තරු පහේ සැණකෙළිය හෙට (24) ඇරඹේ.

ශ්‍රී ලංකාවේ  ස්ථාපිත සියළුම තරුපන්තියේ සංචාරක හෝටල්  සාමාන්‍ය ජනතාවට  විවෘත වන  තරුපහේ ආහාර ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙම මස 24,25 හා 26 දිනයන්හි දී  කොළඹ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව පැවැත්වේ. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කොළඹ නගරයේ  සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කිරීම  සදහා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන  මෙම ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය හා සැණකෙළිය සදහා  සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක හෝටල්  හිමිකරුවන්ගේ  සංගමය ඇතුළු සංචාරක  ක්ෂේත්‍රය  නියෝජනය කරන සංවිධාන රැසක  සහයෝගයෙන්  ආරම්භ වන වැඩසටහන සදහා  දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වනු ඇතැයි සමාජ මාධ්‍ය ප්‍රචාරණ තොරතුරු මගින් අනාවරණය විය. විශේෂ අවස්ථා හැරුණු කොට සාමාන්‍ය තරු පන්තියේ හෝටලයක පිළියෙල කරනු ලබන  ආහාර වේලක් භුක්ති විදිමේ අවස්ථාව මෙහි දී උදාවනු ඇත. කොළඹ නගරය තුල මධ්‍යම පාන්තික දේශීය සංචාරකයින්ගේ සතිඅන්තය ඉතාම සුන්දර ස්ථානයක ගත කිරීමේ අවස්ථාව මෙහි දී උදාවේ. එමෙන්ම  ඇගලුම්,විසිතුරු භාණ්ඩ,අත්කම් නිෂ්පාදන ඇතුළු විවිධ වෙළඳ කුටි රැසක්  ස්ථාපිත කරඇති හෙයින් අවශ්‍ය මිලදී ගැනීම් මෙහිදී සිදු කළහැක.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.