කොළඹ මහනගර සභාවේ මූල්‍ය ත්‍රස්තවාදය

කොළඹ මහා නගර සභාව රජයේ පිළිගත් ප්‍රසම්පාදන මාර්ගෝප සංග්‍රහයට පිටින්  කසල කොන්ත්‍රාත්තු  පිරිනමන බවට නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය චෝදනා කර සිටී.
 
මේ කොන්ත්‍රාත්තු වලට අදාළ  ටෙන්ඩරයන වරින් වර  නැවත නැවතත්  පරණ ආයතනයමට ලබාදෙන බවත් .මෙට  මහා ත්‍රස්තවාදයක් වන බවත් ශර්මිලා ගෝනවල මහත්මිය පසුගියදා පවතී සභා රැස්වීමේදී අවධාරණය කර සිටියාය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සඳහන් කලාය 

 “මාත් සමඟ කවුරු තරහා වෙයිද කියන ඒක මට අදාළ නෑ. මම කතා කරන්නේ මගේ හෘදසාක්ෂිය. මේ කතාවෙන් පස්සේ මට බනියිඅපහාස කරයිනින්දා කරයි මට අදාළ නෑ. මම මාසික දීමනාව ලබන්නේ මහන්සි වෙලා සල්ලි උපයන ජනතාව ගෙවන බදු සල්ලි වලින් මම මට ලැබෙන දීමනාව වෙනුවෙන් ජනතාව ගෙවන සෑම බදු රුපියලකටම වග කියන්න ඕන, මම ඒක මේ සභාවේ හරියටම කරලා තියෙනවා. මම පාරට බැහැලා පොලවේ දේශපාලනය නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. මම මගේ දවස අවසානයේ උත්තර දෙන්න ඕන මගේ සැමියාටයි මගේ දරුවන්ටයි. ඒක නිසා මම හෘදසාක්ෂියට එකඟව ජීවත් වෙනවා.

 අපිට අමතක වෙන්න බැහැ සතියක් ඉක්ම ගිහින් නැහැ පාස්කු ඉරිදා උදේ බැතිමතුන් දින 40ක් උපවාස කරලා අලුත් ඇඳුම් ඇඳගෙන දෙවියන් පමණක් හෘදසාක්ෂියේ දරා ගෙන ඉන්න විට ත්‍රස්තවාදය බිලිගත්තා.

 මෙම කුණු ටෙන්ඩරයට අත උස්සලා සම්මත කරන අය දැනගන්න ඕන මේ ඊට වැඩිය භයානක ත්‍රස්තවාදයක් ජනතාවගේ බදු මුදල් වංචාවක්. මේක හොරකමක්ලැජ්ජයි මමත් මේ සභාවේ මන්ත්‍රී කෙනෙක් කියන්න ලැජ්ජයි. ලංසුව ලක්ෂ 3ද 4ද 5ද   මිලියනයද මිලියන 2ද 3ද නෙමෙයි මෙතන ප්‍රශ්නය. මේ අනුන්ගේ සල්ලි අපි මේ අත උස්සල සම්මත කරලා කසල ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි දෙන්නේ එකාදිකාරීන් ගොඩනගන්නේමේ සභාවේ බහුතරයක් දන්නවා අපි මේ ටෙන්ඩරය පිරිනමන්නේ කාටද වෙස්මුනු බැඳන් එන්නේ පරණ ආයතනයමයි. ඒකේ ප්‍රධානතම කොටස් හිමිකාරීත්වය කාගේද කියලා දැනගෙනයි මේ මහා ත්‍රස්තවාදයට අත උස්සන්නේ කුමක් හෝ මුල්‍යමය වාසියක් වෙනුවෙන්

 මම ත්‍රස්තවාදය කියල කියන්නේ මිලියන 510 ලක්ෂ 51,000එකාදිකාරියක් ඇති කරන ආයතනයකට දෙන් එකටයි.. ලැබුනේ ඒක ලංසුවයිනම් පරණ ආයතනයට වෙනත් නමකින්නම් මිල ගණන් දෙගුණ තෙගුණ වෙලා නම් අපි වසරකට දෙමු ඇයි මේ වසර 4ට කොන්ත්‍රාත් අත්සන් කරන්නේමේකයි හොරකම මේකේ සැඟවුන ඉලක්කම් තියනවා මෙතන මේ හොරකම මේ වංචාව කරන්න එපා. අපි රජයේ පිළිගත් ප්‍රසම්පාදන මාර්ගෝප සංග්‍රහයට පිටින් මේ කොන්ත්‍රාත් එක පිරිනමන්නේ.

 මතක තියාගන්න මේ මුදල් ත්‍රස්තවාදයට අත උස්සන කිසිවෙක් ඉදිරි මැතිවරණයකදී වේදිකාවේ මහා බැංකු මංකොල්ලය බැදුම්කර වංචාව කියල කතා කරන්න එපා. මේක ඔය සියල්ලටම වැඩිය ලොකු වංචාවක්. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන නිලධාරීන්. මේ අයට විරුද්දවත් ක්‍රියා කරන්න ඕන.

 අවසානයේ නැවත මතක් කරනවා දින 40ක් දෙවියන් සිහිකරමින් උපවාසයේ යෙදිලා පිරිසිඳු ඇඳුමින් පිරිසිඳු හදවතේ දෙවියන් රඳවා ගනිමින් අල්තාරය ඉදිරිපිට සිටි බැතිමතුන්ට සිදුවුණ දේ මතකනම් ජනතා බදු මුදල් ගසා කන අය තැන තැන බෝම්බ පුපුරන ත්‍රස්තවාදයෙන් පරිස්සම් විය යුතුයි කියල”

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.