කොරෝනා මාරාන්තිකද ?

                         ලොව පිළිගත්   ‘The Lancet Infectious Diseases’ වෛද්‍ය සඟරාවේ පළ කර තිබුණු නව පර්යේෂණයක දත්ත අනුව, මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 0.66% ක් පමණ මිය යන බව ඇස්තමේන්තු කර තිබේ.

සෘතු ආශ්‍රීත සාමාන්‍ය උණ රෝගයෙන් මිය යන පුද්ගලයින් 0.1% ට වඩා මෙය බෙහෙවින් වැඩි නමුත් පෙර ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩු ය.

නමුත්, කොපමණ රෝගීන් ප්‍රමාණයක් ඇත්දැයි දැන ගන්නා තුරු කොවිඩ් -19 මරණ අනුපාතය නිශ්චිතව කිව නොහැක.

වසංගතයක් තුළ සිදුවන මරණ අනුපාතය ගණනය කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. මන්ද යත්, යම් පුද්ගලයෙකුට රෝගය වැළදී එයින් මියයන කාලය අතර පරතරයක් ඇති බැවිනි.

ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි වර්තමාන ඇස්තමේන්තුවට අනුව වයස 80 ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 10 ගුණයක් වැඩි අතර 40ට අඩු පුද්ගලයන් අතර බෙහෙවින් අවම අගයක් ගනී.

චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින් අතර මරණ අවම වශයෙන් පස් ගුණයකින් වැඩි බවය.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.