ජෛන ආගම හා ශ්‍රී ලංකාව

පුරාණ ලක්‌දිව සිංහල සංස්‌කෘතියට නව පරිච්ඡේදයක්‌ උදාකළ ඓතිහාසික සන්ධිස්‌ථානයක්‌ ලෙස ක්‍රි.පු.3 මහින්දාගමනයත් සමඟ මෙරටට බුද්ධාගම ප්‍රවිෂ්ඨවීම පෙන්වාදිය හැක. පසුව දේවානම්පියතිස්‌ස, දුටුගැමුණු යන රජදරුවන්ගේ අනුග්‍රහයෙන් ලක්‌දිව පුරා ව්‍යාප්ත වුනු බුද්ධාගම පාලක – පාලිත පැළැන්තියෙත් ප්‍රධාන ආගම බවට පරිවර්තනය විය. එහෙත් සියවස්‌ කීපයක්‌ මෙරැටියන් අතර ප්‍රචලිතව පැවතිs පුරාණ ආගමක්‌ වශයෙන් ජෛනාගමට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ලිත මුලාශ්‍රගත තොරතුරු වලට අනුව (ක්‍රි.පූ. 3- ක්‍රි.ව. 5) කාලය තුළ ජෛනාගම මෙරට පැවති බව පෙනේ. ලක්‌දිව පැවති ජෛනාගම පිළිබ`දව තොරතුරු විමසීමට ප්‍රථම ජෛනාගමේ ආරම්භය සහ ව්‍යාප්තිය සංක්‍ෂිප්තව විමසා බලමු.

ජෛනාගමේ ආරම්භය සහ විකාශය

ජෛන මූලාශ්‍රවලට අනුව එම ආගම මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය තරමටම පැරණි වන අතර එකී කාල පරිච්රේදය තුළ නායක තීර්ථංකරයන් 24 දෙනකු පහල වී ඇත. වෘෂභනාථගෙන් ආරම්භවන ප්‍රථම තීර්ථංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් අයවලුන් ලෙස පිළිගැනේ. එහෙත් අවසාන දෙදෙනාවන පාර්ශවනාථ සහ නිගන්ඨනාථපුත්ත ඓතිහාසික චරිතලෙස පිළිගැනේ. ක්‍රි.පූ. 8 ජීවත් වූ පාර්ශවනාථ තවුස්‌ දිවියක්‌ ගත කොට මිනිසුන් අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 4 ක්‌ හ`දුන්වා දුන්නේය. එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්‌තේය වෙයි. පාර්ශවනාථ සමඟ මෙම පිළිවෙත් රැකී පිරිස “නිගන්ඨ” නමින් හැ`දින්වින. එහෙත් ජෛනාගම මහා පරිමාණයෙන් ව්‍යාප්ත වන්නේ බුදුරදුන් සහ සමකාලීනව වාසය කළාවූද, ෂඩ් ශාස්‌තෲන්වරුන්ගෙන් එක්‌ අයෙකු ලෙස පිළිගැනෙන නිගන්ඨනාථ පුත්ත හෙවත් වර්තමාන මහාවීරතුමාගේ කාලයේය.

ක්‍රි.පූ. 540 වේදේහ ජනපදයේ අගනුවර වූ වෛශාලියේ කුණ්‌ඩාග්‍රාම නැමැති ප්‍රදේශයේ උපත ලැබූ මහාවීරතුමාගේ දෙමව්පියන් වූයේ සිද්ධාර්ථ සහ ත්‍රිශලාය. ත්‍රිශලා ලිව්ජවී රාජවංශයට අයත් කුමාරිකාවක වූවාය. උසස්‌ ප්‍රභූ පවුලක සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළ මොහු නිසි වයසේදී යසෝධා නම් කුමාරිය සමඟ විවාහ වූ අතර එම විවාහයෙන් ඔවුනට දියණියක ලැබිණ. එහෙත් වයස අවුරුදු 32 දී ස්‌වකීය රාජ්‍යය, සොහොයුරාට පාවාදී අභිනිෂ්ක්‍රමනය කළ මහාවීර තවත් අවුරුදු 22 ක්‌ උග්‍ර භාවනායෝගී තපස්‌ දිවියක්‌ ගතකොට වයස අවුරුදු 42 කේවල හෙවත් සර්වඥ තත්ත්වයට පත්විය. එතැන් සිට ඔහු කෙලෙස්‌ දිනූ තැනැත්තා හෙවත් ජීන නමින් හැදින්විය.

