කොළඹ මහා නගර සභාව පාලනය වන්නේ අරලියගහ මන්දිරයෙන්

 

 

වත්මන් රජය යටතේ කොළඹ මහා නගර සභාව වංචාවෙන් දූෂණයෙන් පිරී ගොස් ඇති බවත් , කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් , එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන හා ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා අපේක්ෂිකා ශර්මිලා ගෝනවෙල මහත්මිය අවධාරණය කර සිටී.

කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය .

වර්තමානයේ කොළඹ මහා නගර සභාව පාලනය වන්නේ අරලියගහ මන්දිරයේ සිට වන බවත් අග්‍රාමාත්‍ය නාගරික කොමසාරිස් ට තමන්ට නියමිත පිරිවැය ඉක්මවායමින් නීති විරෝධී ලෙස එජාපයේ ප්‍රවර්ධන කටයුතු සඳහා නගර සභාවේ මුදල් , යොදවන බවත් ගොනවෙල මහත්මිය මෙහිදී පැවසුවාය.

“කොළඹ නගරය තුල වංචාව දූෂණය ව්‍යාප්තවෙලා අපි ඒවා ඉදිරියේදී මාධ්‍ය හරහා හෙළිදරව් කරනවා , ” යයිද ගෝනවෙල මහත්මිය මෙහිදී පැවසුවාය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝනවෙල මහත්මිය මෙසේද පැවසුවාය .

අලුත් රජය බලයට පත්වුනාට පස්සේ කොළඹ නගරය දැන්කුණු ගොඩක් වෙලා ., ඩෙංගු රෝගය පැතිරිලා . මේ හේතුව පාලනාධිකාරයේ දුර්වලතාවයයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.