ධාතූන්වහන්සේලා ට හාස්කම් තිබේද?

ධාතූන්වහන්සේලා වැදපුදා ගන්න බොහෝමයක් බෞද්ධයන් කැමතියි….
එමනිසාම අද ධාතු වන්දනාවන් ලංකාවේ වැහි වැහැලා…

අපේ සත්‍ය ධාතු, අපේ නිසැක ධාතු ලෙස මේවා සංවිධානය කරන මාධ්‍ය ආයතන අතරේ යම් තරගකාරී ස්වභාවයකුත් අප දුටුවා…
මේ ධාතු ප්‍රදර්ශන වල කිලෝමීටර ගණනක පෝලිම් තිබෙනවා…..

ඒවාගේම අලුත් වැඩක් ලෙස.ඩීමෝ බට්ටෙක් ගෙන බුදුපිළිම ටිකක් සහ ධාතු කරඩුවක් තබා ආධාර ඉල්ලීමකුත් දකින්න ලැබෙනවා..සැදැහැවත් බෞද්ධයන් ඒක දිහා බලලා බොහෝම භක්තියෙන් වැදනමස්කාර කරලා ආධාරයකුත් කරල යනවා….

ඒවාගේම මේ ධාතූන්වහන්සේලා ගැන නොයෙක් කතා තිබෙනවා….
ධාතූන්වහන්සේලා ඍදි ප්‍රාතිහාර්යයන් පානවාය, ධාතූන්වහන්සේලා සෙලවුනෝතින් වැස්ස වහිනවාය, ධාතූන්වහන්සේලා තැන්පත් කර තිබෙන චෛත්‍යාදීන්ගෙන් බුදුරැස් විහිදෙනවාය වගේ දේවල්
ගැන ගොඩාක් අය කියන්නේ බොහෝම භක්තියකින්….

මේ ගැන විද්‍යාත්මක ව අදහස් දැක්වීමට ගියහොත් අපට නොසෑහෙනට වරදවා වටහාගැනීම් නිසා ගල් මුල් වැදෙන්න පුලුවන්..

එනිසා අප තීරණය කළා මෙය බුදුදහම මගින්ම විචාරය කර්න්න…

ධාතූන් වහන්සේ කෙනෙක් වැදපුදාගෙන බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගැනීම අපට ගැටලුවක් නැත..

නමුත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බන්ධ වග්ගයේ වක්කලී සූත්‍රයේදී ඉතා පැහැදිලිව වක්කලී භික්ෂුවට දේශනා කළේ මෙලෙසයි

…..වක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමෙකැයි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය…………

එමනිසා කළයුතුවන්නේ පෝලිමේ ගොස් ධාතූන්වහන්සේලා වන්දමාන කිරීමද, පෝලිමේ ගොස් බුදුදහම අධ්‍යනයද යන්න සිතීම ඔබට බාරයි…..

දැන් අපි ගම්මුකෝ හාස්කම් ගැන…..

බුදුදහම ට අනුව බුදුරජාණන්වහන්සේ පරිණිර්වාණයෙන් පසු විනාශව ගියහ..

ඉතිං බුදුරජාණන්වහන්සේ කුණු කය ලෙස සැලකූ ශරීර කොටසකින් හාස්කම් වේ ලෙස යමෙක් පවසනවානම් ඔහු ථේරවාදී බෞද්ධයෙක් නොවේ….

බුදුරැස් විහිදවීමට,වැසි වැස්සවීමට හෝ ඍදි ප්‍රාතිහාර්යයන් පාන්නට බුදු ශරීරයේ කොටස් වලට හැකිවීමට නොහැක්කේ ඒවාගේ බුදු කෙනෙක් නොමැති හෙයිනි…

පැහැදිලි වම ගෞතම බුදුන්ගේ කිසිවක් ඉතිරි ව නොමැති අතර ඉතිරිව ඇත්තේ බුදුන් වදාල ධර්මය පමණි….

බෞද්ධයෙකු වන ඔබ තවමත් මේ හාස්කම් ආදිය පිළිගන්නේ නම් ඔබ ඇත්තටම බෞද්ධයෙක් ද යන්න නැවතත් සිතා බැලිය යුතුය…

Link     –     https://www.facebook.com/younghumanistsl/?hc_ref=ARQp5o1i8__yM0ad0cdd_8uT4IThLignFzVv9SC7aK2ODdXHfEdrfCWx8QO3G0irDo0&fref=nf

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.