දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලංකාවේ

 
 
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල  `ද වන්`  නමින් ශ්‍රී  ලංකාවේ ඉදිකිරීමට මේ වනවිටත්  කටයුතු ආරම්භ කර ඇත අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයටද සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇති බව වන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාර සීමාසහිත වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර් සමාගම ප්‍රකාශ කරයි.
 
කොළඹ කොටුව නගර මධ්‍යයේ ඉදිවන ” ද වන්’  ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම්  , 2021 වසර වනවිට එහි ඉදිකිරීම් අවසන් කෙරෙනු ඇති අතර ඉදිකිරීම්  අවසානයේ  මෙය මීටර් 326ක උසකින් යුක්ත වනු ඇති බවද ඉදිකිරීම් භාර සීමාසහිත ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර් සමාගම සඳහන් කරයි.
 
ඒ අනුව එය  දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස වාර්තාගත වීමට නියමිතව ඇත. කුළුණු ත්‍රිත්වයකින් සමන්විත මෙම ‘වන් ‘ ගොඩනැගිල්ල වර්ග අඩි මිලියන 4.5 ක් පුරා පැතිර යයි. මෙම ගොඩනැගිල්ල , කාර්යාල , නිවාස , වෙළඳ සංකීර්ණ , හා  උත්සව ශාලාවලින්ද  සමන්විතය.
 
රිට්ස් කාල්ටන් සුඛෝපභෝගී හෝටලය හා රිට්ස් කාල්ටන් රෙසිඩන්සීස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයද මෙයට ඇතුලත්වේ,මෙම ගොඩනැගීල්ලෙහි ඉහලම කොටස  හෙලිකොප්ටර යානා ගොඩබැස්සවීමේ හැකියාවෙන්ද සමන්විතවීම විශේෂත්වයකි.
 
මෙම සුවිශේෂී ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කරනුයේ චීනයේ ෂෝන් යියෑන්ග් ඩින් හුයි සමාගමයි. 
 
ගොඩනැගිල්ල සම්භන්ධව  මාධ්‍යයට අදහස් දැක්වූ ෂොන් ටයෑන් ඩින් හුයි ආයෝජන සමාගමේ සාමාන්‍යාධිකාරී සෑම් හු මහතා මෙසේ ප‍්‍රකාශ කළේය , ”දකුණු ආසියාවේ උසින් වැඩිම මහල්  ගොඩනැගිල්ල වන මෙය  නූතන ගෘහනිර්මාණ ශිල්පයේ මූර්තියක් ද වෙයි. මෙම දිලිසෙන මන්දිර ති‍්‍රත්වය වර්ග අඩි මිලියන 4.5 ක් පුරා පැතිරෙන අතර එය කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩමක පිහිටුවන අතර එය රටේ සංවර්ධනයේ වැදගත් ජයග‍්‍රහණයක් වෙයි. අපි මෙම ඉතා උස් ගොඩනැගිලිවල නිවාස සමග ලෝකයේ ඉතා අනර්ඝ තත්ත්වයේ හෝටල්වල පහසුකම් සහ සේවාවන්ද සපයමු. එමගින් ඉතා සුඛෝපභෝගී දිවිපෙවතක් ගතකරමින් අනන්‍ය වූ ජීවන අත්දැකීම් ලබාගැනීමට නිවැසියන්ට අවස්ථාව ලැබේ. 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.