කොවිඩ් 19 ට අනුව රටවල් වර්ග කරන්නේ මෙහෙමයි …

කොරෝනා වයිරසය අධි වසංගතයක් ලෙස නම් කළද ලොව පුරා පැතිරීමේදී , ලෝකයේ විවිධ රටවල එහි පැතිරීමේ විස්තාරය (extent) විවිධය, වටහා ගත යුතු කරුණ වන්නේ මේ තත්ත්වය අනුව ප්‍රතිචාරයේ ස්වභාවය රටෙන් රටට වෙනස් වීමය . රටක් තුළට රෝගය පැමිණීම පාලනය කිරීම මුල් අවස්තාවේදී තදින් ක්‍රියාත්මක වීම කාර්යක්ෂම හා වැදගත් වුවද ප්‍රජාව තුළ පැතිරීමකදී එහි වැදගත්කම හීන වී ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය බිදීම සදහා සියලු ක්‍රියා මාර්ග ගැනීමට සිදු වේ . දැනට රෝගය පැතිරීමේ ස්වභාවය අනුව ප්‍රතිචාර සැලසුමට ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වර්ග කරන අයුරු සලකා බලමු .

Image result for who map coronavirus
1. රෝගීන් වාර්තා වී නැත( no reported cases) : රට තුලට රෝගය ඇතුළුවීම පාලනය කිරීම හා රටේ වැසියන් අතර රෝගය ස්ථාපිත වීම වැලැක්වීම ප්‍රතිචාරයේ අරමුණ වේ . උපාය මාර්ග : සක්‍රීයව රෝගීන් සෙවීමේ ක්‍රියාවලිය තර කර රටට පැමිණෙන පළමු රෝගීන් හඳුනා රට තුල රෝගය ස්ථාපිත වීම වැලැක්වීමය

2.කඩින් කඩ පැතිරුණු රෝගීන් (Sporadic cases) : එක් හෝ රෝගීන් කිහිපයකි.එ් පිටින් පැමිණි හෝ ස්ථානීය රෝගීන්ය. අරමුණ: මේ රෝගීන්ගෙන් රෝගය වෙනත් රෝගීන්ට සම්ප්‍රේෂණය වීම වැලැක්වීම හා එමගින් රෝගය ප්‍රජාව තුල පැතිරීම වැලැක්වීමය . මේ සදහා සියලු රෝගීන් සක්‍රීය ලෙස සොයා වෙන් කර ප්‍රතිකාර කිරීම, රෝගීන්ගේ සියලු ආශ්‍රිතයන් සොයා නිරෝධායනය කර රෝගය නැති අය ඒ කාලයෙන් පසු සමාජ ගත කිරීම අඩංගුය . එලෙසම රෝගය වැළදුණු අය වෙන්කර ප්‍රතිකාර කර , මුළුමනින්ම සුව වූ පසු සමාජ ගත කිරීම ඇතුලත්ය

3. රෝගී පොකුරු (Clusters of cases) : රොගීන් එක පොකුරක් හෝ පොකුරු රැසක් හමුවේ. පිටින් පැමිණි රෝගීන් ඉතා අල්පය. රට තුළ බෝවුණු ස්ථානීය නැතිනම් රෝගී බවට පත් වූ ඒ රටෙහි වැසියන් ප්‍රමාණය බහුතරයයි, සම්ප්‍රේෂණ දාම එකක් හෝ රැසකි. බහුතරයක් රෝගීන් මේ සම්ප්‍රේෂණ දාම වලට සම්බන්ධය . රෝගීන් බහුතරයක් මේ දාම වලින් ( එහි ඇති රෝගීන්ගෙන්) රෝගයට ගොදුරු වී ඇත.උපාය මාර්ගයක් සේ තවමත් රෝගීන් සක්‍රීයව සොයා වෙන් කර ප්‍රතිකාරයත්, ආශ්‍රිතයන් සෙවීමත්, ඔවුන් නිරෝධායනයත් අදාලය . මේ තත්ත්වයේ සිට සාර්ථක පාලන ප්‍රතිපල ලබා දුන් රටවල් අතරට දකුණු කොරියාව හා සිංගප්පුරුව ඇතුලත්ය

4. ප්‍රජා සම්ප්‍රේෂණය (Community transmission) : ප්‍රජාව තුළ බොහෝ රෝගීන් හමුවේ. රෝගී පොකුරු අවස්ථාවේ මෙන් මේ අවස්ථාවේදී අති බහුතරයක් රෝගීන් කිසිදු සම්ප්‍රේෂණ දාමයකට සම්බන්ධ කළ නොහැකිය, ඒ රෝගය ඒ තරම් තදින් පැතිර ඇති බැවිනි, මේ අවධියේදී සක්‍රීයව රෝගීන් සෙවීම අපහසුය. මන්ද සංඛ්‍යාව එ තරම් විශාල බැවිනි. රෝගීන් හඳුනා ගන්නේ රෝහල් හා පුද්ගලික වෛද්‍ය පද්ධතිය මගිනි. ආශ්‍රිතයන් නිරෝධායන පරිශ්‍ර තුල නිරෝධායනය කළ නොහැකිය . එවිට නිරෝධායනය නිවෙස් තුළ සිදු කිරීමට සිදුවේ. රෝහල් ද පිරී යන නිසා බොහෝ විට අමාරු තත්වයේ නැති රෝගීන් නිවෙසේ තබා ගනීමට සිදු විය හැකිය. සියලු රෝගීන් අන් අවධි වලදී මෙන් සියයට සීයක් විද්‍යාගාර පරීක්ෂණ වලට භාජනය නොවේ. සායනික කළමනාකරණය සඳහා හා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පමණක් විද්‍යාගාර පරීක්ෂණ යොදා ගැනේ .

( විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ )

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.