නිරෝධායන කාලය අවසන් කරන කොරෝනා ආසාධිතයින් PCR පරීක්ෂණ සිදුනොකර සමාජයට මුදානොහරින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී
මේ වනවිට නිරෝධායන පිරිසෙන් බහුතරයක් පෑළියගොඩ පොකුරට අයත් බවත්, ඒ අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්ද නැද්ද යන්න නිශ්චිත තහවුරුවකින් තොරව නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු සමාජයට මුදාහැරිම අවදානම් බවත් අළුත්ගේ මහතා පෙන්වා දුන්නේය .
නිරෝධායනය අවසන් වී සමාජයට මුදාහැරීමට නියමිතව සිටි අයගේ අවසන් PCR පරීක්ෂණයෙන් ඔවුන් ආසාදිතයින් බව තහවුරු වී තිබුණු අතර යම් හෙයකින් ඔවුන්ට PCR පරීක්ෂණය නොකර සමාජයට මුදාහැරියේ නම් ඔවුන් සමජගත්වන්නේ රෝගීන් ලෙස බව ඔහු පෙන්වාදුන්නේය.