දුමින්ද සිල්වා බැලීමට ගොස් වැඩ තහනමට ලක්වූ විනිසුරුවරිය ගැන ඇගේ මිතුරියකගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්.

(පහත දැක්වෙන්නේ ඇමෙරිකාවේ පදිංචි  තරින්දි හෙම්බාදුර ද සිල්වා මහත්මිය විසින් freemedia.lk වෙබ් අඩවිය වෙත එවූ ලිපියකි . සැමවිටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අප එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පළකර සිටිමු. කෙසේ වෙතත් මෙම ලිපියේ අන්තර්ගත කරුණු වල සම්පූර්ණ වගකීම ලියුම්කාරිය සතුවේ.)

 

“මා මේ ලිපිය ලියනුයේ ඇමරිකාවේ සිටය. මෙය ලිපිය ලිවීමට  හේතුපාදක වූයේ මාගේ ඉතාම සමීපතම යෙහෙළියක වන දැනට වැඩ තහනමකට ලක්ව සිටින අතිරේක මහෙස්ත්‍රාත් තුමියක් වන අයේෂා අබ්දීන් මහත්මියයි.

වසර  දෙකක සිට වැඩ තහනමට ලක්ව සිටින ඇය  මේ වන විට කිසිඳු ආදායම් මාර්ගයක් නොමැතිව අසරණව සිටී.  මීට වසර දෙකකට පමණ  පෙර මෙරට ජාතික පුවත්පත් වලද විද්‍යුත් මාධ්‍ය වලද   ඇය ප්‍රධානතම මාතෘකාවක් විය ,මරණ දඬුවමට ලක් වී සිටින දුමින්ද සිල්වා බැලීමට යාම එහිදී මාධ්‍ය මගින්   ඇයට එල්ල කල ප්‍රධානම චෝදනාව විය  ,

මාගේ මිතුරිය අයේෂා සඳහන් කරන පරිදි එවකට අලුත්කඩේ උසාවියේ සේවය කරනවිට සෑම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනකම බන්ධනාගාර අධීක්ෂනය සිදුකළ හැකිය. එහිදී ඇය කලින් දන්නා හඳුනන පුද්ගලයෙකු වූ දුමින්ද සිල්වා බැලීමට ගොස් ඇත. එය හුදෙක් මානුෂීයව කරනා ලද දෙයක් මිස ඔහුව නිදහස් කිරීමට ගන්න ලද ප්‍රයන්තයක් නොවීය. සිරකරුවෝද මනුෂ්‍යයෝය. මෙහිදී ඇය සාමාන්‍ය පුරවැසියෙකු බැලීමට ගියා නම් ඇය තවමත් ඇගේ රැකියාවේ නිරතවන්නීය. ඇගේ අවාසනාවට දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකි.

මෙහිදී මාධ්‍ය මෙය විශාල පුවතක් ලෙසත් , විශාල වැරද්දක් ලෙසත්  හුවා දක්වන ලදී. මාධ්‍ය විසින් ඇයට කරන ලද අසාධාරණය මාධ්‍ය විසින්ම නිවැරදි කළ යුතු යැයි මට හැඟේ.සත්‍යය ද හෙළි කළ යුතුය.නිවැරදිව විමසා බලා හෙළි කළ යුතුය. හොඳම යෙහෙළියක් ලෙස මා හට තවත් නිහඬව බලා සිටිය නොහැකිය.

මේ සියලු චෝදනා ඇයට එල්ල වනවාත් සමගම ඇය වැඩ තහනමට ලක් විය.තවමත් මෙම නඩුව විභාග වන බැවින් වෙනත් රැකියාවක් කිරීමටද ඇයට නොහැක. මා හොඳින් දන්නා පරිදි ඇයගේ පෞද්ගලික ජීවිත කතාව ඉතාම කටුක එකකි. ඇයගේ මව මිය යනුයේ ඇයට වසර දෙකක් තරම් කුඩා කාලයේදී ය.

