කොරෝනා වසංගතයෙන් පසු, ලෝකය කොහොම වේවිද ?

කොරනා වෛරසය මේ වනවිට ජාති ආගම් කුල උස්මිටි භේද කිසිවක්  නොතකමින් ලොව පුරා එක ලෙස   වේගයෙන් ,  ව්‍යාප්තවෙමින් පවතී. මෙහි අවසානය කෙදිනක , කෙලෙස  වේ දැයි යන්න පවා මේ මොහොතේ අපට සිතන්නටවත්  අපහසුය …  මේ වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මුළු ලොවටම මහත්වූ විනාශයක් සිදුවන බවක් පමණක් අපට පැහැදිලිය .
නමුත් ඇත්තෙන්ම මේ මහා විනාශකාරී  කොරෝනා වෛරසය වසංගතයෙන් අනතුරුව ලොව කෙසේ වනු ඇතිද ?මේ ගැන ඔබ මොහොතක් හෝ මෙනෙහි කර ඇත්ද ?
කෙසේවෙතත්  , කොරෝනා වසංගතයෙන් පසු ලෝකය කෙබඳු වනු ඇත්දැයි යන්න පිලිබඳ යම් අදහසක් ,   අප තුල චිත්‍රණය කිරීම  සඳහා ලොව පිළිගත් චින්තකයින් කිහිපදෙනෙකු උත්සාහයක් දරා ඇත.
විශේෂයෙන්ම මෙම වසංගතයෙන් පසුව ලොව තුල දීර්ඝකාලීනව සිදුවිය හැකි වෙනස්කම් මොනවාදැයි යන්න පිළිබඳව ඔවුන් වැඩි අවධානයක් යොමු කර ඇත.
මේ එම චින්තකයින් සුප්‍රසිද්ධ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන “ෆොරීන් පොලිසි ” වෙත ඒ  ගැන දක්වා තිබු අදහස් පහත දැක්වේ .
– ස්ටෙෆාන් වෝල්ට්    –  ජාතික රාජ්‍ය සංකල්පය ශක්තිමත් වේ 
කොරෝනා වසංගතයෙන් අනතුරුව ලොව බොහෝ රටවල් යලි ජාතික රාජ්‍යය සංකල්පය ශක්තිමත් කිරීමට පියවර ගනීවි.
එසේම මෙම වසංගතයෙන්  අනතුරුව ලෝකයේ බල කේන්ද්‍රයේද වෙනසක් වේවි . බොහෝ විට බටහිර  සතුව දැනට  පවතින බලය,  මේ අනුව ඉදිරියේදී පෙරදීග  සතුවේවි.
ආසියානු රටවල්එ කිහිපයක්සේ මෙම අර්මබුදයට සාර්ථකව මුහුණ දෙන බවක් පෙනෙනවා . චීනයත් මුලදී සිදුවූ වැරදි සකසාගෙන මේ වනවිට සාර්ථකව රෝග ව්‍යාප්තිය පාලනය කරගෙන තිබෙනවා. නමුත් බටහිර රටවල් මෙම වසංගතය ඉදිරයේ බරපතල පරාජයකට මුහුණ දුන්න , දෙමින් සිටිනවා . ඒ අනුව වත්මන් ලෝකය තුල බටහිර සතුව පවතින කීර්ති නාමයද  ඉදිරියේදී යම් බිඳ වැටීමකට ලක්වේවි. එයත්  පෙරදිග  රටවල් වෙතම  හිමිවේවි.
කොහොමවුනත් මේ වසංගතයෙන් පසුව රට රටවල් අතර සුහදතාවය හා බැඳීම වැඩිවේවි කියලනම් හිතන්න බැහැ . මීට පෙර ලෝකය තුල මතුවූ ස්පාඥ උණ වසංගතය වැනි තත්වයන්ගෙන් පසුවත් එවැන්නක් සිදුවුනේ නැහැ , කොරෝනා වසංගතයෙන් පසුවත් ලොව පුරා රටවල් තවදුරටත් එකිනෙකාගෙන් ඈත් වේවි . ගෝලීයකරණය යන සංකල්පය දුර්වල වේවි. බොහෝ රටවල ජනතාව ජාතික රාජ්‍යයන් කෙරෙහි විශ්වාසය තබාවි.
