත් වැලි’ ජාතික වනෝද්‍යානයේ සේවය කරන බ්‍රැන්ඩි ස්ටුවර්ට් බීබීසී වෙත පැවසුවේ, “එය පීඩාකාරී උණුසුමක්. එය කෙලින්ම ඔබේ මුහුණට දැනෙනවා,” යනුවෙනි.

බ්‍රැන්ඩි ස්ටුවර්ට් කඩින් කඩ වසර පහක් පුරා ජාතික වනෝද්‍යාන තුළ පදිංචි වී සේවය කරන තැනැත්තියකි. පිටත පවතින දරා ගැනීමට අපහසු උෂ්ණත්වය නිසා අගෝස්තු මාසයේ වැඩි කාලයක් ඇය නිවසට වී ගතකරයි .

“රත් වූ කොණ්ඩය වේලන උපකරණ පොකුරකින් මුහුණට පහරක් ගහනවා වගෙයි පිටතට ඇවිද යන විට දැනෙන්නේ. ඔබට උණුසුම දැනෙන්න ගන්නවා. එය උඳුනක් ඇතුළට ඇවිදීම හා සමානයි. උණුසුම ඔබ වට කරගන්නවා,” ඇය පැවසුවාය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.