පසුව අනුගාමිකයන් රැසක්‌ පිරිවරාගත් මෙතුමා අංග, මගධ, කෝසල, මිට්‌ලා, වේදේහ යන මධ්‍ය ඉන්දීය ප්‍රදේශ පුරා අවුරුදු 30 ක්‌ තම ධර්මය දේශනාකොට ක්‍රි.පූ. 468 දී පාවා නුවර දී පරලෝ සැපත් විය. මහවීරතුමා බුදුරදුන් හා සමකාලීන වුවද දෙදෙනා කිසි දිනක ඔවුනොවුන් මුණගැසී නැත. බුදුදහම සමඟ තරගයට මෙන් ඉන්දියාව පුරා ජෛනාගම ව්‍යාප්ත විය. සැබවින්ම මහාවීරතුමා යනු ජෛනාගමේ ආරම්භකයා නොවන අතර එහි ප්‍රතිසංස්‌කාරවරයෙකි. හෙතෙම පෙර පාර්ශවනාථ විසින් හ`දුන්වාදුන් සිව් වැදෑරුම් ධර්මයට බ්‍රහ්මචර්යාව නම් කොටසක්‌ එකතු කළේය. ආත්මය කර්මය පිළිගැනීමට උනන්දු කළ හෙතෙම ආත්මය සහ කර්මය අතර පවතින බැ`දීමෙන් වැළකීම ස`දහා පෙර ස`දහන් කළ ප්‍රංචශිල ප්‍රතිපත්තිය අනුගමනය කරමින් කර්මය විනාශ කළ යුතු බවත්, එමඟිsන් සිද්ධ ශිල හෙවත් පාරිශුද්ධ වූ සදාකාලික වූ ද විමුක්‌තිය ළඟා කරගත හැකිබවත් දේශනා කළේය. පංචශීලයට අමතරව ජෛන භක්‌තිකයකු= විසින් රත්න නමින් හැ`දින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තෙවැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු විය. බෞද්ධ ග්‍රන්ථවල මහාවීර තුමාගේ ධර්මය “චතුර්යාම සංවරවාදය” නමින් හැ`දින්වෙයි.


මහාවීරතුමාගේ මරණයෙන් පසුව ක්‍රි.ව. 4 බිහාර් ප්‍රාන්තයේ ඇතිවුන මහා සාගතයක්‌ හේතුකොටගෙන ජෛනයෝ දකුණු ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයට සංක්‍රමණය වූ අතර එහිදී ඔවුහු ධර්ම සංගායනාවක්‌ පැවැත්වූහ. එහිදී ජෛන ධර්ම සූත්‍ර ග්‍රන්ථාරූඨ කරන ලදී. ක්‍රි.පූ. 2 වලභි නුවර පැවැත්වූන තවත් ධර්ම සංගායනාවකින් පසුව ජෛනයෝ ශ්වේතම්බර (සුදු රෙදි හදින) සහ දිගම්භර (නිරුවත්) යනුවෙන් නිකායන් දෙකකට බෙදුන බව පෙනේ. එහෙත් ජෛනාගමට බිම්බිසාර, අජාසත්ත, මෞර්යය වංශික චන්ද්‍රගුප්ත, අශෝක, සම්ප්‍රති වැනි අධිරාජ්‍යවරුන් මෙන්ම කාලිංගයේ ඛාරවේල වැනි රජවරුන්ද, ශක, සාතවාහන, චාලුක්‍ය, රාෂ්ත්‍රකූඨ යන වංශවලට අයත් රජවරු අනුග්‍රහය දැක්‌වූ බවට සාධක ඇත. මේ අනුව පෙනීයන්නේ ජෛනාගමට පුරාණ ඉන්දියාවේ ආගම් අතර ප්‍රබල ස්‌ථානයක්‌ හිමිව පැවති බවයි.