ඇත්තෙන්ම මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය සමස්තයක් ලෙස  කොරෝනා වසංගතයෙන් පසු විවෘතහාවය හා නිදහස් භාවයෙන් අඩු එසේම , සෞභාග්‍යමත් බවින්ද අඩු තැනක් වේවි .
නිකලස් බර්න්ස් – ( බල අරගලය තීව්‍ර වේ )
මෙම වසංගතයෙන් පසුව ලෝකයේ  බල අරගලය තවදුරටත් තීව්‍ර වන බවක්ද පෙනෙන්නට තිබෙනවා.  අද වනවිටත් චීනය හා ඇමෙරිකාව අතර තිබු විරසකභාවය වැඩිවී තිබෙනවා .
එසේම රටවල් , හා  රාජ්‍යයන් , තමන්ට පිටස්තර  රටවල් හා ආයතන ගැන ව්ශ්වාසය නොතබා , තම රට තුලම ප්‍රශ්න විසඳා ගැනීම කෙරෙහි  වැඩියෙන්   යොමුවේවි . යුරෝපා සංගමයට පවා  තම රටවල ජනතාව මෙම වසංගතයෙන් මුදවා ගැනීම අපහසුවීමත් සමග එම සංගමය කෙරෙහි යුරෝපීය ජනතාව තුල තිබු ව්ශ්වාසය බිඳ වැටේවි , ඒ අනුව එම රටවල් යුරෝපා සංගමයෙන් ඉවත්වන්නටත් ඉඩ තිබෙනවා . එවිට යුරෝපා සංගමයද බිඳ වැටේවි.
ඇමෙරිකාවේ ප්‍රාන්ත සඳහාද මෙම තත්වය අඩු වැඩි වශයෙන් බලපානවා . එම ප්‍රාන්ත තුලද මධ්‍යම රජය කෙරෙහි අවිශ්වාසයක් ඇතිවනවා. , ඒ අනුව එම ප්‍රාන්ත පවා ඉදිරියේදී වඩාත් ස්වාධීන වීමක්  කර යොමුවිය හැකියි.
 රොබින් නිබ්ලේට්   ( ස්වයංපෝෂී  ආර්ථික රටාව ප්‍රචලිතවේ )
මෙම වසංගතයෙන් පසුව ලෝකය දැනට පවතින  ගෝලීයකරණ රටාවෙන්  ඉවත්වන බව පැහැදිලියි .   එසේම දැනට පවතින ආර්ථික රටාවන්ද වෙනස් වනවා ,ඒ හරහා බලවත් රටවල් අතර භූ දේශපාලනික වශයෙන් වන දැවැන්ත තරඟයක් මතුවන බවද පෙනෙනවා. මේ අතරම වඩාත් සංවෘත වූ ආර්ථික රටාවන් සහිත රාජ්‍යයන් ඉදිරියේදී බිහිවේවි. ස්වයන්පොශී ආර්ථිකයක් රට තුල ගොඩනගාගැනීමට ජනතාව උනන්දු වේවි.
මෙම වසංගතය පාලනය කිරීමට හැකිවන රටවල නායකයින්ට ඒ හරහා විශාල දේශපාලනික ශක්තියක් , දේශපාලන ප්‍රාග්ධනයක්  හිමිවෙනවා. එය ඔවුන්ගේ බලය තවදුරටත් එම රටවල් තුල ශක්තිමත්ව ස්ථාපිත කිරීමට ඉවහල් වේවි.
නමුත් මෙය පාලනය කරගැනීමට නොහැකිවූ නායකයින්ට නම් ගැටළු රැසක් ඇතිවේවි .  එම නායකයින්ගේ ප්‍රතිපත්ති පවා ජනතාව අතරින් ප්‍රතික්ෂේප වේවි.
 කිෂෝර් මහ්බුබානි   ( චීනය කේන්ද්‍ර කරගත් ගොලීයකරණයක්  ක්‍රියාත්මක වේ )
කොරෝනා වසංගතයෙන් පසුවත් ලෝකයේ ගෝලීය ආර්ථික රටාවේ මූලික පදනම් හා සංකල්ප තුල විශාල වෙනසක් වේවි යයි සිතන්න බහ , නමුත් දැනට පවතින ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් ගෝලීයකරණ රටාව , මෙම වසංගතයේ අනතුරුව වඩාත් චීනයට බර , චීනය කේන්ද්‍රකරගත් ගෝලීයකරණයක් දක්වා වෙනස් වනු ඇත.