මව සිංහල කාන්තාවක් වූ අතර පියා මැලේ ජාතිකයෙකි. ඇගේ පියා නැවත විවාහයක් කරගත්තේ ද නැත. අවුරුදු පහළවේ දී මුස්ලිම් ජාතිකයෙකු සමග විවාහවීමට ඇයට සිදුවේ. නමුත් ඇය තමන්ගේ ප්‍රථම දරුවා බිහි කිරීමෙන් පසු එම විවාහය දෙදරා ගියේය .  එවකට කිසිදු උගත් කමක් නොතිබුණු ඇය [අ.පො.ස සාමාන්‍ය පෙළද නොකර තිබූ] ජීවිතය ජය ගැනීමට සාමාන්‍ය පෙළ උසස් පෙළ පෞද්ගලික පන්ති ගොස් මහත් වෙහෙස මහන්සියෙන් ඉගෙන ගෙන සමත්වී ,  නීති විද්‍යාලයට ඇතුළත් වේ.

තම දක්ෂතා නිසාම , නීතිඥ වරියක ලෙස දීර්ඝ ගමනක් ආ ඇය පසුව විනිසුරු වරියක් ලෙස කලක් කටයුතු කළාය. 

මාධ්‍ය සහ  පාර්ලිමේන්තුවේ ඇති වූ කතාවන්ට අනුව  ඇය වැරදි කාරියක් නම් ,ඇය “පගා”  ගත්තේ නම් මේ වෙනකොට අඩු තරමේ ඇයට තමාගේ කියා නිවසක් හෝ ඉඩමක්වත් තිබිය යුතුය. ඇය තවමත් සිටිනුයේ කුලී නිවසකය. ඇයට කියා ඉඩමක්වත් නොමැත. ඇය කළ එකම දෙය නම් තම එකම දරුවා එංගලන්තයට යවා  ඉගැන්වීම පමණකි.

මේ කරුණු සත්‍ය හෝ අසත්‍ය දැයි සොය බලන්න. එය මධ්‍යයේ යුතුකමකි. වගකීමකි. මාලිගකන්ද උසාවියේ අතිරේක මහෙස්ත්‍රාත් වරියක් ලෙස කටයුතු කරන අතරතුර ඇය කියූ පරිදි වෙලේ සුදා නම් වූ කුඩු රජා හිර කිරීමට ඇය ප්‍රධානව දායක වූවාය. ඇයට අනුව එහිදී ඔහුව නිදස් කිරීමට කෝටි ගණනින් මුදල් ලබා දීමට තැත් කළත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇත.  මාලිගකන්ද යනු කුඩු ගුහාවකි. ඔය කියනා පරිද්දෙන් ඇය පගා ගත්තේ නම් මේ වන විට මාළිගාවක් වැනි ගෙයක් තිබිය යුතුය. තවමත් කුලී ගෙවමින් කුලී නිවසක සිටිය යුතු නොවේ.

ලංකාව කියනා රටේ නිහඬ සේවය කරන මිනිසුන්ට වන්නේ ඉතා අසාධාරණයකි. මේ ලිපිය ඒ සම්බන්ධයෙන් මාගේ මිතුරිය කිසිවක් නොදනී. ඇයට සිදුවී ඇති ඉතා පහත් ගණයේ අසාධාරණ චෝදනා වලට සාධාරණයක් ඉටුවිය යුතුය.  ගැහැනියකට විශේෂයෙන්ම යෙහෙලියකට වූ මේ අසාධාරණ චෝදනාව නිහඬව බලා සිටිය නොහැක. මෙයට සාධාරණයක් ලංකාව තුළම ඉෂ්ඨ විය යුතුය. එසේ නොවුණ විටදී ශ්‍රී ලාංකිකයන් විදේශීය පිහිට පතයි.

ලංකාවේ අධිකරණය කොතරම් සාධාරණද ස්වාධීනද කියා කිසිදු දිනක උසාවියකට නොගිය මා නොදනිමි. මාධ්‍යයෙන් මා ඉල්ලාසිටිනුයේ සත්‍ය සොයා බලා නිවැරදි කිරීම පමණකි. මේ ලිපියේ අඩංගු සියලු තොරතුරු වල වගකීම මම බාර ගනිමි.ලංකාවේ කුඩු උවදුර මැඩලීමට කටයුතු කළ අතිරේක මහෙස්ත්‍රාත් වරියට තව දුරටත් ලංකා මාතාවට සේවය කිරීමට වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ඉතා දීර්ඝ ගමනක් දුක් මහන්සි වී ජීවිතය ගොඩනගා ගත් මාගේ මිතුරියට සාධාරණය ඉටුවිය යුතුය.”

                                                                                මේ ලිපිය ලියනුයේ,

                                                                                තරින්දි හෙම්බාදුර ද සිල්වා.

Masters in Education at Arizona State University

Behavior Therapist at Applied Behavioral Mental Health Counseling

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.