ලක්‌දිව ජෛනාගමේ ආරම්භය සහ ව්‍යාප්තිය

ක්‍රි.පූ. 4 දී සාගතයක්‌ හේතුවෙන් ජෛනයෝ විශාල සංඛ්‍යාවක්‌ “භද්‍රබානු” නැමැති ශාස්‌තූවරයෙකුගේ නායකත්වය යටතේ දකුණු ඉන්දියාවට පැමිණි අතර මෙකල උතුරු ඉන්දියාව පාලන කරන ලද්දේ චන්ද්‍රගුප්ත මෞර්යය අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 324-300) විසිනි. මෙකල ලංකාවේ සමකාලීන රජවූයේ සුප්‍රකට පණ්‌ඩුකාභයයි (ක්‍රි.පූ. 377-307). බුද්ධාගම මෙරටට හ`දුන්වා දීමට ප්‍රථම ලක්‌දිව ජනතාව ඇදහූ ආගම් පිළිබ`දව වටිනා තොරතුරු සමුදායක්‌ මහාවාසයේ 10 වෙනි පරිච්රේදයේ අන්තර්ගතය. එහි පණ්‌ඩුකාභය විසින් අනුරාධපුර අගනුවර නවීකරණය කළ ආකාරය ස`දහන් පුවත්වලින් එකල පැවති ජෛනාගම පිළිබ`දව දළ අදහසක්‌ ලබාගත හැක. එකී මහාවංස පුවත් මෙසේය.

ඊට උතුරු දික්‌හි ගැමුණු වැව දක්‌වා නොයෙක්‌ තවුසන්ගේ අසපුව කරන ලද්දේවි. එම සොහොනට පෙරදිග රජතෙමේ ජෝතිය නිගණ්‌ඨයාගේ ගෙය කරවි එම පෙදෙස ගිරි නම් නිගණ්‌ඨ තෙමේද නානා පාසණ්‌aඩයෝද බොහෝ ශ්‍රමණයෝද විසූහ. එසේම රජ තෙමේ කුම්භාණ්‌ඩ නම් නිගණ්‌ඨයා පිණිsස දොවොලක්‌ කරවී. ඒ දොවොල එනම් විය. එයින් බටහිර භාගයෙහි ව්‍යාධ පාලියෙන් පෙරදිග මිථ්‍යාදෘෂ්ටි කුලයන් පන්සියයන් විසීය. එසේම ඒ රජ තෙමේ ජෝතිය ගෙයින් ඔබ ගැමුණු වැවින් මොබ පරිබ්‍රාජකාරාමයක්‌ කරවීය. ආජිවකයන් ගෙයක්‌ද බමුණන්ට ආධාර ගෙයක්‌ ද සිව්ගෙයක්‌ හා ආශිර්වාද ශාලාවක්‌ ද ඒ ඒ තැන කරවී. (මහාවංසය( පරි 10( ගාථා 96-102).

