කෝපායි ප්‍රහාරය ‘ආවා’ කල්ලියේ වැඩක් ?

යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාර එල්ල කළ පිරිස සම්බන්ධයෙන් දෙයාකාරයක සැක මතුවූ ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඉන් පලමු සැකය වන්නේ එම ප්‍රහාරය සඳහා යතුරු පැදි වලින් පැමිණි තරුණ පිරිස දැනට යාපනය අර්ධදීපයේ ක්‍රියාත්මක වන අාවා සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් ද යන්නය.

ඒ සම්බන්ධ දෙවෙනි සැකය වී ඇත්තේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා විභාග කිරීමට ගිය පැමිණිල්ලක් සම්බන්ධයෙන් මතුවූ ගැටුම්කාරී තත්වයක් මෙම පහරදීමට හේතු වන්නට යන්න ඇද්ද යන්නයි.

යතුරු පැදි වලින් පැමිණ සාපාරාධී කටයුතු වල යෙදෙන ආවා කල්ලියේ සාමාජිකයන් ගිනි අවි භාවිතයට වඩා තියුණු ආයුධ භාවිතයක් පසුගිය කාලය තුළදී පෙන්නුම් කොට ඇති අතර ඔවුන් දකුණූ ඉන්දීය සිනමාවේ නිතරම දක්නට ලැබෙන මෙවන් දර්ශන අනුකරණ කරන බවක් පෙනෙන්නට ඇතැයි කියති.

2014 ජනවාරී මාසයේ මෙවන් සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ ආවා කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු යාපනයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඉකුත් මාර්තු මාසයේ කොළඹ කොටහේනේදී තවත් ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ‍

කෝපායි පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණිලි විභාග කිරීමට ගිය අවස්ථාවේ එහි වැසියන් සමඟ ඇතිවූ ගැටුමක ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල වූ බවට තහවුරු කෙරෙන සාක්ෂි මෙතෙක් ලැබී නැතැයි පවසන පොලිස් ආරංචි මාර්ග ඒ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ මෙහෙයවන බවද වාර්තා වේ.

නමුත් මේ වන විට මෙම ප්‍රහාරයට සම්බන්ධ සැක කරුවන් ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ.

මෙම පහරදීමට සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරු එල්ටීටී සංවිධානයේ හිටපු සාමාජිකයෙක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද යාපනයේ කළ සංචාරයකදී පැවසීය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.