කෝඩුකාර නාට්‍ය උළෙල කැලණියේදී

  • කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සමග Academic Players නාට්‍ය සංගමය විසින් පවත්වනු ලබන කෝඩුකාර නාට්‍ය උළෙල  මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලීය පරිශ‍්‍රයේදී පැවැත්වේ.


උළෙලේ අද (28) – ප.ව. 6.30 ‘ට  සන්නි ‘ නාට්‍යය රංගගත වේ.
ශ‍්‍රී ලංකාවේ පහතරට නර්තන සම්ප‍්‍රදායේ හ`දුනා ගත හැකි දහඅට සන්නි ශාන්ති කර්මය මුඛ්‍ය කොට ගනිමින් ‘‘සන්නි’’ රංග වින්‍යාස නිර්මාණය ගොඩනංවා ඇත. මෙම නිර්මාණයේ දී නර්තනය, රංගනය සහ සංගීතය යන මාධ්‍යයන් ගේ සුසංයෝගී වීමක් හ`දුනාගත හැකි ය.

එහි අධ්‍යක්ෂණය – හර්ෂිකා රත්නායකගෙනි

හෙට ( 29 )- ප.ව. 3.30 සහ 6.30 ඇඹිලිපිටිය සිසු ඝාතනයේ ප‍්‍රවෘත්තිමය තොරතුරු ඇසුරින් රචිත ‘‘සංචාරක කෝකිලාව’’ ස්වතන්ත‍්‍ර නාට්‍ය නිර්මාණය රංග ගතවේ . මෙම නාට්‍යයේ එන චරිත මූලික වශයෙන් සංකේතාර්ථ දනවන අතර සිද්ධිමය අවකාශයන් තුළ කාව්‍යෝක්තිමය වේදිකා හැඩ තල අනුව ගොඩ නැගේ.

අධ්‍යක්ෂණය – අකලංකා පිටවල

අපේ‍්‍රල් 01-02 දිනවල – ප.ව. 3.30 සහ 6.30 ට
‘‘නොමියෙන ගැහැණු’’ රංග ගතවේ.යුරෝපීය නාට්‍ය රචකයන් දෙදෙනකු වන හෙන්රික් ඉබ්සන් ගේ සහ ඇන්ටන් චෙකොෆ් ගේ නාට්‍යවල ස්ත‍්‍රී චරිත ඇසුරින් නිර්මාණය කරන ලද පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණයකි.

අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශයේ, ඇන්ටන් චෙකොෆ් සහ හෙන්රික් ඉබ්සන් නිර්දේශිත නාට්‍යකරුවන් දෙදෙනෙකු වේ.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.