මේ අනුව ජෝතිය, කුම්භාණ්‌ඩ, ගිරි යන අයවලුන් ජෛන පූජකවරුන් බවත් පණ්‌ඩුකාභය ඔවුන්ට පෞද්ගලික ආරාම තනා දෙමින් අනුග්‍රහය සැපයූ බව පෙනේ. මින් ජෝතිය පිළිබ`දව වැඩිදුරටත් කරුණු දක්‌වන මහාවංසටිකාව පවසන්නේ ඔහු පණ්‌ඩුකාභයගේ අගනුවර නිර්මාණ ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු වූ බවයි. ඇතැම් විට මොවුහු රාජ්‍යත්වය උදෙසා ස්‌වකීය මාමාවරුන්ට විරුද්ධව පණ්‌ඩුකාභය කුමරු ගෙනගිය යුද්ධ ව්‍යාපාරවලට අනුගාමිකයන් සපයා දෙමින් සහය පලකාරන්නට ඇත. මෙම ඓතිහාසික පුවත්වලින් කරුණු කීපයක්‌ ඔප්පු වෙයි. එනම් ක්‍රි.පූ. 4 සියවසේදී ලක්‌දිව ප්‍රභූ කොටස්‌ සහ ජනතාව අතර ජනප්‍රිය ආගම වශයෙන් ජෛනාගම පැවති බවත්, විවිධ ව්‍යාපෘතින්වලදී රජවරුන්ට උපදෙස්‌ ලබාදීමට තරම් විශාල බලයක්‌ ජෛන පූජකයන්ට පැවති බවයි. ලිත මූලාශ්‍රවලට අනුව පණ්‌ඩුකාභයගේ පියා අයත්වන්නේ නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණ ආර්යය සංක්‍රමණිකයන්ටය. භද්දකච්චායනා කුමරිය සහ ඇගේ සහෝදරවරු පිළිබ`දව ඇතුළත් වංසකතා පුවත්පත්වලින් මෙය සිහිගැන්වෙයි. විශේෂයෙන්ම මෙකල නැගෙනහිර ඉන්දියාව පුරා ජෛනාගම ව්‍යාප්තව පැවති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වෙළ`දුන් ලෙස හෝ සංක්‍රමිකයන් ලෙස ලක්‌දිව පැමිණෙන්නට ඇත. එබැවින් පිය පාර්ෂවයෙන් නැගෙනහිර ආර්යය කණ්‌ඩායමට අයත් පණ්‌ඩුකාභයට විශාල ජෛනාගමිකයන් පිරිසකගේ අනුග්‍රහය ලැබීම පුදුමයක්‌ නොවේ.

මී ළඟට වංසකතාවල ජෛනාගම පිළිබ`දව තොරතුරු හමුවන්නේ ක්‍රිs.පූ. 1 දීය. ඒ වලගම්බා රජු (ක්‍රි.පූ. 103-84) කල ජෛන ආශ්‍රමයක විසූ ගිsරි නම් නිගන්ඨයකු ගැන ස`දහන් මහාවංස වර්තාවකිනි. වලගම්බා රජ වී මාස 4 කින් ඔහුට විරුද්දව රුහුණේ තිස්‌ස නම් බ්‍රාහ්මණයකු කැරලි ඇති කළේය. ඒ සමඟම පංච ද්‍රවිඩ ආක්‍රමණයකට මුහුණ දීමටද වලගම්බාට සිදුවිය. රජු යුද්ධයෙන් පැරද රජ පවුල සහ පාත්‍රාධාතුව රැගෙන ගිරි නිගන්ඨාරාම අසලින් පලාගිය අතර, ගිරි නිගණ්‌ඨයා එය දැක “මහාකළු සිංහලයා පලායයි” යනුවෙන් කෑගසු බව ස`දහන් වෙයි. එය ඇසුන වලගම්බාවන් රාජ්‍යය ලද විට ජෛන ගිරි ආශ්‍රමය බි`ද දමා බෞද්ධ විහාර කරවීමට සිතා ගත්තේලු එම පුවත මහාවංසයේ මෙලෙස රසවත්ව ස`දහන් වෙයි.

ඉක්‌බිති ඒ දෙමළු කොළබෑල සමීපයෙහි රජු හා යුද කළෝය. යුදයේහි ද රජතෙමේ පැරැද්දේ රිය නැගී තීර්ථකාරාම වාරයෙන් පලායයි. ඒ තීර්ථකාරාමය වනාහී පණ්‌ඩුකාභය රජු විසින් කරවන ලදුයේ අනවරතයෙන් එක්‌විසි රජකෙනෙකුන් දවස තබනලද්දේම විය. පලායන ඒ රජු දැක ගිරි නම නිගණ්‌ඨතෙමේ “මහා කළු සිංහලයා පලාගියේ” කියා අතිශයින් හඩගීය. එකල මහරජ ඒ අසා මාගේ මනොරථය මුදුන් පැමිණිකල මෙහි වෙහෙරක්‌ කරවන්නෙමැ යි මෙසේ සිතුයේය.

