ජවිපෙ ශ‍්‍රිලනිප එජාප එක්වෙයි.

වත්මන් විදුලි බල වර්ජනය සදහා ඉතිහාසයේ ප‍්‍රථම වරට ජවිපෙ ශි‍්‍රලනිප හා එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වී ඇති බව වාර්තාවේ.. විශේෂයෙන් වත්මන් රජයේ ඇමතිවරුන් ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් සිරිකොතට කැදවා මෙම වර්ජනයට එක්නොවන්නැයි බල කලද ඊට එකග නොවී එම වෘත්තීය සමිති නායකයින් තම ස්ථාවරයේ දැඩිව සිටින ආකාරයෙන් මෙම අර්බූදයේ බරපතලකම වටහා ගත හැක..

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ 2015 ජනවාරි 08 වෙනිදා සවස් යාමයේ අත්තනෝමතික ලෙස විදුලිබල මන්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ඇතුලු පිරිසකගේ වැටුප 70% සිට 120% දක්වා වැටුප් වැඩි කර ගැනීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට කෝටි 150 ක පාඩුවක් සිදුවී ඇති බවත් ඒ අනුව සෑම මසක් පාසාම කෝටි 4 බැගින් එම පාඩුවට එකතු වන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍යයට පැවසීය..

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.