ලෝකය සමග ගනුදෙනු කිරීම හා ලෝකය සමග ගනුදෙනු කිරීම හරහා චීනයට හානියක් නොවන බවට වන විශ්වාසයද චීන නායකයින් තුල මෙන්ම චීන ජනතාව තුලද වර්ධනය වෙනවා.  චීනය තම සම්ප්‍රදායන්  කෙරෙහි ගරු කරන අතරම , බියක් සැකයක් නොදක්ව ලොව සමග ගනුදෙනු කිරීමට ඉදිරියේදී වඩාත් වැඩියෙන් පෙළඹේවි.   ඒ සමග ඕනෑම තැනක , ඕනෑම අකාරයකින් තරඟ වැදීමට තමන්ට හැකියාව ඇති බවට වන විශාල විශ්වාසයක් චීනය තුල ගොඩනැගෙනවා ඇමෙරිකානු ජනතාව තුල ගෝලීයකරණය හා ජාත්‍යන්තර වෙළඳාම සම්භන්ධව තිබු විශ්වාසයන් මින් ඉදිරියේදී කඩා වැටේවි. නමුත් චීනය තුල එවැන්නක් සිදුවන්නේ නැහැ , එම ජනතාව තුල චීනයේ ක්‍රමවේදයන් පිළිබඳව , සැලසුම් පිලිබදව විශ්වාසය තවදුරටත් ගොඩනැගෙනවා.
මෙහිදී ඇමෙරිකාව සතුව   මාර්ග දෙකක් ඇත, තේරීම් දෙකක් ඇත.  ලෝකයේ මුල් තැන තවදුරටත් තබාගැනීම ඔවුන්ගේ එකම අරමුණ වේනම් ,  දේශපාලනික හා ආර්ථික වශයෙන් චීනය සමග ඇති සටන තවදුරටත් පුළුල්ව හා බරපතල ලෙස සිදුකිරීමට ඇමෙරිකාවට සිදුවනවා.  නමුත් ඇමෙරිකාවේ අරමුණ , තම ජනතාවගේ යහ පැවැත්ම නම්, ඔවුන්ට අනිවාර්යයෙන්ම චීනය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවනවා . මෙහිදී වඩාත් බුද්ධිමත් තීරණය වන්නේ චීනය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කර තම ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීමයි .
.
  ශානන් ඔනීල්     ( රාජ්‍ය මැදිහත් වීම වැඩිවේ )
ඉදිරියේදී  බොහෝ රටවල්වල  වෙළඳ හා ව්‍යාපරික අංශ වලට මෙන්ම කර්මාන්ත හා  ආයෝජන  අංශයන් කෙරෙහිද රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහල යනු ඇත. එසේම දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයන් තවදුරටත් ශක්තිමත් කිරීමට රටවල් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
ස්වාධීන වූ ස්වයන් පොශීවූ  ආර්ථික රටාවන් පිළිබඳව ජනතාව තුල වඩාත් නැඹුරුවක් හා කැමැත්තක් මතුවනු ඇත. ඒ අනුව රාජ්‍ය නායකයින්ටද එම ජනතා කැමැත්ත අනුව කටයුතු කිරීමට සිදුවනු ඇත.
පුද්ගලික අංශය පවා බොහෝ දුරට රාජ්‍ය අංශයේ පාලනයට යම් පමණකට නතුවේවි
  ශිවශංකර් මෙනන්     – ජනතාව රජය වෙත  වඩාත් සමීප වේ 
.
කොරෝනා වසංගතයෙන් පසුව , රටවල් තුල දේශපාලනය මෙන්ම රටවල් අතර දේශපාලනයද යම් වෙනස්වීමකට ලක්වේවි. මේ වනවිට  ජනතාව යලිත්  තම රජයන්  වෙත වඩාත් සමීප වෙමින් , යොමුවෙමින් තිබෙනවා. ශක්තිමත් ප්‍රජාතත්රවාදී රාජ්‍යයන් බිහිවේවි
මෙම වසංගතය පසුව  රට රටවල් අතර පවතින සබඳතා සම්පූර්ණයෙන්ම   බිඳ වැටීමකට ලක්වනු ඇතැයි සිතන්න බැහැ . එවැනි සබඳතාවන් පැවැත්වීම වැදගත් බව මෙම වසංගතය හරහාද යම් පමණකින් පෙන්වාදෙනවා. නමුත් ඉදිරියේදී බොහෝ රටවල් ස්වාධීන ලෙස නැගී සිටීම පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරාවි.