(මහාවංසය පරි 33( ගාථා 42-46)

ලක්‌දිව ජෛන ක්‍රියාකාරකම් එහි පරිහානිය සහ බි`දවැටීම

පංච ද්‍රවිඩයන්ගෙන් අවසානයා වූ දාඨර්ක මරා යළිත් රජවූ වලගම්බා ජෛන ගිරි ආශ්‍රමය බි`ද දමා තම නමින් අභය සහ ගිරි නිඝණ්‌ඨයාගේ නම එකතුකොට අභයගිරිය නමින් විහාරයක්‌ ඉදි කළේය. මෙම ප්‍රවෘත්තිය · අග්බෝ (ක්‍රි.ව. 568-601) රජු කළ විසූ දොළොස්‌මහ කිවීන්ගෙන් අයෙකු වන දළ සල කුමරු විසින් රචිත “සැරය” නම් ගී කාව්‍යයේ වැඩිදුරටත් මෙලෙස දක්‌වා ඇත.

වුසු ගිරි නිවට්‌හු – තවපැල් දවා දෙනමිනි

ගැමුණු අබාරද් – ඉදිකල අබාගිරියෑහි

(සැරය 17 ගීය)

එහෙත් මෙම ගිරි නිගන්ඨාරාමය පිළිබ`දව මහාවංසයේ ස`දහන් නොවන තොරතුරු මහාවංශටීකාවේ ඇතුළත්වෙයි. එය සංක්‍ෂිප්තව මෙසේය. වලගම්බාවන්ට පෙර රජකළ ඛල්ලාටනාග රජු මැරවීමට තිස්‌ස, අභය, උත්තර යන රජුගේ බෑණනුවන් තිදෙන කුමන්ත්‍රණය කළහ. එහෙත් කුමන්ත්‍රණය අනාවරණය විය. කුමාරවරු තිදෙන පලාගොස්‌ ජෛන ගිරි ආශ්‍රමයේ රැකවරණය ලදහ. ඔවුහු එහිදී ගිනිමැලයකට පැන සියදිවි හානි කරගත්හ. පසුව කුමාරවරුන්ගේ ණෑයන් විසින් එතැන අග්ගිපවිසක නම් චෛත්‍යක්‌ කරවන ලදී. මෙම ප්‍රවෘත්තිය මහාවංසටීකාවේ මෙලෙස ස`දහන් වෙයි.

ඒ රජුහට (ඛල්ලාටනාග) මහ චූලික නම් පුතෙක්‌ ද වී, සුමනාදෙවී නම් භින්නමාතෘක බුහුනණයන් පුත් තිස්‌සය, අභයය, උත්තරයයි ශූර වීර පරාක්‍රම සම්පන්න බෑනණුවෝ තිදෙනෙක්‌ වූහ ඔහු තුමු “ඇතුල් නුවර “ම මයිලණුවන් ගනුම්හ” ය කුමන්ත්‍රණය කොට එම කුමන්ත්‍රණය හෙළි වූ කල, ඒ බැව් දැන “අපට අනුන් අතින් මැරෙනුවට වඩා ගිනි මැද මැරෙනු යෙහෙකැ” යි ගි§ නම් නිගණ්‌ඨයාගේ අසපුවට ගොස්‌ එහි (පසු කලෙක) අභයුත්තර නම් සෑය පිහිටි තන්හි දර සෑයක්‌ කරවා ගිනි මැද මළාහුය. ඔවුන් ගේ නෑයෝ එහි සෑයක්‌ ද කරවූහ. එතන් පටන් එය අග්ගිපව්සක ෙච්තියයි වැහැරූහ.

(මහාවංසටිකාව( පරි 33( පිටුව 490)

