ඩෙංගු මැඩලීමට නිසි බලධරයෙක්

දැනට රටපුරා  ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර පාලනය වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් ඩෙංගු කළමනාකරණ කටයුතු සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා නිසි බලධරයෙකු ලෙස සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මුල් වරට අනාවරණය කරන ලද්දේ ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවක දීය.

මේ වසරේ මේ වන විට වාර්තාගත ඩෙංගු රෝගීන්  71,000 ක් ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 226 කි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.