ප්‍රමුඛ පෙළේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ සමාගමක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරයි

 

ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්‍ෂණ සමාගමක් වන hcl ටෙක්නොලජීස් සමාගම මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත්ව ඇත .

ඒ අනුව එම HCL සමාගමට අයත්  ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මධ්‍යස්ථානය අන්තර්ජාලය හරහා පසුගියදා  විවෘත කෙරින .

උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහාභාගී වූ අතර  . ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද  මෙම අවස්ථාවට විශේෂ අමුත්තකු වශයෙන් සහභාගී විය.

. ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන HCL සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල නිරත වීම ශ්‍රී ලංකාවට මහත් ශක්තියක් වන බවද එමගින් ශ්‍රී ලාංකික තරුණ පරපුරට සැලකිය යුතු අවස්ථාවන් උදා වන බවද අගමැතිවරයා මෙහිදී  ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්වරයා  ප්‍රකාශ කළේ HCL සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල නිරත වීම රැකියා ජනනය සහ දැනුම සහ කුසලතා ලබා දීම තුළින් තරුණ පරපුර සවිබල ගැන්වීම උපකාරී වන බවයි. විවෘත කිරීමේ උත්සවයේදී පහන් දැල්වීම තුළින් නව අදහස් ඇති ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ දක්ෂතා සහ හැකියාවන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආලෝකමත් වීම සංකේතවත් වන බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව සිය ශක්‍යතාවයන් සියලු මිතුරන් සහ සහකරුවන් සමඟ බෙදා ගන්නා බවද කලාපයේ ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා ශ්‍රී ලංකාව සමඟ තිබෙන පුළුල් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ  කළේය.

 

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.