පණ්‌ඩුකාභය රජු විසින් ඉදිකරවන ලද ජෛන ගිරි නිග්න්ඨාරාමය ක්‍රි.පූ. 1 සියවස දක්‌වා විවිධ ප්‍රභූ කොටස්‌වල අනුග්‍රහය යටතේ ප්‍රබල පැවති බව මෙම පුවත් මඟින් ආවරණය වෙයි. විශේෂයෙන්ම ක්‍රි.පූ. 3 මෙරටට බුද්ධාගම ලැබීමත් සමඟ ඊට විශාල වශයෙන් ප්‍රභූන් සහ ජනතාව ආකර්ෂණය විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස නගර හා ගම්මාන යනාදී වශයෙන් දිවයින පුරා ශීඝ්‍රයෙන් බුද්ධාගම ව්‍යාප්ත වූ අතර රුවන්වැලිසෑය, ථූපාරාමය, ලෝවාමහාපාය, මිහින්තලය, ඉසුරුමුණිය, වෙස්‌සගිරිය වැනි අංගසම්පූර්ණ සුඛෝපභෝගී විහාරාරාම ඉදිවිය. අරිට්‌ඨ අනුලා වැනි රජ පවුලේ සාමාර්කයන් මෙන්ම විශාල ජනතාවක්‌ බුදු සරණගොස්‌ පැවිදි වූහ. ඒවාගේ රජ පවුලේ අයෙකු රාජ්‍යත්වයට පත්වන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම බෞද්ධයකු විය යුතු බවත්, රාජ්‍යත්වයට පත්වූ පසුව ඔහු බුද්ධාගමේ ආරක්‌ෂකයකු විය යුතු බවට මහජන සම්මතයක්‌ ද ඇතිවිය. මෙලෙස ලක්‌දිව දේශපාලනික, සංස්‌කෘතික, ආර්ථික, සාමාජීය කෂේත්‍රයන්වලට බුද්ධාගමේ බලපෑමට ලක්‌වීම හේතුකොටගෙන රාජ්‍යයත්වය අපේක්‌ෂාවෙන් සිටි ජෛනාගමික ප්‍රභූ කොටස්‌ සහ ජෛනාගමික ජනතාව නොසලකා හැරෙන්නට ඇත. ජෛන පූජකවරුන්ට සහ නිගන්ඨාරාමවලට බෞද්ධ පාලකවරුන්ගෙන් නිසි අනුග්‍රහය නොලැබෙන්නට ඇත. මින් කලකිරීමට පත් ජෛන ගිහි පැවිදි කොටස්‌ ජෛනාගම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ පෙරදැරිකොටගෙන බෞද්ධ රජවරුන් පහ කිරීම ස`දහා කුමන්ත්‍රණ සිදුකළහ. ඛල්ලාටනාග රජු මැරවීම ස`දහා එතුමාගේ බෑණනුවන් තිදෙනා අසාර්ථක කුමන්ත්‍රනයක යෙදුනේ එවැනි අරමුණක්‌ පෙරදැරිකරගෙන බව සැකකිරීම සාධාරණය. එහෙත් මෙම කුමන්ත්‍රණය කිසියම් ආකාරයකට ඉදිරියට ගෙන ගිය බව පෙනේ. මහාරක්‌තක නම් අග්‍රසේනාපතිවරයා ඛල්ලාටනාගව ඇතුළු නුවරදීම මරා දැමූවේය. සුළු කලකින් මහා රක්‌තක මරා දමා වලගම්බා රජවිය. රජවී මාස 4කින් පංචද්‍රවිඩ ආක්‍රමණ නිසා ඔහුට අගනුවරින් පලායාමට සිදුවූ අතර අතරමඟදී ගිරි නිගන්ඨයාගේ අපහාස විඳීමට සිදුවිය. රජ වීමෙන් පසුව වලගම්බාවන් ගිරි නිගන්ඨාරාමය බි`දදමා එතැන අභයගිරිය කරවා යළි රාජ්‍යයත්වය ලබා ගැනීම උදෙසා තමන්ට උපකාර කල මහා කුපික්‌කල තිස්‌ස තෙරුන්ට පූජා කළේය. මෙම ඓතිහාසික සිද්ධිහූ යළිත් පෙලගස්‌වා තීක්‌ෂණව විමසුමකට ලක්‌කර විට පෙනී යන්නේ ස්‌වකීය ආගමට මුල්තැන දිය හැකි රජයක්‌ පිහිටුවීම උදෙසා බෞද්ධ සහ ජෛන ගිහි පැවිදි කොටස්‌ එකිනෙකාට විරුද්ධව ගෙන ගිය මහා කු=මන්ත්‍රණ දාමයක්‌ අවසානයේ බෞද්ධයන් ජයග්‍රාහිවූ බවයි.