තමන්ගේ දෛවය තමන්ටම තීරණය කල හැකිවන අකාරයේ පාලන ක්‍රම වෙත යොමු වේවි.  ස්වයං පෝෂිත , රාජ්‍ය සංකල්පයන් වෙත යොමුවේවි. මේ හරහා සුඛෝපභෝගී බැවින් අඩු , තම තමන්ගේ රටවල් ගැන වැඩිපුර සිතන , බෙදා හදා නොගන්නා , එක් එක් රටවල් වශයෙන් වඩාත් වැඩියෙන් වෙන්වුණු , තනිවුනු  හා   දැනට වඩා කුඩා ලොවක් ඉදිරියේදී ගොඩනැගේවි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතයෙන් පසු  මෙසේ වෙන්ව , තනිව ගොදනගුනද , එකට එක්විය යුතු සැබෑ අවස්තාවන් කුමක්ද යන්න පිළිබඳවද යම් අදහසක් ලොව පුරා රටවල් අතර ඉදිරියේදී මතුවනු ඇත  . සාක් කළාපෙය රටවල් මෙම වසංගත අවස්ථාවේ එක්වීමට ගත පියවර එහි මුල් පියවර විය හැකියි.
 ලෝරී ගැරට් –   සැපයුම් ජාලා සීමාවේ 
මෙම වසංගතය මූලධාර්මික වශයෙන්ද ලෝකයේ ආර්ථික හා මූල්‍ය ක්‍රමවේදයන් විශාල වෙනසකට ලක්කරනු ඇත. ලෝක සැපයුම් ජාලයන් හා බෙදාහැරීම් ජාලයන් තුල සිදුවන බරපතල කඩාවැටීම මෙයට ප්‍රධානතම හේතුවක් වනු ඇත.
ගෝලීයකරණයත් සමග ලොව පුරා පැතිර ගිය ව්‍යාපාර ජාලයක් ගොඩනැගුණි . නමුත් මෙම වසංගතයත් සමග එම ව්‍යාපාරික රටාවේ වෙනසක් මතුවනු ඇත.එය ගෝලීය ධනවාදයේ     හැරවුම් ලක්ෂයක් වනු ඇත.
අනාගතයේ ඇති වන බාධාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම ව්‍යාපාරයන් තම සැපයුම් ජාලයන් සීමා කරගැනීමට , හා සමීප කර ගැනීමට  පියවර ගනු ඇත.  අතිරික්තයන් සහිතව  ඔවුන් සැමවිටම ක්‍රියාත්මක වනු ඇත .මේ හරහා මෙම ව්‍යාපාර ජාලයන්හි පැතිරීම අඩුවන අතර ලාභයද අඩුවනු ඇත. නමුත් සමස්ත පද්ධතියම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට සකස්කරගැනීමට ඔවුන් අවධානය යොමු කරනු ඇත.
  රිචර්ඩ් හාස්   – අසාර්ථක රාජ්‍යයන් බිහිවේ
මෙම වසංගතය හරහා ඇතිවන බලපෑම වසර කිහිපයක් පවතිනු ඇති අතර ඉන් සිදුවූ ආර්ථික පසුබෑම්වලින් ගොඩ ඒමට  රාජ්‍යයන්ට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. මෙම නිසා ලොව ප්‍රබලතම රාජ්‍යයන්ට පවා කාලයක් යනතුරුම තම ප්‍රශ්න හා ගැටළු පිළිබඳව අවධානය යොමු කරනවා හැරෙන්නට අනෙක් රටවල ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්තාවක් නොලැබෙනු ඇත.
එසේම මෙම පසුබෑමත් සමග අසාර්ථක රාජ්‍ය බොහොමයක්  ලොව පුරා ඇතිවනු ඇත. එය සමස්ත ලොවටම බලපාන ගැටළුවක් වනු ඇත , නමුත් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වඩා වැඩි අවධානයක් යොමුවනු ඇත.


 මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින්     https://thecolomboexpress.com  වෙබ් අඩවියට  ලියන ලද ලිපියකි.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.