එහෙත් වලගම්බා පාලන සමයට පෙරද මෙවැනි ස්‌වකීය ආගමට හිතැති රජයක්‌ පිහිටුවීම උදෙසා බෞද්ධයන් සහ ජෛනාගමිකයන් අතර පැවති සටනක්‌ පිළිබ`දව සාධක ලංකා ඉතිහාසයෙන් හමුවෙයි. ඒ අන් කවරක්‌ නොව දුටුගැමුණු – එළාර යුද්ධයයි. එළාරගේ අනන්‍යතාව සෙවීමේදී මහාවංසයට අනුව ඔහු සොලී කුමරෙකි. එහෙත් පුරාණ ද්‍රවිඩ සංගම් සාහිත්‍යය කෘතියක්‌වන තිරුක්‌කූරල්හි රචක තිරුතේලවර් ප`ඩිතුමාගේ භක්‌තිමත් ශ්‍රාවකයකු විය. තිරුතේලවර් ප`ඩිතුමා ප්‍රබල ජෛන භක්‌තිකයෙකි. එසේනම් එළෙලසිංගම් ද ජෛන භක්‌තිකයකු බව සැලකීම සාධාරණය. එළාර පිළිබ`දව වංසකතාවල ඇතුළත් තොරතුරුද තිsරුක්‌කූරල්හි එළෙලසිංගම් පිළිබ`දව ස`දහන් තොරතුරු තුලනාත්මකව විග්‍රහ කරන මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතා නිගමනය කරන්නේ මොවුන් දෙදෙනෙකු නොව එක්‌ අයෙකු බවයි. දේවානම්පියතිස්‌සයන්ගේ බාල සහෝදර අසේලයන්ගේ රාජ්‍යය පැහැරගත් එළාර විසින් වසර 44ක්‌ ලක්‌දිව පාලනය ගෙනගිය බව පෙනේ. එහෙත් රෝහණ රාජවංශයට අයත් දුටුගැමුණු රජතුමා “මාගේ මේ ව්‍යායාමය හුදෙක්‌ රජසැප පිණිස නොව බුද්ධාගමේ චිරස්‌ථිය උදෙසාය” යනාදී වශයෙන් තම අරමුණ ජනතාවට එළදැක්‌වමින් ස්‌වකීය සේනාවට භික්‌ෂූන් 500ක්‌ නමක්‌ද අනුබද්ධ කරමින් මහියංගනයේ සිට සටන් වැදුනේය. ඔහුට විරුද්ධව සටන්කළ එළාර පාක්‌ෂික සෙන්පතිවරුන් අතර මහේල, “ඝාභය වැනි සිංහලුන් ද සිටියහ. අවසානයේ අනුරාධපුර අගනුවර දී එළාරයන්ව ද්වන්ධ සටනකින් මරා දැමූ දුටුගැමුණු විසින් සතුරාගේ දේහයට සුදුසු ගෞරව පවත්වා ආදාහනයකර පසුව එතැන චෛත්‍යක්‌ද ඉදිකරවන ලදි. මෙයින් සිංහල රජ දරුවන්ගේ උපෙක්‌ෂා සහගත භාවය මොනවට පැහැදිලි වූවද එළාරට පක්‌ෂපාතී විශාල ජෛනාගමිකයින් පිරිසක්‌ අගනුවර සහ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල වාසය කරන්නට ඇති බවත් ඔවුන් අස්‌වැසීමට සහ පක්‌ෂපාතීත්වය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිකොටගෙන දුටුගැමුණු විසින් ඉහත ක්‍රියාමාර්ග ගන්නට ඇති බවට සැකකළ හැක. විශේෂයෙන්ම ක්‍රි.පූ. 4-1 සියවසවල ඉන්දියාවේ වාණිජ කොටස්‌ අතර ජෛනාගම ජනප්‍රියව පැවති බව මහාචාර්ය රොමිලා තාපර් පෙන්වාදෙයි.

දේවානම්පියතිස්‌ස, උත්තිය වැනි ප්‍රබල බෞද්ධ පාලකයන් බලයට පත්වීමෙන් පසුව ජෛනාගමට හිතැති පාලනයක්‌ ඇති කිරීමට කල්බලමින් සිටී මෙරට ගිහි පැවිදි ජෛන ජන කොටස්‌ ස්‌වකීය අරමුණ මුදුන්පත් කිරීම ස`දහා එළෙලසිංගම් නැතහොත් එළාර නැමැති ප්‍රබල වාණිජ පුත්‍රයාට මෙරටට ආක්‍රමණය කරවන ලෙස ආරාධනා කොට අනුබල සපයන්නට ඇත. එහෙත් බුද්ධාගම වැනි තාර්කික පදනමකින් යුත් ස්‌වකාලීන ආගමක්‌ සාමාන්‍ය ජනතාව අතර වේගයෙන් පැතිරයාමත්, ඊට රජවරුන්ගේ නිබ`ද අනුග්‍රමය ලැබීමත් මෙන්ම දිගින් දිගටම ජෛනකොටස්‌ අපකීර්තිමත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට සහභාගී වීම හේතු කොටගෙන මෙරට ජෛනාගම පරිහානිය පත් වූ බව කිව හැක. කාශ්‍යප මරා රජවූ මුගලන් රජු (ක්‍රි.ව. 498-513) යළිත් වරක්‌ ජෛන ධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. කාශ්‍යපට බියේන් ඉන්දියාවට පලාගිය මුගලන් කුමරුට එහි” ජෛන සහාය ලැබීම පසුබිම් කොටගෙන ඔහු මෙරට ජෛනාගම ව්‍යාප්ත කිරීමට වෙර දැරූ බව පෙනේ. මින් පසුව ලක්‌දිව වංශකතාවල ජෛනාගම ගැන කිසිදු විස්‌තරයක්‌ හමුනොවෙයි. ඒවාගේම පෙර ස`දහන්කල ලිත මූලාශ්‍රගත තොරතුරු හැර මෙරට ජෛනාගම හා සම්බන්ධ කිසිදු පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්‌ හමු නොවෙයි. දිරායන සුලු ඒවායින් කළ නිසා ජෛන නටබුන් අද අවිද්‍යාමාන බවත් ඇතැම්විට හ`දුනාගත නොහැකි පැරණි චෛත්‍යය ජෛන නිර්මාණ විය හැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අනුමාන කරයි. මීට අමරතරව පැරණි නාම විග්‍රහයෙන් ද ලංකාවේ ජෛන බලපෑම පෙනෙයි. නිදසුනක්‌ ලෙස “ඝායු, දිඝගාමිණී, “ඝාභය, “ඝජන්තු, “ඝචන්ද්‍ර යන නාමයන්ගෙන් ජෛන “ඝම්බර නාමය සිහිකැ`දවේ.

නිගමනය

මේ අනුව පැහැදිලිවන්නේ ක්‍රි.පූ. 6 සියවසේදී ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය වුනු ජෛනාගම ආර්යය සංක්‍රමණිකයන් හරහා දළ වශයෙන් ක්‍රි.පූ. 4 සියවසේ” වත් ලක්‌දිවට ලැබුන බවයි. එය ක්‍රි.පූ. 4-3 සියවස්‌වල මෙරට ප්‍රධාන පෙළේ ආගමක්‌ බවට පරිවර්තනය වූ බව පණ්‌ඩුකාභය කතාව පරික්‌ෂා කිරීමෙන් පෙනේ. එහෙත් ක්‍රි.පූ. 3 මහින්දාගමනය හරහා මෙරටට බුද්ධාගම ප්‍රවිෂ්ඨ වීමත් සමඟම ඊට සාමාන්‍ය ජන කොටස්‌ ආකර්ෂණ වීමත්, ඒ අනුසාරයෙන් බුද්ධාගම ලක්‌ රජදරුවන්ගේ ප්‍රධාන ආගම බවට පත්වීමත් සහ ඊට එරෙහිව ජෛනයින් රාජ්‍ය විරෝධි අසාර්ථක කුමන්ත්‍රණය මෙහෙයවීම හේතුකොට ලක්‌දිව ජෛනාගම පරිහානිය පත්වූ බව අපට නිගමනය කළ හැක. 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.